header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
ජනපති අපේක්ෂක විවාදයට ආ දිලිත් - මේකම විතරක් ඇති මට ඡන්දෙ දෙන්න
Sep 07, 202408:17 PM
ජනපති අපේක්ෂක විවාදයට ආ දිලිත් - මේකම විතරක් ඇති මට ඡන්දෙ දෙන්න
Mobitel 1278

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ ජනාධිපති අපේක්ෂක විවාදය අද (07) පස්වරුවේ පැවැත්වුණි

සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් අද විවාදයට සහභාගි වන බවට දැනුම් දුන්නත් ඒ සඳහා එක්ව සිටියේ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පමණි.

''රට ගොඩනගන්නේ කෙසේද'' යන මැයෙන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සඳහා මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ සජීවී විවාදයේ පළමු දිනය අද පස්වරු 3.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතව තිබුණි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් අද දිනයේදී විවාදයට සහභාගි වන බවට දැනුම් දී තිබුණි.

විවාදයේ අරමුණ, ජනාධිපති ධුර අපේක්ෂකයින්ට තම අනාගත වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කිරීම සහ ජනතාවට සුදුසු අපේක්ෂකයෙකු තෝරාගැනීම පහසු කිරීමය.

නමුත් විවාදය ආරම්භ කිරීමට නියමිතව තිබු අවස්ථාවේදී ඒ සඳහා සහභාගී වීමට පැමිණ සිටියේ සර්වජන ජනාධිපති ධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පමණි.

කෙසේ වෙතත් අනෙකුත් ජනාධිපති ධුර අපේක්ෂකයින් පැමිණෙන තෙක් ප්‍රමාද කළ විවාදය, සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ සහභාගිත්වයෙන් පමණක් නියමිත වේලාවට මිනිත්තු 40කට පසු, එනම් පස්වරු 3.40ට ආරම්භ විය.

එහිදී අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා පැවසුවේ මෙවැනි විවාදයකට පැමිණිමම තමන්ට ඡන්දය ලබා දීම ප්‍රමාණවත් වන බවයි.

ප්‍රශ්නය - IMF ගිවිසුම ක්‍රියාත්මක වන සන්දර්භයක ඔබ ඒ සඳහා යෝජනා කරන නිෂ්චිත ක්‍රියාමාර්ග තුනක් සඳහන් කරන්න පුළුවන්ද?

පිළිතුර - අපි යෝජනා කරලා තියන්නේ ඉතාම සරලව නවෝත්පාදනයකින් තොරව ඒ කියන්නේ සල්ලි හොයන්නේ නැතිව මේ රට ණය උගුලෙන් ගලවා ගන්නට බැහැ.

2028 ඔය දැනට ලැබී ඇති මොනටෝරියම් එක ඉවර වීමත් සමගම අපිට අවශ්‍ය වෙනවා 2029 ආරම්භයේ සිට ඒ අවුරුද්දට ඩොලර් බිලියන 30කට ආසන්න ප්‍රමාණයක් මේ ණය ප්‍රාග්ධනය සහ පොලිය ගෙවා ගැනීමට.

කිසිම සංවාදයකින් ඒක එළියට එන්නේ නැහැ. ඉතිං අපි වහා උපායමාර්ගයකට ගියේ නැත්නම් ඒ ධනය නිර්මාණය කර ගැනීමට මේ තියන තත්ත්වෙන් ඉතාම පහළට යනවා.

ප්‍රශ්නය - මේ රටේ මහා පරිමාණ දූෂණයයි රාජ්‍ය පාලනයේ දුර්වලතාවයෙයි එක් එක් අංශ සඳහා ඔබ ගන්නා නිෂ්චිත ක්‍රියාමාර්ග මොනවාද?

පිළිතුර - දූෂණය කියන එකත් මම හිතන්නේ දේශපාලනඥයින් අද මෙතෙන්ට එන්නට බැරි තරමටම ඔවුන් දේශපාලන එකමුතුවක් හැටියට මට පේනවා මේ දූෂණය කියන විෂයේදී.

මොවුන් සියලු දෙනාම මට හිතෙන්නේ නිහඬව එකඟවී තිබෙනවා මේ දූෂණය කියන විෂය සම්බන්ධයෙන්.

දැන් අපි මේකටත් සරල විසඳුමක් දීලා තියනවා. ඒ තමයි දූෂණය තුරන් කිරීම කියන විෂයම යටතේ.

අනන්‍ය පුද්ගල හැඳුනුම් අංකය භාවිත කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගනුදෙනු එකම ඩිජිටල් පද්ධතියකට යටත් කිරීමෙන් සියලු පුද්ගල හා ආයතනික ගනුදෙනුවල පාරදෘෂ්‍යභාවය තහවුරු කිරීමට කටයුතු කරනු ඇත. මෙය 2024.12.31 වන දින විට ආරම්භ කර මාස 6කින් සියලු කටයුතු නිමා කරනු ඇත.

ලෝකයේ දූෂණය නැති කරලා නැහැ පනත් වලින්. ලෝකයේ දූෂණය නැති කරලා තියන්නේ අද වෙනකොට නවීන තාක්ෂණය භාවිත කරලා. වියදම් කිරීමේ අවස්ථාවේදී තමයි ඔවුන් ඔය හොරු අල්ලන්නේ.

මෙන්න මේ අනන්‍ය ඩිජිටල් අංකය අපේ අසල්වැසි ඉන්දියාවෙත් මෝදි රජය විසින් හඳුන්වා දුන්නා. අපි යෝජනා කරන්නේ වහාම මේක කරන්න ඕන.

ප්‍රශ්නය - ඇයි දිලිත් ජයවීරට ඡන්දය දිය යුත්තේ ?

මට ඡන්දය දිය යුතු පළවෙනිම කාරණය තමයි මේ වේදිකාවට අනිත් කිසිවෙක් ආපු නැති එක. ප්‍රතිපත්ති ප්‍රකාශ 4ක් තියෙනවා, උපායමාර්ගික වැඩපිවෙළක් තියනවා, උපායමාර්ගික වැඩපිළිවෙළ නියෝජනය කරන පුද්ගලයෙක් ඇවිල්ලා තියෙනවා. ඔහුගේ මූණත් වෙනස්, හැසිරීමත් වෙනස්, කතාබහත් වෙනස්, ඔහුගේ වැඩපිළිවෙළත් වෙනස්, ඔහු කොච්චර වෙනස්ද කිව්වොත් මේ වගේ විවාදයකට එන්න තරම් ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

 හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

 '22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

'22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු