header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීම මාර්ගගත ක්‍රමයට
Sep 04, 202405:28 PM
උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීම මාර්ගගත ක්‍රමයට
Mobitel 1278

උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මෙම නව ක්‍රමවේදය හඳුවාදී ඇත.

මෙම නව මාර්ගගත ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයේ මාර්ගගත සැලසුම හරහා ඔවුන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කරගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය.

ඒ අනුව, අමාත්‍යාංශයට පැමිණ අයදුම් කිරීමේ අවශ්‍යතාව හෝ සත්‍යාපනය කරන ලද ලේඛන ලබාගැනීමට පැමිණීමේ අවශ්‍යතාව ඉවත් කරමින් සත්‍යාපිත සහතික, අයදුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් යවනු ලැබේ.

මේ අතර, කොන්සියුලර් කටයුතු අංශය ලේඛන සත්‍යාපනය කිරීමේ සේවාවන් මහජනතාවට ඵලදායී ලෙස ලබාගත හැකි වනපරිදි එහි විද්‍යුත් ලේඛන සත්‍යාපන පද්ධතිය (e-DAS) දේශීය විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, බ්‍රිතාන්‍ය කවුන්සිලය හා වෙ‍ළෙඳ මණ්ඩල ඇතුළු අනෙකුත් ප්‍රධාන රාජ්‍ය අධිකාරීන් සහ ආයතන සමග ඒකාබද්ධ කරමින් මාර්ගගත ලේඛන සත්‍යාපන සේවා වැඩිදියුණු කිරීමට ද පියවර ගෙන ඇත.

උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල මාර්ගගත සත්‍යාපනය සඳහා පහත ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස "https://mfa.gov.lk/online-consular-services/" හරහා මාර්ගගත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය.

විස්තර ඉදිරිපත් කළ පසු, අයදුම්කරුවන්ට අවශ්‍ය ගෙවීම් කිරීමට සබැඳියක් ලැබෙනු ඇත.

සහතික උත්පාදනය සහ සත්‍යාපනය සඳහා ගාස්තු මෙම සබැඳිය හරහා මාර්ගගතව ගෙවිය යුතුය.

ගනුදෙනුව සම්පූර්ණ කිරීමෙන් පසු, සත්‍යාපනය කරන ලද ලේඛනය (පාරිභෝගික පිටපත) අයදුම්කරු විසින් සපයන ලද විද්‍යුත් ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් එවනු ලැබේ. අවශ්‍ය පරිදි පාරිභෝගික පිටපත අදාළ විදේශ දූත මණ්ඩල වෙත ඉදිරිපත් කළ යුතුය.

අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ දුරකථන අංක වන 0112 33 88 12 / 0112 44 63 02 ඇමතීම මගින් හෝ authentication.consular@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධවීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම් සිදු කළ හැකිය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

"නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්