header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
සර්වජන අපේක්ෂක දිලිත් ගේ උපාය මාර්ගික සැලැස්මේ සම්පූර්ණ විස්තරය
Aug 31, 202411:58 AM
සර්වජන අපේක්ෂක දිලිත් ගේ උපාය මාර්ගික සැලැස්මේ සම්පූර්ණ විස්තරය
Mobitel 1278

*දූෂිතයන්ට දඬුවම් කිරීම
*රණවිරුවන් සුරැකීම
*පාස්කු වින්දිතයන්ට යුක්තිය
*පළමු වාහනයට බදු නිදහස්
*රාජ්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීම
*කුල පීඩා අහෝසි කිරීම
*සමාජ කුමන්ත‍්‍රණ පැරදවීම

සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත කිරීමේ උත්සවය, ව්‍යවසායක සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටලයකදී අද (31) පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදී සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් ඩිජිටල් සන්නස මත දෑත තැබීමෙන් පසු උපායමාර්ගික සැලැස්ම ජනගත කෙරුණි.

ජනතා අදහස් මතින් පණ පෙවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම වන මෙහි තේමාව වන්නේ, "එක්ව නංවන රටක් - සතුට පිරුණු දැයක්" සර්වජන අදිටන් සම්මුතිය ලෙසය.

පිටු 66කින් සමන්විත මෙම උපාය මාර්ගික සැලසුම තුළින් ජාතික පුමුඛතා ලෙස අත්‍යාවශ්‍ය නිවැරදි කිරීම් ක්ෂේත්‍ර අටක් ඔස්සේ ඉදිරිපත් කර ඇත.

එනම්,

  1. දූෂිතයන්ට දඬුවම් කිරීම
  2. රණවිරුවන් සුරැකීම
  3. පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම
  4. ආර්ථික පරාධීනත්වය පිටුදැකීම
  5. ගොවියා කර්මාන්තකරුවා මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය සුරැකීම
  6. රාජ්‍ය යේ ස්වාධීනත්වය තහවුරු කිරීම
  7. කුල පීඩාවන් අහෝසි කිරීම
  8. සමාජය බිඳදමන කුමන්ත්‍රණ පරාජය කිරීම

අභිමානවත් ජාතික අන්‍ය්‍යතාවක් සහිත සමෘද්ධිමත් රටක් බිහිකර ගැනීමට සියලුම ලාංකිකයින් බලගැන්වීම සඳහා වන මෙම උපායමාර්ගික වැඩපිළිවෙල තුළින් සර්වජන බලය ව්‍යවසායකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබේ.

රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය සුහුරු පාලනයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම, විශිෂ්ඨයෝ නමින් අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමුකිරීම, හරිත දිගන්තය මගින් පරිසරය කෙරෙහි අවධානය යොමුකිරීම, බිසෝ කොටුවෙන් ඔබ්බට නමින් තාක්ෂණය නව මාවතකට ගෙන ඒම යන මූලිකාංගවලට ඇතුළත් ය.

එමෙන්ම,

පළමුව තාරුණ්‍ය අභිප්‍රේරණය කරමින් තරුණ ශක්තිය ජාතියේ වර්ධනයට දායක කරගැනීම

සුවපත් මිනිසුන් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණය කිරීම

හිතේ හයිය ලෙසින් සමාජ සුබ සාධනය ගොඩනැංවීම

පන්නරය ලෙසින් කර්මාන්ත විප්ලවයක් ඇතිකිරීම

බලයෙන් බලවත් බලශක්ති ක්ෂේත්‍රයක් ගොඩනැංවීම

ගතට සතුට ලෙසින් ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම එකමුතු ලෙස ජාතික සමගිය වර්ධනය කිරීම

මානව සම්පත් අභිප්‍රේරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ලබාදෙමින් සෑම ලාංකිකයෙකුටම උපතේදීම ඩිජිටල් අනන්‍යතාවක් ලබාදීම

පුරවැසියාගේ ජනජීවිතය උසස් කරලීම සඳහා නවමු වැඩපිළිවෙළක්

සුහුරු පාලනයක් තුළින් රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය ව්‍යවසායකත්ව රාජ්‍යයකට සරිලන ලෙස පරිපාලන පද්ධතියක් ගොඩනැගීම කෙරෙහිද සර්වජන උපාය මාර්ගික සැලසුමෙන් අවධානය යොමුකර තිබේ.

මේ සඳහා දේශපාලන මැදිහත්වීමකින් තොරව කුසලතා මත පදනම් විභාග ක්‍රමයකින් රාජ්‍ය සේවය සවිමත් කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ දත්ත කළමනාකරණ නියෝජිත ආයතනයක් පිහිටුවමින් සියලුම පුරවැසියන් සඳහා සර්වජන බලය ආණ්ඩුව පිහිටුවීමෙන් මාස 3ක් තුළ නීති සම්පාදනය කිරීම.

උපාය මාර්ගික සැලසුමෙහි ආණ්ඩුකරණය සහ පරිපාලන කටයුතු පරිවර්තනීය සහ ධරණීට මාවතක් ඔස්සේ දේශයේ ප්‍රමුඛතාවයක් කරා යොමුකරවන දූෂණයෙන් තොර වැඩපිළිවෙළක් ද හඳුන්වා දී ඇත.

ගුවන, භූමිය, සයුර භාවිත කරමින් භෞතික සම්පත් ප්‍රශස්ත ලෙස ආර්ථික වර්ධනය, තිරසරබව සහ සමාජ යහපැවැත්ම උදෙසා කළමනාකරණය කිරීමද සර්වජන බලය උපාය මාර්ගික සැලසුමෙහි තවත් අරමුණකි.

රන්වැට ලෙසින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද සැලසුම් දියත් කර තිබේ.

එමෙන්ම, සියලු පුරවැසියන් සඳහා සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා ගෝලීය අභියෝගනට මුහුණදෙමින් උපායමාර්ගික ආයෝජන මගින් නිෂ්පාදනය ආර්ථිකයක් බිහිකිරීමත් සර්වජන බලය උපායමාර්ගික සැලසුමෙයි ප්‍රධාන අරමුණක් වී ඇත.

-------------------------------------------------

රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය - ‘සුහුරු පාලනයක්’

  1. කුසලතාවට මුල්තැන
  2. සැමට සම පරිපාලන ඒකක
  3. ඒකාබද්ධ රාජ්‍ය සේවා වේදිකා
  4. යාවත්කාලීන කළ වැටුප්
  5. ඩිජිටල් සහායෙන් සීමා නිර්ණය කිරීම

සුහුරු පාලනය අනිවාර්ය අංගයක් බවට පත්වන උසස් තාක්ෂණික ප‍්‍රවේශයක් සමගින් ව්‍යවසායකත්ව රාජ්‍යයට සහාය වීම සඳහා ශක්තිමත් පරිපාලන පද්ධතියක් ගොඩනැගීම මින් සිදු කෙරේ.

රාජ්‍ය සේවයේ වැටුප් තීරණය කිරීම ජාතික මානව සම්පත් අධිකාරියේ නිර්දේශ අනුව පමණක් සිදු කිරීම.

රාජ්‍ය සේවයට බඳවා ගැනීම දේශපාලන මැදිහත්වීමෙන් තොරව කුසලතා මත පදනම් ව විභාග ක‍්‍රමයකින්
පමණක් සිදුකිරීම.

-------------------------------------------

සමානාත්මතාවය සහ සෞභාග්‍යය මඟින් සතුටු දැයක් නිර්මාණය කිරීම

සතුටු දැයක් සඳහා වූ උපාය මාර්ග

  • පරිපූර්ණ සුබසාධනය: අප විශ්වාස කරන පරිදි රාජ්‍යය විසින් මෙහෙයවන සතුට පාදක වූ උපාය මාර්ගයක් මව්බිමට අවශ්‍ය ව ඇත. උපතේ සිට මරණය දක්වා ගතවෙන ජීවිතය තුළ සතුට නිර්මාණය කිරීම සඳහා පුරවැසියන්ගේ භෞතික සහ ආධ්‍යාත්මික අවශ්‍යතාවන් හඳුනාගෙන ඒවා ඉටුකරලීම සඳහා පදනම සකසන වැඩ පිළිවෙළක් බිහිකරගත යුතු වේ. ඒ සඳහා ලාංකීය මානව සම්පත අභිප්‍රේරරණය කරමින්, භෞතික සම්පත් ඵලදායී ලෙස යෙදවීමෙන් හා මූල්‍යමය සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් මේ අභියෝගය ජයගත හැකි බව අපගේ විශ්වාසයයි.
  • සාධාරණ ලෙස සම්පත් බෙදී යෑම: සියලු ශ‍්‍රී ලාංකිකයින් වෙත ජාතික සම්පත් හා ධනය සාධාරණ ලෙස බෙදී යන අයුරින් සකස් වන සමානාත්මතාවයෙන් යුතු ප‍්‍රවේශයක්. කුටුම්භයක අවම ආදායම රුපියල් 100,000ක් උපයාගත හැකි ආර්ථික පරිසරයක් 2025.12.31 දින වන විට සහතික කිරීම.
  • ඒ සඳහා සැමට අනන්‍ය ඩිජිටල් හඳුනාගැනීමක් සමග සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත අනන්‍ය ඩිජිටල් හඳුනා ගැනීමක් ලබා දෙමින් රාජ්‍ය සේවා සඳහා පහසු ප‍්‍රවේශයක් ඇති කිරීම සහ දත්ත මත පදනම් ව තීරණ ගන්නා පාරදෘශ්‍ය රාජ්‍ය යාන්ත‍්‍රණයක් බිහිකිරීම තුළින් බැංකු පද්ධතිය, සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළ, බදු එකතු කිරීම වැනි රාජ්‍ය සේවාවන් කාර්යක්ෂම කිරීමට ද දූෂණය පිටුදැකීමට ද කටයුතු කරනු ලැබේ. මේ සඳහා වන අනන්‍ය හැඳුනුම් අංකය ලබාදීම 2024 ඔක්තෝබර් 01 දින ආරම්භ කර මාස 06 ක් ඇතුළත් අවසන් කරනු ඇත.
  • ආධ්‍යාත්මික වටිනාකම්: ඓතිහාසිකව ගොඩනැගුණු ලාංකීය ආධ්‍යාත්මික හරය අවශෝෂණය කරගත් නූතන ලෝකය හා පෑහෙන පරපුරක් බිහිකිරීම තුළින් සතුට උදාකර ගත හැකි බව අපගේ විශ්වාසයයි.

-------------------------------------------

සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණය සඳහා වූ උපාය මාර්ගිය සැලැස්මේ බදු සම්බන්ධයෙන් ද විශේෂ වෙනස්කම් රැසක් ඉදිරිපත් කර තිබේ.

සියලු පුරවැසියන් හට සමානාත්මතාවය මත පදනම් වූ මූල්‍ය ස්ථාවරත්වයක් සහ දියුණු ජීවන තත්ත්වයක් සහතික
කරමින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික විභවයන් උපරිම කරන ශක්තිමත්, විනිවිදභාවයෙන් යුත් තිරසර මූල්‍ය කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම ඉන් අපේක්ෂා කෙරේ.

නූතන මූල්‍ය සම්පත් කළමනාකරණය පිළිබඳ දැක්ම - ‘ධනවත්’

  1. කාර්යක්ෂමව බදු අය කිරීමේ ක‍්‍රමවේදයක්
  2. මුල්‍ය ආයතන ශක්තිමත් කිරීම
  3. බදු අය නොවන ආදායම් මාර්ග වැඩිදියුණු කිරීම
  4. මූල්‍ය සේවාවන් සඳහා තාක්ෂණය
  5. බදු අයකිරීමේ ඩිජිටල් වේදිකාවක්

බදු එකතු කිරීම විධිමත් කිරීම, පැහැර හැරීම අවම කිරීම සහ අනුකූලතාව වැඩිදියුණු කිරීම සඳහා බදු අය කිරීමේ පුළුල් ඩිජිටල් ක‍්‍රමයක්.

ඍජු බදු ආදායම 40%ක් ද වක‍්‍ර බදු ආදායම 60%ක් ද වන ලෙස රාජ්‍ය බදු ආදායමේ ව්‍යුහය වෙනස් කරගැනීමට අපේක්ෂා කරයි.

රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයන් සහ කල්බදු ගිවිසුම් හරහා රජය
සතු වත්කම් භාවිතය ප‍්‍රශස්ත කිරීම.

කොළඹ කොටස් වෙළෙඳපොළ වැනි ශ‍්‍රී ලංකා කෘෂි නිෂ්පාදන හුවමාරුව නමින් භාණ්ඩ හුවමාරුවක් (Comodity Exchange) ස්ථාපිත කෙරේ.

විදෙස්ගත ශ‍්‍රමිකයන් ආසන්න වසර තුනේදී රටට එවා ඇති විදේශ විනිමය ප‍්‍රමාණය අනුව දරුවන් පාසලකට ඇතුළත් කිරීමේදී අමතර ලකුණු ලබාදීම වැනි මූල්‍යමය නොවන දිරිගැන්වීම්.

විදේශයන්හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින්ට ඉහළ විනිමය අනුපාත සහ අවම ගනුදෙනු ගාස්තු වැනි විධිමත් ක‍්‍රියාමාර්ග හරහා මුදල් ප්‍රේෂණය කිරීමට දිරි ගැන්වීම.
------------------------------------------

සියලු පුරවැසියන් සඳහා තිරසර වර්ධනයක් සහ සමෘද්ධියක් සහතික කරන ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ උපාය මාර්ගික ආයෝජන මගින් මෙහෙයවනු ලබන ගෝලීය වශයෙන් තරගකාරී, ගතික, අභියෝගයන්ට මුහුණ දිය හැකි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම ද සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණ උපාය මාර්ගිය සැලැස්මේ ඇතුළත් ය.

ආර්ථිකය - ‘පොහොසත්’ලෙස හඳුන්වාදී ඇති එම සැලැස්ම ප්‍රධාන කොටස් 16කින් සමත්විත වෙයි.

  1. නිෂ්පාදන ආර්ථිකය
  2. මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය
  3. සංවර්ධන බැංකුව
  4. දැරිය හැකි පොලියට ණය
  5. Startup ශ‍්‍රී ලංකා ඩිජිටල් ව්‍යවසායකත්ව අරමුදල
  6. ජාතික ණය කළමනාකරණ ආයතනය
  7. ස්වාභාවික සම්පත් කළමනාකරණ අධිකාරිය
  8. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම

නිෂ්පාදන ආර්ථිකය යටතේ කාර්යක්ෂම දේශීය නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමට අවශ්‍ය දැනුම, ප‍්‍රාග්ධනය, තාක්ෂණය ලබාදීමට සහ වෙළෙඳපොළ නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීම
සහතික කෙරේ.

ව්‍යවසායකත්ව ක‍්‍රියාකාරකම් හා මූල්‍ය කළමනාකරණය අධීක්ෂණය සහ සහාය දැක්වීම සඳහා කැප වූ අමාත්‍යාංශයක් පිහිටුවා සම්බන්ධිත සියලු ආයතන ඒ යටතට පත්කිරීම.

නවමු සහ කුඩා ව්‍යාපාර සඳහා අඩු වියදම්, විකල්ප අරමුදල් සැපයීමට බැංකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.

ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට දැරිය හැකි පොලියට ණය සහ අරමුදල් ලබාදීම.

ගෝලීය පුද්ගලික අංශය සමග සහයෝගයෙන් ඩිජිටල් ව්‍යවසායකත්ව අරමුදලක් දියත් කිරීම.

තනි, හවුල්, සමිති, සීමිත සමාගම් හෝ වෙන්චර් කැපිටල් ස්වභාවයේ ව්‍යාපාර ආකෘති බලගන්වමින් සාර්ව ආර්ථික ප‍්‍රසාරණයක් සඳහා සංවර්ධන ණය ලබාදීම.

ආණ්ඩුවට ණය ලබාගත හැකි උපරිම සීමාව ජාතික ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම.

---------------------

සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණය සඳහා වූ උපාය මාර්ගික සැලැස්මේ මානව සම්පත් අභිප්‍රේරණ චක්‍රය කරුණු 14කින් සමන්විත වී තිබේ.

  1. පළමු වාහනය බද්දෙන් නිදහස්
  2. නිවාස සිහිනය සැබෑ කරගැනීම සඳහා අවම වූ ගාස්තු පදනමින් අරමුදල් සම්පාදනය
  3. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම උපතේදීම ඩිජිටල් අනන්‍යතාවක් ලබාදීම
  4. පෝෂණ සහ සෞඛ්‍ය රැකවරණය
  5. ප්‍රාථමික අධ්‍යාපනය
  6. මුල් ළමාවිය උත්ප්‍රේරණය
  7. ව්‍යවසායකත්ව මානසිකත්වය දියුණු කිරීම
  8. ආරම්භක අරමුදල් - ජාතික ව්‍යවසායකත්ව අරමුදල
  9. මධ්‍ය පාසල
  10. පාසලේ දී වෘත්තීය හා ශාස්ත‍්‍රීය අධ්‍යාපනය
  11. තෘතීය අධ්‍යාපනය
  12. ව්‍යවසායකත්ව මානසිකත්වය දියුණු කිරීම
  13. විශ‍්‍රාමික ප‍්‍රතිලාභ, රක්ෂණය, සමාජ සුබසාධනය
  14. රැකියා වෙළෙඳපොළ MPA අවශ්‍යතා සම්පත්

-----------------------

රාජ්‍ය සේවයේ පහසු කරවීම සඳහා සෑම ලාංකිකයෙකුටම උපතේදීම ඩිජිටල් අනන්‍යතාවක් ලබාදීම ඇතුළු පුරවැසියාගේ ජනජීවිතය උසස් කරලීම සඳහා නවමු වැඩපිළිවෙළක්ද සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්මේ අන්තර්ගතයි.

ඊට අදාළ අනන්‍ය හැඳුනුම් අංකය ලබාදීම 2024 ඔක්තෝබර් පළමුවැනිදා ආරම්භ කොට මාස හයක් ඇතුළත් අවසන් කිරීමට නියමිතයි.

තරුණ විරැකියාව වසර 5ක් තුළ 3%ක් දක්වා පහත හෙලමින්, විරැකියාව වසර 10ක් තුළදී සහමුලින්ම දුරුකිරීම සඳහා පුද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට සර්වජන බලය සැලසුම් කර තිබෙනවා.

---------------------

ගොවියා සහ දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කිරීමට තෝරාගත් භාණ්ඩ සඳහා විශේෂ ආනයන බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමටත් යෝජනා කර තිබෙනවා.

ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා රාජ්‍ය මැදිහත් වූ වෙළෙඳපොළ මිල නියාමනයක් ඇති කිරීමද ඊට ඇතුළත්.

ණයබර හේතුවෙන් ව්‍යාපාර කටයුතුවලින් ඉවත්වීමට සිදුවූ සියලු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන ලබාදීමටත්, ඒ හේතුවෙන් රැකියා අහිමිවූවන්ට සහන සැලසීමට'' ණය කපාහැරීම සහ සහන ලබාදීමේ'' ප්‍රායෝගික වැඩපිළිවෙළක් උදෙසා නව පනතක් ගෙනඒමටත් යෝජිතයි.

සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වෙයි...

ජාතික උපාය මාර්ගික සැලැස්ම by poornima on Scribd

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"