header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පූර්ණ විස්තරය
Aug 29, 202405:01 PM
සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පූර්ණ විස්තරය
Mobitel 1278

*රාජ්‍ය සේවා වැටුප් ඉහළට

*මූලික වැටුපත් වැඩි කෙරේ

*මාතෘත්ව නිවාඩු පිරිවැය රජයෙන්

*සියලුම ගුරුවරුන්ට නොමිලේ පොදු ප‍්‍රවාහන පහසුකම්

*පළමු නිවස හෝ ඉඩම මිලදී ගැනීමේදී ලොකු සහනයක්

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙළගැස්ම ප්‍රධාන කොටස් 5ක් යටතේ කරුණු ගොනු කර තිබේ.

ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීය.

සැප්තැම්බර් 04 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව වෙත නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පහතින් දැක්වෙයි.

  1. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම
  2. සෑම පුරවැසියෙකුම බලගැන්වීම
  3. රාජ්‍ය සේවය නංවාලීම
  4. ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම
  5. රාජ්‍ය ආරක්ෂාව

ණය අර්බුදය කළමනාකරණය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ප්‍රකාර රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කරමින් ආදායම්, ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ ණය ආශ්‍රිත ඉලක්ක සපුරාලීම සඳහා දුෂ්කර නමුත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු නොකඩවා සිදු කරන්නෙමු.

කාන්තාවන් සහ ළමුන් සවිබලගැන්වීම...

සෑම ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය කෙරෙන පරිදි දිවා සුරැකුම් මධ්‍යස්ථාන.

සේවා බළකාය තුළ වඩා ඉහළ කාන්තා සහභාගීත්වයක් සඳහා අවශ්‍ය දිරිමත් කරවීම් සිදු කෙරේ.

මාතෘත්ව නිවාඩු පිරිවැය රජය විසින් දරනු ඇත.

සෑම පොලිස් ස්ථානයකම ඇති කාන්තා හා ළමා කාර්යාංශ පැය 24 පුරාම විවෘතව තබනු ඇත.

ක්ෂුද්‍ර ණය ආයතන නියාමනය බලගැන්වෙනු ඇත.

අනවසර ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර වසා දමනු ඇති අතර ඒවාට වගකිව යුත්තන් සම්බන්ධයෙන් දණ්ඩන ක‍්‍රියාමාර්ග කඩිනම් කෙරෙනු ඇත.

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා සහාය වැඩසටහනක්.

සේවක අර්ථසාධක අරමුදල/ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හරහා සනාථ කෙරෙන පරිදි 50% ඉක්මවා කාන්තාවන් සේවා නියුත්ක කෙරෙන තෝරාගත් අංශයන්හි සමාගම් වෙත බදු ප‍්‍රතිලාභ ලබාදෙනු ඇත.

රාජ්‍ය සේවය...

සමස්ත රාජ්‍ය සේවයම ප‍්‍රතිසංවිධානය කිරීම.

රාජ්‍ය සේවයේ සියලුම බඳවා ගැනීම්, පත්කිරීම් සහ අනුයුක්තකිරීම් කුසලතා මත පදනම්ව සිදු කෙරේ.

රාජ්‍ය අංශයේ මාසික ජීවන වියදම් දීමනාව දැනට ලබාදෙන රු. 17,800 සීමාවේ සිට රු. 25,000ක අවමයක් දක්වා ඉහළ නංවනු ඇත.

රජයේ සේවකයන්ගේ මූලික වැටුප ඉහළ නැංවීම

රාජ්‍ය සේවය සඳහා අදාළවන අවම මූලික මාසික වැටුප (දැනට ශ්‍රේණි සඳහා අදාළ අනුපාතයන් මත පදනම්ව) 24%කින් ඉහළ නැංවෙනු ඇත.

රාජ්‍ය සේවයේ අවම දළ වැටුප රු. 57,500ක් වනු ඇත.

2016 සිට බඳවා ගත් සියලුම රජයේ සේවකයින්ට විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග‍්‍රහය අනුව ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප් ලබාදීමට යෝජනා කරමු.

දැනට සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන නිලධාරීන්ට රැකියා වෙ‍‍ළෙඳපොළ තුළ තරඟකාරීව රැකියා අවස්ථා සොයා ගැනීමට හැකියාව ලැබෙන පරිදි සුදුසු වෘත්තීය පුහුණුවීම් ලබා ගැනීමට රජයේ අනුග‍්‍රහය ලබා දෙනු ඇත.

නිවාස හා පොදු පහසුකම්...

අඩු ආදායම්ලාභි සහ මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක‍්‍රම ඉදිකිරීම සඳහා රජය සතු ඉඩම් ලබාදෙනු ඇත.

විවිධාංගීකරණය වූ නිවාස යෝජනා ක‍්‍රමය තුළ ග‍්‍රාමීය, නාගරික, කඳුරට, ආපදාවන්ගෙන් බලපෑමට ලක්වූ පළාත් සහ ධීවර ප‍්‍රජාවන් ප‍්‍රමුඛතාගත කෙරෙනු ඇත.

ඉදිකිරීම අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඇති අධික බදු ඉවත් කර ඉදිකිරීම් වියදම අඩු කෙරේ.

සිය පළමු නිවාස ඒකකය මිලදී ගනු ලබන හෝ නිවාස ඉදිකිරීම සඳහා පළමු ඉඩම් කට්ටිය මිලදී ගනු ලබන කුටුම්භයන් සඳහා අවම පොළියට දිගු කාලීන ගෙවුම් විකල්ප මත විශේෂ නිවාස ණය යෝජනා ක‍්‍රමයක්. (දෙ-පරපුරු ණය -Two Generation Loan)

විදෙස්ගත ශ‍්‍රමිකයන් සහ සේවා නියුක්තිය...

විදෙස්ගත සේවා නියුක්තිකයන් සඳහා වූ නිවාස ඉදිකිරීම් ද්‍රව්‍ය සම්බන්ධයෙන් බදු නිදහස් වැඩසටහනක් රජය විසින් ක‍්‍රියාත්මක කරනු ඇත.

විදේශ ප්‍රේෂණ මත පදනම්ව විදුලි වාහන සඳහා වාහන බලපත‍්‍ර නිකුත් කිරීමට නව ක‍්‍රමවේදයක්.

විදේශගත ශ‍්‍රමිකයින්ට විදේශයන්හි සිට ඡන්දය ප‍්‍රකාශ කිරීමට හැකි වන පරිදි මැතිවරණ නීතිය සංශෝධනය කරනු ලැබේ.

පෞද්ගලික අංශයේ සියලු සේවා නියුක්තිකයන්ට දායකත්ව රක්ෂණාවරණ ක‍්‍රමයක් සහ විශේෂ නිවාස වැඩසටහනක් ක‍්‍රියාවට නංවනු ඇත.

ගෘහ සේවය නියාමනය කිරීම සඳහා නීති පැනවීම.

නීතිය හා සාමය...

පාස්කු ඉරුදින බෝම්බ ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2 (1) (ඇ) වගන්තිය ප‍්‍රකාරව විධිමත් ලෙස බලය පවරන ලද පරීක්ෂණ
කොමිෂන් සභාවක් මාස 3ක් තුළ පිහිටුවනු ඇත.

එම කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පාස්කු ඉරුදින ප‍්‍රහාරය සඳහා වගකිව යුතු අපරාධකරුවන්ට එරෙහිව ත‍්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණයක් මගින් දිනපතා නඩු විභාග කර දඬුවම් ලබා දීම
රජයේ ප‍්‍රමුඛ වගකීමක් ලෙස සළකනු ලැබේ.

දැනට හඳුන්වාදී තිබෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ නව නීතියක් ස්ථාපිත කරනු ඇත.

වෛරී ප‍්‍රකාශ පැතිරීම වැළැක්වීමට අවශ්‍ය නීති යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීමට රජය කැපවී සිටී.

වසර 5ක් ඇතුළත අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය
කෙරෙනු ඇත.

පුරවැසියන් වෙත සෑම වර්ගයකම නඩු සඳහා නීති ආධාර ලබා දීම තහවුරු කෙරේ.

දේශපාලනික හේතු මත ඉල්ලා අස්කරගෙන ඇති අපරාධ නඩු නව රජය බලයට පත්වී මාස 03ක් ඇතුළත නැවත පැවරීමට කටයුතු කරනු ඇත.

ආර්ථික අර්බුදයෙන් අසාධාරණයට ලක්වූ පුද්ගලයන්ට ඉදිරියටත් එම අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ගෙන් වන්දි ලබා ගැනීමට හැකිවන පරිදි අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සහාය ලබා දෙනු ඇත.

අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ තාරුණ්‍යය...

රජය ශ‍්‍රී ලංකාව පුරා සියලුම ගුරුවරුන්ට නොමිලේ පොදු ප‍්‍රවාහන පහසුකම් සපයනු ඇත.

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වැටුප්, විශ‍්‍රාම වැටුප් සහ සේවා ගැටලු විසඳීම සඳහා 2025 ජනවාරි මාසයට පෙර ප‍්‍රතිපත්තිමය තීරණ ගනිමින් ක‍්‍රියාකාරී සැලැස්මක්

සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කිරීම සඳහා මාර්ග සිතියමක්

සම්පූර්ණ විසිතර පහතින් දැක්වෙයි.

Samata Jayak Sajith Manifesto Sinhala by poornima on Scribd

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ