මාරක අනතුරු දෙකක්

මාරක අනතුරු දෙකක්

August 26, 2024   08:58 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (25) සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කලවංචිකුඩි පොලිස් වසමේ කලවංචිකුඩි පලුගාමම් මාර්ගයේ පලුගාමම් කෝවිල අසල පාලම මතදී යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් කලපුවට පෙරළී තිබේ.

එම අවස්ථාවේදී යතුරුපැදියේ පැදිකරු සමග පසු-පැදිකරුවන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් පසු-පැදිකරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 38ක් වූ පෙරියපෝරතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර පුලස්තිපුර පොලිස් වසමේ කුඹුක්කන් ආරුව මාර්ගයේ කරත්තකඩ හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇළකට පෙරළී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 47ක් වූ තල්පොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.