header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
Tiktok තහනමට එරෙහිව අමෙරිකාව සමග සටනක්
Aug 16, 202403:23 PM
Tiktok තහනමට එරෙහිව අමෙරිකාව සමග සටනක්
Mobitel 1278

චීන බයිට්ඩාන්ස් සමාගමේ ජනප්‍රිය වීඩියෝ හුවමාරු යෙදවුම 'ටික්ටොක්' අමෙරිකානු මෙහෙයුම් විකුණා දමන ලෙසත්, මාස 06ක් ඇතුළත එය සිදුනොකළ හොත් අමෙරිකාවේ ටික්ටොක් තහනම් කරන බවටත් කොංග්‍රස් මණ්ඩලය සම්මත කරගත් නීතියට එරෙහිව බයිට්ඩාන්ස් සමාගම ඉදිරිපත් කළ පෙත්සම අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණයේදී විභාග කිරීම දැන් ආරම්භ වී තිබේ.

ඊයේ (15) එම අධිකරණ විභාගයේ පළමු දිනයේදී චීන බයිට්ඩාන්ස් සමාගම ප්‍රකාශ කළේ, එම සිද්ධියේදී අධිකරණ දෙපාර්තමේන්තුව සැබෑ කරුණු විකෘති කිරීමක් සිදුකර ඇති බවය.

අමෙරිකාවේ ටික්ටොක් ග්‍රාහකයන්ගේ දත්ත චීන රජය විසින් ලබාගන්නා බවට අධිකරණ දෙපාර්තමේන්තුවේ නීතිඥයන් සිදුකළ කරුණු දැක්වීම පිළිබඳව ඔවුන් මෙහිදී විශේෂයෙන් සඳහන් කළේය.

චීන රජය අමෙරිකානුවන් දත්ත එක්රැස් කිරීමට මෙන්ම, ඔවුන්ට දැකිය හැකි අන්තර්ගතය (content)වෙනස් කරන බවත්, එය අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් අධිකරණ දෙපාර්තමේන්තුවේ නීතිඥයන් කියා සිටියේය.

එහෙත් ටික්ටොක් යෙදවුමේ අමෙරිකානු මෙහෙයුමේදී ලබාගන්නා දත්ත ගබඩා කර ඇත්තේ අමෙරිකාවේ බවත් එය ඔරකල් සමාගමේ 'ක්ලවුඩ් සර්වර්ස්වල' ගබඩා කෙරෙන බවත් බයිට් ඩාන්ස් සමාගම පෙන්වා දුන්නේය.

එමෙන්ම ටික්ටොක් අන්තර්ගතය පාලනය කෙරෙන්නේ එහි අන්තර්ගත නිර්දේශ යන්ත්‍රය (content Recomendation Engine) මඟින් බව අවිවාදාත්මක කරුණක් බවත් බයිට්ඩාන්ස් සඳහන් කළේය.

මේ නිසා අදාළ නීතිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස බයිට්ඩාන්ස් සමාගම අමෙරිකානු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පසුගිය අප්‍රේල් 24 වැනිදා ජනපති ජෝ බයිඩන් විසින් අත්සන් තැබීමත් සමග නීතියක් බවට පත්වූ අමෙරිකානු ටික්ටොක් තහනම් කිරීමේ කොන්දේසිය ක්‍රියාත්මක වීමට ලබන වසරේ ජනවාරි 19 වැනිදා දක්වා කල් තිබේ.

චීන සමාගම අදාළ කාලය තුළ අමෙරිකානු ටික්ටොක් මෙහෙයුම් විකිණීමට අසමත් වුණොත් තමයි එම තහනම ක්‍රියාත්මක වේ.

මේ අතර හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටික්ටොක් සමාජ මාධ්‍යයට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙන්නේ ඔහු ටික්ටොක් තහනමට සහාය නොදක්වන බවය.

කෙසේ නමුත් තමන්ගේ පළමු ජනාධිපතිධුර කාලසීමාවේදී ඒ කියන්නේ 2020 වසරේදී අමෙරිකාව ටික්ටොක් තහනම් කරන්න මුලින්ම නියෝගයක් නිකුත් කළේ හිටපු ජනපති ට්‍රම්ප් විසිනි.

කෙසේ නමුත් ඒ පියවර අමෙරිකානු අධිකරණය මඟින් වළක්වනු ලැබීය.

මේ අතර ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂිකා කමලා හැරිස් ද සිය ප්‍රචාරක ව්‍යාපාරය සඳහා ටික්ටොක් භාවිත කරමින් සිටින බව වාර්තා වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

"නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

දෙමටගොඩ කළු පාලම යට වෙඩිතැබීමක්.. ඉලක්කය ත්‍රීරෝද රථ රියදුරෙක්

දෙමටගොඩ කළු පාලම යට වෙඩිතැබීමක්.. ඉලක්කය ත්‍රීරෝද රථ රියදුරෙක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වැනි අදියර සාර්ථකව අවසන්...වන්දනාකරුවන් දිවයිනට..

fm දෙරණ දඹදිව වන්දනා 10 වැනි අදියර සාර්ථකව අවසන්...වන්දනාකරුවන් දිවයිනට..

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

 "ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

"ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

 පරණ පත්තර කෑල්ලක් අරන් ඇවිත්නාමල් කියපු කතාව.. "එදා කෙල්ල විදියට හිටියේ..දැන් චුට්ටක් මෙහෙම වුණාට"

පරණ පත්තර කෑල්ලක් අරන් ඇවිත්නාමල් කියපු කතාව.. "එදා කෙල්ල විදියට හිටියේ..දැන් චුට්ටක් මෙහෙම වුණාට"

 දුම්රිය වර්ජනයෙන් කොටුව පාළුවෙයි "මිනිස්සුන්ට හරි කරදරේ...මෙයාලා එළවලා දාන්න ඕනේ"

දුම්රිය වර්ජනයෙන් කොටුව පාළුවෙයි "මිනිස්සුන්ට හරි කරදරේ...මෙයාලා එළවලා දාන්න ඕනේ"

 පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

 "මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

"මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්