header logo
Vallibel FD
විශේෂාංග
තණමල්විලෙන් වාර්තා වූ අහස පොළොව නුහුලන අපරාධය - පාසල් සිසුන් 17ක් අත්අඩංගුවට
Aug 12, 202412:38 PM
තණමල්විලෙන් වාර්තා වූ අහස පොළොව නුහුලන අපරාධය - පාසල් සිසුන් 17ක් අත්අඩංගුවට
Mobitel 1278

තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 ශ්‍රේණියේ පාසල් දැරියක්ව වසරක් තිස්සේ අපයෝජනය කළ පාසල් සිසුන් 17දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කාන්තාවක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

දැරියගේ මව චෝදනා කරන්නේ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළු කළ අවස්ථාවේදී එහි වෛද්‍යවරයෙක් දැරිය බිය වැද්දීම නිසා ඇය සිය දිවි නසාගැනීමටද උත්සාහ කළ බවයි.

තණමල්විල ප්‍රධාන පාසලක 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය එම පාසලේම සිසුවෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබුණි.

පසුව එම සිසුවා , මෙම දැරිය රවටා මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් එහිදී පළමුවරට ඇයව දූෂණය කර ඇති බව පැවසෙයි.

අනතුරුව එම නිවෙසේ සිටි තවත් සිසුන් කිහිප‍දෙනකු මෙම දැරියට බලහත්කාරයෙන් මත්පැන් පොවා අපයෝජනය හා දූෂණය කර එය වීඩියෝගත කර ඇති බව පොලීසිය පවසයි.

එම සැකකාර සිසුන් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වමින් 2023 වසරේ සිට අවස්ථා 7කදී ඇයව සමූහ දූෂණයට ලක් කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

ඒ සඳහා සම්බන්ධ වී ඇති එම පාසලේ සිසුන් ගණන 17කි.

එහි ආසන්නතම සිදුවීම පසුගිය දින සිදුව තිබුණේ කිරිඳි ඔය අසලදී ය.

එහිදී සිසුන් 7 දෙනකු එක්ව මෙම දැරිය ඔය අසලට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර එයද වීඩියෝගත කර තිබුණි.

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවට ද අනාවරණය වී තිබු බව සඳහන් ය.

විදුහල්පතිවරයා ඇතුළු පාසලේ විනය කමිටුව විසින්ද සිසුවිය හා අදාළ සිසුන්ද ගෙන්වා කරුණු විමසා පාසලට කැළලක් වන හෙයින් මෙම සිදුවීම යටපත් කර ඇති බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිවිය.

ඒ , තණමල්විල කලාපයේම ගුරු උපදේශකවරයෙකුගේ පුත්‍රයෙක් ද සැකකරුවන් අතර සිටීම සහ එම සිසුවාගේ මවද පාසැල් ගුරුවරියක් වීම හේතුවෙනි.

තමාට සිදුවූ මෙම අපරාධය සහ හිංසන සම්බන්ධයෙන් දැරිය සිය නිවසේ බිත්තිවල විවිධ චිත්‍ර සටහන් ඇඳ තිබුණි.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කෙරුණි.

ඒ අනුව සිසුවිය පොලිස් ස්ථානයට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් අනාවරණ විය.

මෙම සැකකාර සිසුන් විසින් වෙනත් පාසල්වල ක්‍රීඩා තරගවලට ගිය අවස්ථාවන්වලදී වැසිකිළි තුළ හා ක්‍රීඩා විවේකාගාර තුළදීත්, සිසුන්ගේ නිවෙස් තුළදීත් මත්පැන් පොවා මෙම සිසුවිය අපයෝජනයට හා දූෂණයට ලක් කර තිබෙන බව එහිදී අනාවරණ වී ඇත.

සිද්ධිය යටපත් කළ විදුහල්පතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය සැකකාර සිසුන් 17දෙනෙකු සහ ආධාර අනුබල දුන් කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් අද වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මේ අතර අපයෝජනයට පත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළු කළ අවස්ථාවේ එහි වෛද්‍යවරයෙක් දැරිය තවදුරටත් පීඩාවට පත් කළ බව ඇගේ මව චෝදනා කළාය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියටත් පැමිණිලි කිරීමට දැරියගේ මව පියවර ගෙන ගත්තාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana