පාකිස්තානයේ ආර්ථික පීඩනය දිනෙන් දින ඉහළ යයි
සයුරෙන් එතෙර

පාකිස්තානයේ ආර්ථික පීඩනය දිනෙන් දින ඉහළ යයි

August 3, 2024   11:28 am

පාකිස්තානයේ පාලනය කළ නොහැකි උද්ධමනය මේ වනවිට ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හමුවේ එළවලු, ධාන්‍ය වර්ග ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මධ්‍යම පාන්තික ජනතාවට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

එපමණක් නොව, පාකිස්තානයේ පාරිභෝගික භාණ්ඩවල මිල නිරන්තරයෙන් වෙනස්වීම්වලට දක්වෙන බවද වාර්තා වෙයි.

තක්කාලි කිලෝග්‍රෑමයක් පාකිස්තානය තුළ රුපියල් 120ක් වූ අතර ඊළඟ දිනයේ එය රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබූ බව ජනතාව පවසා ඇත.

විදුලිය හා ආහාර ද්‍රව්‍ය පමණක් නොව, උද්ධමනය හේතුවෙන් නිවාස කුලී, ගෑස් මිල පවා සීග්‍රයෙන් ඉහළ යමින් තිබේ.