header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ශිෂ්‍යත්ව වාරික මුදල් ගිණුම්වලට යොමුකෙරේ
Aug 01, 202403:32 PM
ශිෂ්‍යත්ව වාරික මුදල් ගිණුම්වලට යොමුකෙරේ
Mobitel 1278

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව කෙටි පණිවිඩයක් (SMS) මගින් සියලු ශිෂ්‍යත්වලාභීන්ට දැනුම් දී තිබුණි.

2022/2023 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 3,000ක් සඳහා මසකට රුපියල් 6,000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 17 වැනි වාරිකයද, 2023/2024 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 6,000ක් සඳහා මසකට රුපියල් 6,000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 06 වැනි වාරිකය ද අදාළ ගිණුම්වලට බැර කර තිබේ.

එසේම 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා ඉගෙනුම ලබන සිසුන් 100,000ක් සඳහා මසකට රුපියල් 3,000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 05 වැනි වාරිකය සහ පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන , පිරිවෙන් (සාමාන්‍ය පෙළ)/අපොස සාමාන්‍ය පෙළ විභාග සමත්ව ප්‍රාචීන විභාග සඳහා හෝ අ.පො.ස උසස් පෙළ සඳහා පෙනී සිටින ගිහි පැවිදි සිසුන් 500ක් සඳහා මසකට රුපියල් 6,000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 04 වාරිකය ද අද දිනයේ දී ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කරනු ලැබීය.

තවද පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ ගිහි පැවිදි සිසුන් 3,000ක් සඳහා මසකට රුපියල් 3,000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 04 වාරිකයට අදාළ මුදල්ද ශිෂ්‍යත්වලාභීන්ගේ ගිණුම්වලට අද (01) දින බැර කර ඇත.

සිසුන් ලක්ෂයේ ශිෂ්‍යත්ව වැඩසටහනට සහ පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා දැනට මාසික වාරික මුදල් ගෙවනු ලබන ශිෂ්‍යත්වලාභීන්ට අමතරව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් ලැබ ඇති එහෙත් ජනාධිපති අරමුදල වෙත ප්‍රමාදවී ලැබී ඇති අයදුම් පත්‍ර සම්බන්ධව ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරගෙන යන අතර එම සියලුම ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයේ හිඟ වාරික මුදල් ද සමඟ ශිෂ්‍යත්ව වාරික මුදල් ගෙවීම සිදු කිරීමට නියමිතය.

ඒ අනුව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා දළ වශයෙන් සිසුන් 116,000 කට පමණ රුපියල් මිලියන 5,000කට වඩා වැඩි මුදලක් ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු ජනාධිපති අරමුදල විසින් සිදු කෙරේ.

ශිෂ්‍යත්ව ලක්ෂයේ වැඩසටහන සඳහා පාසල් මට්ටමෙන් සිසුන් තෝරා ගෙන ඇති බැවින් අයදුම් පත්‍ර ප්‍රමාද වීම හෝ බැංකු ගිණුම් සම්බන්ධව පවතින ගැටලු මත මෙතෙක් ශිෂ්‍යත්ව ප්‍රදානයන් ලැබී නොමැති එහෙත් සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා ගෙවීම් කිරීම පිළිබඳ කටයුතු 2024 අගෝස්තු මස තුළ සිදුකරනු ලබන අතර ඒ පිළිබඳ විස්තර ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවේ පළ කිරීමට නියමිතය.

ඒ අනුව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund පිටුව වෙත යොමු වීමෙන් මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

 එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

“22 ව්‍යවස්ථාවට පටහැනි නෑ”පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත හැකියි

“22 ව්‍යවස්ථාවට පටහැනි නෑ”පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත හැකියි

නව මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු පත් කරන්න ජනපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

නව මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු පත් කරන්න ජනපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

වසර 200, 220, 240 සහ 260 බැගින් පාස්කු වැරදිකරුවන් 15දෙනාට සිරදඬුවම්

වසර 200, 220, 240 සහ 260 බැගින් පාස්කු වැරදිකරුවන් 15දෙනාට සිරදඬුවම්

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ | Ada Derana