දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඉහළට
July 11, 2024 09:04 am
ළමුන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඔහු පවසන්නේ එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමුවිය යුතු බවයි.