header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
ඉන්දියානුවන්වත් රවටා රුසියාවට යවලා - මරණ දෙකක් නිසා සියල්ල හෙළිවෙයි
Jun 12, 202411:00 AM
ඉන්දියානුවන්වත් රවටා රුසියාවට යවලා - මරණ දෙකක් නිසා සියල්ල හෙළිවෙයි
Mobitel 1278

රුසියානු හමුදාව මගින් බඳවා ගන්නා ලද ඉන්දියානුවන් දෙදෙනෙක් යුක්‍රේන - රුසියා යුදබිමේදී මියගොස් ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ මිය ගොස් ඇති දෙදෙනාගේ සිරුරු ඉන්දියාවට එවීමට කටයුතු කරන ලෙස රුසියානු බලධාරීන්ට දැනුම්දුන් බවයි.

එසේම රුසියානු හමුදාවට බඳවා ගෙන සිටින ඉන්දීය ජාතිකයින් හැකි ඉක්මණින් නිදහස් කර ඔවුන්ව නැවත බාරදෙන ලෙසද ඉන්දීය බලධාරීන් රුසියාවෙන් ඉල්ලා තිබේ.

ඒ සම්බන්ධයෙන් මොස්කව් බලධාරීන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

විවිධ වංචනිකයින් විසින් ඉන්දීය තරුණයින්ව විශාල වැටුප් ලබාදෙන බවටත් රුසියානු පුරවැසිභාවය දෙන බවටත් රවටා රුසියාවට යවා ඇති බව වාර්තා වෙයි.

ඔවුන්ට රැවටුණු විශාල පිරිසක් මේ වනවිට රුසියාවට ගොස් ඇති බව සඳහන් ය.

පසුගිය මැයි මාසයේදී මිනිස් ජාවාරමට සැකපිට සිව් දෙනෙක් ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. එම පුද්ගලයින් තරුණ ඉන්දියානුවන්ව රුසියාවේ අධ්‍යාපන අවස්ථා සහ රැකියා ලබාදෙන බව පවසා රුසියාවට යවා තිබුණු බව හෙළිවිය.

පසුව ඔවුන්ව බලහත්කාරයෙන් හමුදා සේවයට යොදවා තිබුණි.

මීට පෙරද යුක්‍රේන - රුසියා යුදබිමේදී ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් මියගොස් තිබුණි.

මේ අතර බොරු පොරොන්දුවලට රැවටී රුසියාවට නොයන ලෙස නේපාලය සහ ශ්‍රී ලංකාව ද සිය වැසියන්ට අනතුරු අඟවා තිබේ.

මේ වනවිට දෙරටේම විශාල පිරිසක් යුක්‍රේන - රුසියා සටන්බිමේ සිටින බව වාර්තා වෙයි.

එහිදී නේපාල වැසියන් 20 දෙනෙක් මියගොස් ඇති අතර යුක්‍රේන - රුසියා යුදබිමේදී මියගොස් ඇති බවට වාර්තා වන ශ්‍රී ලාංකිකයින් ගණන 16කි.

එසේම ශ්‍රී ලංකා බලධාරීන් විසින් මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනෙක් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රුසියාවේ අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයින් මුදවා ගැනීමේ අරමුණෙන් ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් මේ මස අගදී රුසියාවේ සංචාරය කිරීමට නියමිතය.

මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මොස්කව් නුවරදී රුසියානු විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමටත් ශ්‍රී ලාංකිකයින් රුසියානු හමුදාවට බඳවා නොගන්නා බවටත් එහිදී සර්ජෙයි ලැව්රොෆ් එකඟ වූ බව මෙරට විදේශ අමාත්‍යංශය නිවේදනය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ