කාසියේ වාසිය පාකිස්තානයට

කාසියේ වාසිය පාකිස්තානයට

June 11, 2024   07:47 pm

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාව සහ පාකිස්තානය අතර තරගය අද (11) පැවැත් වෙයි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තානය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටය. 

තරගය පැවැත්වෙන්නේ නිව්යෝර්ක් හිදී ය.

පාකිස්තාන කණ්ඩායම මේ දක්වා තරග දෙකකට සහභාගී වී දෙකම පරාජයට පත්වී “ඒ“ කාණ්ඩයේ සිව්වන ස්ථානයේ රැඳීසිටින අතර කැනඩා කණ්ඩායම සහභාගී වූ තරග දෙකෙන් එකක් ජයගෙන එම කාණ්ඩයේ තෙවන තැන රැඳී සිටී.