header logo
SLIC
උණුසුම් පුවත්
අසාම් අමීන් ව බීබීසීයෙන් ඉවත් කිරීම ගැන කම්කරු විනිශ්චය සභාව දුන් තීන්දුව
May 01, 202405:23 PM
අසාම් අමීන් ව බීබීසීයෙන් ඉවත් කිරීම ගැන කම්කරු විනිශ්චය සභාව දුන් තීන්දුව
EDEX

බීබීසී පුවත් සේවයේ මෙරට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) ගත් තීරණය ‘අසාධාරණ සහ යුක්ති සහගත නොවන’ බව ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාව තීන්දු කර තිබේ.

අප්‍රේල් 26 වනදා අදාළ නියෝගය ප්‍රකාශයට පත්කරමින් කම්කරු විනිශ්චය සභාව පෙන්වා දුන්නේ බීබීසී පුවත් සේවයේ, විශේෂයෙන් බීබීසී නියෝජිත ඉයන් හැඩෝ විසින් අත්තනෝමතිකව සහ සිය තනතුරේ බලය භාවිත කරමින් ක්‍රියා කර ඇති බවය.

මෙරට ප්‍රකට දේශපාලකයෙකු සහ රංගන ශිල්පියෙකු වන රන්ජන් රාමනායක සමග පැවැත්වූ බව කියන දුරකථන සංවාදයක විකෘති කරන ලද හඬපටයක් ප්‍රසිද්ධියට පත්වීම හමුවේ මාධ්‍යවේදී අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට බීබීසීය ගත් තීරණය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාළව කම්කරු විනිශ්චය සභාව විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කළුතර කම්කරු විනිශ්චයාධිකාර සභාපතිනී අලංකා ඩී ඇන්තනී මහත්මිය පැවසුවේ, මාධ්‍යවේදී අසාම් අමීන් බීබීසී පුවත් සේවයට අනුයුක්තව සේවය කළ පසුගිය වසර දහයක සේවා කාලය තුළ නොකැළැල් සේවා වාර්තාවක් පවත්වා ගනිමින් රාජකාරිය සිදුකර ඇති බවට අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති සාක්ෂිවලින් පෙනී යන බවය.

එමෙන්ම ආයතනය මගින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් හෝ සිදු කිරීමට මාධ්‍යවේදී අසාම් අමීන්ට අවස්ථාවක් ලබා නොදී ඔහුව සේවයෙන් පහ කර ඇති බව පෙනී යන බව කම්කරු විනිශ්චයාධිකාර සභාපතිනිය සිය නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

රන්ජන් රාමනායක සම්බන්ධ සිද්ධිය පිළිබඳ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මාධ්‍යවේදී අසාම් අමීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තර්ක කළේ එම මාධ්‍යවේදියා බීබීසීයේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කිසිදු ප්‍රවෘත්ති ආවරණයක් හෝ වාර්තාකරණයක් සිදු කර නොමැති බවය.

BBC ආයතනයේ නියෝජිත Ian Haddow විසින් අසාම් අමීන්ගේ පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම බලහත්කාරයෙන් BBC ආයතනයට අනුබද්ධ කරන ලද බවත්, BBC ආයතනයේ ඉහළ අධිකාරියට ඒ බව දැනුම්දීමෙන් අනතුරුව එකී Ian Haddow සිය වරද පිළිගෙන, අසාම් අමීන්ගේ සමාජ මාධ්‍ය ගිණුම යළි එහි මුල් තත්ත්වයට හරවන ලද බවට මෙන්ම ඔහු විසින් අසාම් අමීන්ව අසාධාරණ සැලකීමකට ලක්කළ බව සාක්ෂි සහිතව තහවුරු වී ඇති බවටත් කම්කරු විනිශ්චයාධිකාරය සෑහීමට පත්විය.

මාධ්‍යවේදී අසාම් අමීන් වැටුප් සහිතව නැවත සේවයේ පිහිටුවන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් කම්කරු විනිශ්චයාධිකාරයේ සභාපතිනිය නිවේදනය කළේ ඔහු සේවය කළ බීබීසීයේ ‘සිංහල සේවය’ වසා දමා ඇති බැවින් යළි සේවයේ පිහිටුවීම කළ නොහැකි හෝ එය ප්‍රායෝගික නොවන බවය.

කෙසේ වෙතත්, කම්කරු විනිශ්චයාධිකාරයේ සභාපතිනිය නියෝග කළේ 2010 සිට 2020 දක්වා වූ වසර 10 ක කාලයක් වන මාධ්‍යවේදී අසාම් අමීන්ගේ සේවා කාලය සඳහා බීබීසීය විසින් අසාම් අමීන්ගේ සේවය අසාධාරණ ලෙස අවසන් කිරීම වෙනුවෙන් වන්දි ලබා දිය යුතු බවය.

“අසාධාරණ ලෙස සේවා නියුක්තිය අවසන් කිරීම සම්බන්ධයෙන් අයදුම්කරුට වන්දි ලබා දීම සාධාරණ හා යුක්ති සහගත ය. එය වසර 10කට ආසන්න කාලයක් පුරා විහිදෙන ඔහුගේ සේවා කාලයේ සෑම වසරකම එක් මසක වැටුපට දළ වශයෙන් සමාන වන මාස දහයක වැටුප ප්‍රදානය කිරීම ලෙස සිදු කළ යුතුය" යනුවෙන් කම්කරු විනිශ්චය සභාව විසින් තීන්දු කරන ලදී.

අසාම් අමීන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක, නීතිඥ මිගාර ඩොස් සහ හර්ෂණ එම්. ද සිල්වා යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිට තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට