header logo
SLIC
විශේෂාංග
හෙට ඇරඹෙන ඉන්දීය මැතිවරණය ගැන මේ කරුණු දැන සිටියාද ?
Apr 18, 202403:15 PM
හෙට ඇරඹෙන ඉන්දීය මැතිවරණය ගැන මේ කරුණු දැන සිටියාද ?
EDEX

ලොව වැඩිම ඡන්ද දායකයින් සහිත රට වන ඉන්දියාවේ මහ මැතිවරණය හෙට (19) ඇරඹෙයි.

ලෝක් සභාව සඳහා නියෝජිතයින් මෙම මැතිවරණයෙන් තෝරාගන්නා අතර වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝදි ද තවත් 5 වසරක් සඳහා බලය ඉල්ලයි.

ඔහු ජනවරම පතන්නේ තෙවැනි වරට ය.

තමිල්නාඩුව ඇතුළු ප්‍රාන්ත 7ක මැතිවරණය හෙට ආරම්භ වන අතර ඉන්දියාව පුරා ඡන්ද විමසීම ජුනි 01 වනදා දක්වා පැවැත්වෙයි.

දින ගණන 44කි.

සමහර ප්‍රාන්ත වල ඡන්දය එක් දිනක් පමණක් පැවැත්වෙන අතර ඉන්දියාවේ ජනගහනය අධික ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හි සහ බිහාර්, බටහිර බෙන්ගාල වැනි ප්‍රාන්තවල මැතිවරණය සතියක් පුරා පැවැත්වෙයි.

මැතිවරණ ප්‍රතිඵල ජූනි 4 වනදා වනවිට ප්‍රකාශයට පත්කිරීමට හැකිවෙතැයි අනුමාන කෙරේ.

බිලියන 1.42ක් වන ඉන්දීය ජනගහනයෙන් මිලියන 969ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

එම ප්‍රමාණය උතුරු ඇමෙරිකාවේ සහ යුරෝපීය සංගමයේ ජනගහනය එක්කළ විට ලැබෙන අගයට වඩා වැඩි බව සී එන් එන් පුවත් සේවය වාර්තා කරයි.

එසේම එම ඡන්ද දායකයින් ගණන ලෝක ජනගහනයෙන් 12%කි.

2019 පැවති මැතිවරණයට වඩා කාන්තාවන් මිලියන 40ක් මෙවර මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති බව සඳහන් ය.

එසේම පළමුවර ඡන්දය ප්‍රකාශ කරන පිරිස මිලියන 18කි. ඡන්ද දායකයින්ගෙන් 218,000ක් වයස අවුරුදු 100ට වැඩි අය වීම විශේෂත්වයකි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර මිලියන 5.5ක් භාවිතයට ගැනෙන අතර නිලධාරීන් සහ ආරක්ෂකයින් මිලියන 15ක් මැතිවරණ කටයුතු සඳහා යෙදවෙයි.

ලෝක් සභාව සඳහා නියෝජිතයින් 543ක් ඡන්ද මගින්ද අනෙක් දෙදෙනා ජනපති විසින්ද පත් කරයි.

වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගන්නා පක්ෂයට අගමැතිවරයාව නම්කිරීමේ බලය හිමිවෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට