මහා හඬ පෞරුෂය සදහටම නිහඬ වෙයි

මහා හඬ පෞරුෂය සදහටම නිහඬ වෙයි

March 13, 2024   02:31 pm

ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට අශෝක තිලකරත්න මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

ඒ මහතා මෙරට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ පෙරගමන්කරු ලෙස සැළකෙන රිජ්වේ තිලකරත්න මහතාගේ එකම සොහොයුරාය.