header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
පැතුම් ඉටු කළ පැතුම්ගේ පිත්තෙන් වාර්තා රැසක්
Feb 15, 202411:55 AM
පැතුම් ඉටු කළ පැතුම්ගේ පිත්තෙන් වාර්තා රැසක්
Mobitel 1278

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (14) අවසන් වූයේ, ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් (Whitewash) අත් කර දෙමිනි.

වසර ගණනාවක පසුබෑමකට පසු ශ්‍රී ලංකාව ලබා ගත් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින්ට මහත් වූ අස්වැසිල්ලක් වූ බව නොරහසකි.

කෙසේ වෙතත් මෙම එක්දින තරගාවලිය තුළ වඩාත් කතාබහට ලක් වූයේ, පැතුම් නිස්සංකගේ විශිෂ්ට පිතිකරණය යි.

නිස්සංකට අමතර ව සෙසු පිතිකරුවන්ගේ කුසලතා ද ඉතා විශිෂ්ට මට්ටමක පැවති බව හඳුනාගත හැකි ය.

කෙසේ වෙතත් නිමා වූ තරගාවලිය තුළ වාර්තා කිහිපයක් ද අලුත් වූ අතර, ඒ අතර පැතුම් නිස්සංක තැබූ වාර්තා කිහිපයක් ම හඳුනාගත හැකි ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු සහ එක ම ක්‍රීඩකයා බවට පත් වීමට පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයේ දී පැතුම් නිස්සංකට හැකි විය.

මෙම දස්කම දැක්වූ ලොව පස් වැනියා වන්නේ ද පැතුම් නිස්සංක වන අතර, ලෝකයට ම ඇත්තේ, එක්දින ද්විත්ව ශතක 12ක් පමණි.

එසේම 2000 වසරේ ඔක්තෝබර් මාසයේ සාජා ක්‍රීඩාංගණයේ දී ලකුණු 189ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමීමට ද පැතුම් නිස්සංක සමත් විය.

ඔහු අතින් බිඳ වැටුණේ, සනත් ජයසූරිය නමින් වසර 23ක් සුරැකි ව තිබුණු ශ්‍රී ලංකා වාර්තාවකි.

පැතුම් සිය ඉනිමේ දී නො දැවී ලකුණු 210ක් වාර්තා කළ අතර, ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 136ක් පමණි.

එය ලොව තෙවැනි වේගවත්ම එක්දින ද්විත්ව ශතකය ලෙසට ද වාර්තා අතරට එක් විය.

එහි පළමු සහ දෙවැනි ස්ථානවල පසු වන්නේ, ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලේස් මැක්ස්වෙල් සහ ඉන්දීය ක්‍රීඩක ඉෂන් කිෂන් ය.

මේ අතර, පැතුම්ගේ ඉනිම තුළ තවත් ශ්‍රී ලංකා වාර්තාවක් ද අලුත් විය.

එනම් 04 සහ 06 පහරවලින් ශ්‍රී ලාංකේය ක්‍රීඩකයකු රැස් කළ වැඩිම ලකුණු ගණනේ වාර්තාව යි.

පැතුම් නිස්සංක මෙම ඉනිමේ දී හතරේ පහර 20ක් සහ හයේ පහර 08ක් සමඟින් ලකුණු 128ක් රැස් කළේ ය.

මීට පෙර එම වාර්තාව තබා තිබුණේ, සනත් ජයසූරිය සහ තිසර පෙරේරා ලකුණු 110 බැගින් ලබාගෙන ය.

මෙම ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 381ක් රැස් කළ අතර, එය ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ඉනිමක දී රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව වේ.

එසේම ශ්‍රී ලංකාව ලෝකයේ දී රැස් කළ ඉහළම 04 වැනි ලකුණු සංඛ්‍යාව ද මෙය යි.

මේ අතර, ඊයේ අවසන් වූ තුන් වැනි එක්දින තරගයේ දී ද ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංකට හැකි විය.

ඒ සමඟ ලකුණු 2,000 සීමා ඉක්මවා ගිය වේගවත්ම ශ්‍රී ලාංකේය ක්‍රීඩකයා බවට පත් වීමට පැතුම් නිස්සංක සමත් විය.

ඒ සඳහා ඔහු වැය කර තිබුණේ, ඉනිම් 52කි.

මේ අතර, තරග 03කින් සමන්විත එක්දින තරගාවලියක දී ලාංකික පිතිකරුවකු රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ ශ්‍රී ලංකා වාර්තාව ද තමාගේ නමට ලියා ගැනීමට පැතුම් නිස්සංකට ඊයේ හැකි විය.

ඔහු තරග 03 දී ලකුණු 346ක් වාර්තා කළේ ය.

එසේම එය ලෝකයේ 04 වැනි ඉහළම ලකුණු ගණන ද වේ.

එහි පළමු ස්ථානය ඉන්දීය ක්‍රීඩක ශුබ්මන් ගිල්ට හිමි වී ඇති අතර, ඔහු තරග 03කින් සමන්විත තරගාවලියක දී ලකුණු 360ක් රැස් කර තිබිණි.

දෙවැනි සහ තෙවැනි ස්ථානවල පිළිවෙළින් පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම් සහ සිම්බාබ්වේ ක්‍රීඩක ඉම්රුල් කයිස් පසු වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල