header logo
SLIC
විශේෂාංග
සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය සහ - හමාස් අතර එකඟතාවක්
Nov 21, 202302:32 PM
සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය සහ - හමාස් අතර එකඟතාවක්
EDEX

ඊශ්‍රායලය සමග සටන් විරාම එකඟතාවකට එළඹීමට ආසන්න බව පලස්තීන හමාස් සන්නද්ධ සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ පවසයි.

ඒ සම්බන්ධයෙන් තම ප්‍රතිචාරය සාකච්ඡාවල මැදිහත්කරුවන කටාරය වෙත යවා ඇති බව හමාස් නායකයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එම නිවේදනයේ පිටපතක් තමන්ට ද ලැබුණු බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේය.

එම නිවේදනයේ සටන් නැවැත්වීමේ එකඟතාව ඇතිවන ආකාරය පිළිබඳව විස්තර සඳහන් කර නොමැත.

කෙසේ නමුත් හමාස් ප්‍රකාශකයෙකු අල් ජසීරා ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ සටන් නැවැත්වීමේ කාලසීමාව, ගාසා තීරයට සහනාධාර සැපයීම සහ ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින පලස්තීනුවන් නිදහස් කිරීමට හිලව් ලෙස හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යන කරුණු පිළිබඳව සාකච්ඡා කේන්ද්‍රගත වී ඇති බවයි.

හමාස් ප්‍රකාශකයා සඳහන් කළ පරිදි දෙපාර්ශ්වය විසින්ම කාන්තාවන් සහ ළමයින් මුලින් නිදහස් කරනු ඇති බවත් එය සිදුවන ආකාරය කටාර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

අන්තර් ජාතික රතුකුරුස කමිටුවේ සභාපතිනිය වන මිරානා ස්පල්ජර්ක්, කටාර් රාජ්‍යයේදී ඊයේ (20) හමාස් නායක ඉස්මයිල් හනියේ හමුවී ඇති අතර ඊශ්‍රායල - හමාස් ගැටුමට සම්බන්ධ වැදගත් මානුෂීය කරුණු සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කර තිබුණි.

ඇය කටාර් බලධාරීන් සමග ද වෙනම සාකච්ඡාවක් පැවැත්වු බව ජාත්‍යන්තර රතුකුරුස කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

තමන් ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ සාකච්ඡාවල පාර්ශවකරුවෙකු නොවුවත් දෙපාර්ශ්වය විසින් ඉදිරියේදී එකඟවන ආකාරයකට ඒ සඳහා පහසුකම් සැලසිය හැකි බව එමගින් ඇය කියා සිටියාය.

මේ අතර ප්‍රාණඇපකරුවන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි බැවින් අත්අඩංගුවේ පසුවන හමාස් සන්නද්ධ සාමාජිකයන්ට මරණ දඬුවම පැනවීම තබා ඒ පිළිබඳ කතාකිරීමෙන් පවා වළකින ලෙස ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන්ගේ එරට රජයේ ඉල්ලීමක් කර ඇති බව සඳහන් ය.

මරණ දඬුවම ඊශ්‍රායල නීති පොතට ඇතුළත් වුවත් එය ක්‍රියාත්මක නොවන තරම්ය.

සිය අත්අඩංගුවට පත් හමාස් සාමාජිකයන්ට මරණ දඬුවම පැනවිය යුතු බව යෝජනා කළේ ඊශ්‍රායල රජයේ අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන් - ගවියර් විසිනි.

ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායල මාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් ලබාදීම ගැන ප්‍රාණඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් නොසතුට පළකළේ එම ප්‍රකාශය හේතුවෙන් ඊශ්‍රායලය තුළ මරණ දඬුවම ගැන විවාදයක් ද පැන නැගීම හේතුවෙනි.

ඔවුන් පවසන්නේ ප්‍රාණඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින තම ඥාතීන්, හමාස් සංවිධානය විසින් ඝාතනය කිරීමේ අවදානම අවසන් වී නොමැති බවයි.

හමාස් සංවිධානයට තර්ජනය කිරිමෙන් ඔවුන් තම ඥාතීන් ඝාතනය කිරීමට පෙළඹුණහොත් ඊට වගකිව යුත්තේ ඊශ්‍රායල රජය බව සිය සොහොයුරිය ප්‍රාණ ඇපකාරියක බවට පත් වූ අයෙකු ඊශ්‍රායල රජයට පවසා තිබේ.

එමෙන්ම රජයක් වශයෙන් ඊශ්‍රායලය ජීවිතයක් ලබාගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු අතර පළිගැනීම ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු කරුණක් නොවන බව තම ඥාතීන් තුන්දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටින ඊශ්‍රායල කාන්තාවක් පැවසුවාය.

මේ අතර හමාස් සංවිධානය සමග සටන් නැවැත්වීමේ යම් එකඟත්වයකට පැමණීම සඳහා ඊශ්‍රායලය වෙතින් සුබවාදී ප්‍රතිචාරයක් පළ වී ඇති බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.

එය බොහෝ දුරට දින 05ක සටන් විරාමයක් විය හැකි බව දැක්වෙයි.

ගාසා තීරයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් කාන්තාවන් සහ ළමුන් නිදහස් කිරීමට හිලව් වශයෙන් ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් නිදහස් කිරීම ට එකඟ වීමට ඉඩ ඇති බව එම මාධ්‍ය සඳහන් කළේය.

සටන් නැවැත්වීමක් සඳහා ඊශ්‍රායල රජය සහ එහි යුද කැබිනට්ටුව අනුමැතිය ලබාදුන් බවක් ප්‍රකාශයට පත් වී නැතත් ඊශ්‍රායල මාධ්‍ය පවසන්නේ ඒ සඳහා ඊශ්‍රායල රජය කොළ එළියක් දල්වා ඇති බවයි.

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය සටන් නැවැත්වීමක් සඳහා එකඟවීමට ආසන්න බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපතිවරයා සහ කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අලි-තානි ද ප්‍රකාශ කර තිබුණේ එවැනි එකඟතාවකට කඩිනමින් එළඹීමට හැකිවනු ඇති බවයි.

ධවල මන්දිරයේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ජොන් ෆයිනර් සඳහන් කළේ මේ ආකාරයේ සංවේදී සාකච්ඡාවක ප්‍රතිඵල අවසන් මොහොත වනතුරු ප්‍රකාශ කළ නොහැකි බවයි.

මේ අතර ගාසා තීරයේ පලස්තීනුවන්ට මානුෂීය ආධාර සැපයීමට ඊශ්‍රායලයේ ගාසා පිවිසුම විවෘත කිරීම ඇතුළු පියවර සඳහා ඊශ්‍රායල රජය දිරිගන්වන්නැයි ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් සභිකයන් පිරිසක් ප්‍රකාශ කර තිබේ.

හමාස් සංවිධානය විසින් එල්ල කරන තර්ජන මුලිනුපුටා දැමීම සහ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම ඉලක්කයක් දෙකක් නොවිය යුතු ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ සන්නද්ධ ගැටුම්වලදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම අවශ්‍ය වන බවත් ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයන් සිය ලිපිය මගින් අවධාරණය කරයි.

හමාස් සංවිධානය විසින් පසුගිය මස මුලදී දකුණුදිග ඊශ්‍රායලයට කඩාවැදී 1200ක පමණ පිරිසක් ඝාතනය කර 240කට ආසන්න පිරිසක් ප්‍රාණඇපකරුවන් ලෙස පැහැරගැනීමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 13,300කට අධික ය.

ඉන් 5,600කට ආසන්න පිරිසක් ළමුන් ය.

https://youtu.be/27NQgNL8Mrc
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට