header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
ගාසා තීරයේ රෝහල්, මෘත ශරීරාගාර බවට පත් වන ලකුණු
Oct 13, 202303:32 PM
ගාසා තීරයේ රෝහල්, මෘත ශරීරාගාර බවට පත් වන ලකුණු
Mobitel 1278

පලස්තීන ගාසා තීරයේ උතුරු දිග ගාසා නගරය කේන්ද්‍රකොට සිටින මිලියන 1.1ක් පමණ ජනතාවට පැය 24ක් තුළ ඉවත් වන ලෙස ඊශ්‍රායලය විසින් දැනුම් දී තිබේ.

ඒ, වසර 75ක ඊශ්‍රායල - පලස්තීන ගැටුම්වල දරුණුතම බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගාසා තීරයේ ගොබඩිම් ප්‍රහාරයකට ඊශ්‍රායල හමුදා සූදානම් වන අවස්ථාවක දී.

වර්ග කිලෝමීටර 365ක් වූ ගාසා තීරයේ මිලියන 2.3ක් පමණ පලස්තීනුවන් වෙසෙන අතර, 2007 වසරේ හමාස් පාලනයට යටත් වීමෙන් පසු වසර 16ක් තිස්සේ ඊශ්‍රායලය විසින් සම්බාධක ක්‍රියාත්මක කරනු ලැබේ.

ගාසා තීරයේ හමාස් ඉලක්ක 750කට ඊයේ (12) රාත්‍රියේත් බෝම්බ හෙළන ලද බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.

ගාසා තීරයේ උතුරු දිග ප්‍රදේශවලින් අතිවිශාල ජනකායක් කඩිනමින් ඉවත් කිරීම අතිශය දුෂ්කර වන අතර, එම පියවර මඟින් ඉතා විනාශකාරී ප්‍රතිඵල අත්විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

ඊශ්‍රායලය පවසා ඇත්තේ, හමාස් සංවිධානයේ මිනිස් පළිහක් නොවී උතුරු දිග ගාසාවෙන් ඉවත්වන ලෙසයි.

එහෙත් එය ඊශ්‍රායල හමුදාවේ ප්‍රකාශයක් බැවින් ඊට එකඟ නොවන ලෙස හමාස් සංවිධානය පලස්තීන සිවිල් වැසියන්ට පවසා ඇත.

මේ වනවිට පලස්තීන ගාසා තීරයේ බෙහෙවින් අවදානම් තත්ත්වයක් පවතින අතර, ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය පලස්තීනුවන් සංඛ්‍යාව 1537ක් ලෙස සටහන් වේ.

ඊට ළමුන් 500ක් පමණ සහ කාන්තාවන් 276 දෙනෙකු ඇතුළත් වන බව සඳහන්ය.

තුවාල ලැබූ සංඛ්‍යාව 6612කි.

පසුගිය සති අන්තයේ හමාස් සංවිධානය එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් මිය ගිය ඊශ්‍රායල ජාතිකයන් සංඛ්‍යාව 1300ක් බව වාර්තා වේ.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සඳහන් කළේ, ගාසා තීරයේ රෝහල්වල හදිසි කටයුතු සඳහා අවශ්‍ය විදුලි ජනන යන්ත්‍ර ඉදිරි පැය කිහිපය තුළ අක්‍රිය වනු ඇති බවයි.

එහි දී ගාසා තීරයේ රෝහල් මෘත ශරීරාගාර බවට පත්වනු ඇති බවට ජාත්‍යන්තර සහන සංවිධාන අනතුරු අඟවයි.

එක්සත් ජාතීන් ගේ ලෝක ආහාර වැඩසටහන සඳහන් කරන පරිදි ගාසා තීරයේ ආහාර සහ පානීය ජලය ද අවදානම් මට්ටමින් අවසන් වෙමින් පවතී.

මෙහි සිවිල් වැසියන් දරුණු ඛේදවාචකයකට මුහුණ දී සිටින බවත් ගැටුම් අවසන් කොට සිවිල් වැසියන් මුහුණ දෙන පීඩාවන් අවම කරන ලෙස ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සියලු පාර්ශ්වයන් ගෙන් ඉල්ලා තිබේ.

හමාස් සංවිධානයේ සාමාජිකයන් ගාසා තීරයේ උමං පද්ධතිය ඔස්සේ සැඟවී සිටින බව ඊශ්‍රායලය පවසයි.

මේ අතර, ගාසා තීරයේ දැවැන්ත විනාශය හේතුවෙන් එල්ල වන ලෝක ජනතා අපවාදය අවම කරලීමේ අරමුණෙන් ඊශ්‍රායලය හමාස් ප්‍රහාරයේ CCTV දර්ශන මාධ්‍යය වෙත නිකුත් කර තිබේ.

විශේෂයෙන් දරුණු ඊශ්‍රායලයේ ගාසා සීමා ආසන්නයේ කාන්තාර බිමක පැවැත්වූ සංගීත සාදයක් අතරතුර හමාස් ප්‍රහාරයට අදාළ දර්ශන මෙහි දී විශේෂයෙන් මුදාහැර ඇත.

මිය ගිය සිවිල් ඊශ්‍රායල වැසියන් සහ ළමයින් ගේ දර්ශන ද ඒ අතර වේ.

ඊයේ ඊශ්‍රායලයේ 'ටෙල් අවීව්' නුවර වෙත පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කළේ, උණ්ඩවලින් සිදුරු වූ ළදරු සිරුරු, ගෙල කපා දමන ලද සොල්දාදුවන් සහ පණපිටින් පිළිස්සූ ඊශ්‍රායල යෞවනයන් ගේ සිරුරුවල ඡායාරූප සහ වීඩියෝපට තමා දුටු බවයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් හමාස් ප්‍රහාරයේ බිහිසුණුකම කිසි ලෙසකින් කිසිවකුට සිතාගත නොහැකි ආකාරයේ එකක් බව සඳහන් කර ඇත.

එමෙන්ම අමෙරිකාව සෑම විටම ඊශ්‍රායලය වෙනුවෙන් ඔවුන් පිටුපසින් සිටින බව ද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අවධාරණය කරයි.

එමෙන්ම අමෙරිකාව ඊශ්‍රායලයට සිය අසීමිත සහාය පළ කිරීමේ දී කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අද ජෝර්දානයේ අම්මාන් නුවර දී අබ්දුල්ලා රජු මුණගැහෙන අතර, පලස්තීන අධිකාරියේ ප්‍රධානී මහමුද් අබ්බාස් ද මුණ ගැසීමට නියමිතයි.

හමාස් සංවිධානයට පසමිතුරු පලස්තීන අධිකාරිය බටහිර ඉවුරේ පාලනය සිදු කරනු ලැබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මැදපෙරදිග සිය අමෙරිකානු හිතවත් රටවල් වන කටාරයේ, සෞදි අරාබියේ, ඊජිප්තුවේ සහ හමාස් සංවිධානය කෙරෙහි යම් බලපෑමක් ඇති කළ හැකි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද සංචාරක කිරීමට නියමිත ව ඇති බව සඳහන්ය.

මේ අතර, ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරයේ සූදානම පිළිබඳ සලකුණක් ලෙසින් ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් ප්‍රකාශ කළේ ‘මේ යුද්ධය සඳහා කාලය' බවයි.

තවත් කිව යුතු වැදගත් කාරණයක් ලෙස, හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින ඊශ්‍රායල ජාතිකයන් සහ අනෙකුත් විදේශිකයන් මුදාහරින තුරු ගාසා තීරයේ සිදු කරන මෙහෙයුම් කිසි ලෙසකින් හෝ ලිහිල් නොකරන බවට ඊශ්‍රායලය අවධාරණයෙන් ප්‍රකාශ කිරීම හඳුනාගත හැකිය.

මානුෂීයත්වයට මානූෂීයත්වය මිස අන් කිසිදු ආකාරයක සහනයක් බලාපොරොත්තු නොවන ලෙස ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම තමන්ට කිසිවකු ආචාර්ය ධර්ම උගන්වා නොමැති බව ඊශ්‍රායල බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

එහෙත් ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ජනතාවට අන් කිසිවක් නැතත් ආශ්වාස වාතය ලබා ගැනීම ද ගැටලුවක් බව සහන සංවිධාන පෙන්වා දෙයි.

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ද අද ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණෙන අතර, ඊශ්‍රායල රජයේ සහ හමුදාවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද හමුවීමට නියමිත ව ඇත.

අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ආරක්ෂක ඇමති යොවාව් ගැලන්ට් සහ ඊශ්‍රායල යුද කැබිනට්ටුව ද මුණගැසෙන ඔහු එහි දී ඊශ්‍රායල යුද ක්‍රමෝපාය පිළිබඳ සාකච්ඡා කරනු ඇත.

මේ අතර, තවත් මහා පරිමාණ මැදපෙරදිග යුද්ධයක නිමිති පහළ කරමින්, අමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල ප්‍රබල සහායක් ලබන ඊශ්‍රායලය, සිරියාවේ ප්‍රධාන ගුවන්තොටුපොළ වෙත ඊයේ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

දමස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ උතුරු දිග ඇලෙප්පෝ ගුවන්තොටුපොළ වෙත එල්ල කළ මෙම ප්‍රහාරවලින් ඒවායේ ගුවන් ධාවන පථවලට විශාල හානියක් සිදු ව ඇති බව වාර්තා වේ.

මේ නිසා ගුවන්තොටුපොළ දෙකම අක්‍රිය වී ඇති බව සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව වන ‘සානා' ප්‍රවෘත්ති ඒකකය සඳහන් කර ඇත.

එය ඊශ්‍රායල හමාස් සංවිධානය සමඟ සිදු කරන යුද්ධයේ ලෝක අවධානය වෙනතකට යොමු කිරීමේ උත්සාහයක් ලෙස සිරියාව හඳුන්වයි.

සිරියාවේ ඉරානයට සම්බන්ධ ඉලක්ක වෙත ප්‍රහාරයක් දියත් කළ බව පැවසුව ද ගුවන්තොටුපොළ ඉලක්ක කරගත් බවත් ඊශ්‍රායලය පිළිගෙන නැති බව සඳහන්ය.

2011 වසරේ සිරියානු සිවිල් යුද්ධය ඇරඹි දා පටන් සිරියාවේ බෂාර් අල් අසාද් රජයට ඉරානයේ සහාය හිමි වේ.

ඊශ්‍රායල සිරියානු ගුවන්තොටුපොළ වෙත ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ, ඉරාන විදේශ අමාත්‍යවරයා එහි පැමිණීමට දිනකට පෙරය.

රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ, ඊශ්‍රායලය සිරියානු ගුවන්තොටුපොළ වෙත ඊයේ එල්ල කළ ප්‍රහාරය එරට ස්වෛරීත්වය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.

මේ අතර, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සහ ලෙබනනයේ සිදු කරන හමුදා මෙහෙයුම් සඳහා දිගු කාලීන ව විනාශකාරී ප්‍රතිඵල අත්කරදෙන ‘සුදු ෆොස්පරස්‘ රසායනික යොදාගන්නා බවට හියුමන් රයිට්ස් වොච් ආයතනය චෝදනා කර ඇත.

එමඟින් සිවිල් වැසියන්ට බරපතළ සහ දිගු කාලීන අවදානමක් ඇති වන බව හියුමන් රයිට්ස් වොච් ආයතනය පෙන්වා දෙයි.

මෙම චෝදනා සනාථ කිරීම සඳහා ඊශ්‍රායලය විසින් පසුගිය 11 වැනි දා 'ගාසා සිටි' ගුවන්තොටුපොළට එල්ල කළ කාලතුවක්කු ප්‍රහාරයක දී අලෝක ධාරා විහිදුවමින් සුදු පොස්පරස් දැවෙන වීඩියෝ පටයක් ද එමඟින් ඉදිරිපත් කර තිබේ.

මේ අතර, හමාස් සංවිධානය විසින් පසුගිය සතිඅත්නයේ ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සඳහා තම රටේ නිපදවන ලද අවි ආයුධ භාවිත කළ බවට එල්ල වන චෝදනා උතුරු කොරියාව ප්‍රතික්ෂේප කරයි.

එය මැදපෙරදිග වර්තමාන ගැටුම් සඳහා තමන් වෙත එල්ල වන දෝෂාරෝපණය වෙනත් තුන් වැනි රටක් වෙත යොමු කිරීමේ උත්සාහයක් ලෙස උතුරු කොරියාව හඳුන්වයි.

හමාස් සංවිධානය විසින් උතුරු කොරියාවේ නිෂ්පාදිත f-7 වර්ගයේ රොකට් ප්‍රොපල් ග්‍රේනේඩ් යොදාගත් බවට ඇතැම් යුද විශේෂඥයන් අදහස් දක්වා තිබිණි.

ගාසා තීරය පිළිබඳ සියල්ලන්ගේ අවධානය යොමුවෙද්දී ඊශ්‍රායලයේ පලස්තීනුවන් සඳහා ඉතිරි ව ඇති අනෙක් බිම් ප්‍රදේශය වන බටහිර ඉවුරේ ද ඊට සමගාමී ව ගැටුම් පවතින බව වාර්තා වේ.

එහි දී පලස්තීනුවන් ගේ මළගමකට ඊශ්‍රායල හමුදා වෙඩි තැබීමෙන් පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් ද වාර්තා වෙයි.

ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරන පරිදි පසුගිය සෙනසුරාදා සිට ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් බටහිර ඉවුරේ පලස්තීනුවන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගේ රජය යටතේ බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස පුළුල් කෙරුණු අතර, යුදෙව් පදිංචිකරුවන් අතින් ප්‍රහාරවලට ලක්වන පලස්තීනුවන් පිළිබඳ නිරන්තරයෙන් වාර්තා වේ.

විශේෂයෙන් බටහිර ඉවුරේ පලස්තීනුවන් ද ප්‍රකෝප කරමින් ගැටුමට කැඳවා එහි සැලකිය යුතු ප්‍රදේශයක් හෝ සමස්ත බටහිර ඉවුරම ඊශ්‍රායල සිතියමට ඈඳා ගැනීමේ උත්සාහයක් පැවතිය මැකි බව විචාරකයෝ පෙන්වා දෙති.

අනෙක් අතින් ගාසා තීරයෙන් පලස්තීනුවන් පිටමං කොට ඊජිප්තුවට නැවත පවරා දුන් සිනාසි කාන්තාරයේ සරණාගත කඳවුරුවලට යොමුකර ගාසා තීරය ද තම රටේ සිතියමට එක්කර ගැනීමට ඊශ්‍රායලය කටයුතු කළහොත් එය පුදුමයක් නොවන බව ද ඔවුහූ පවසති.

ඔවුන් ගේ අදහස වී ඇත්තේ, මේ හේතුව නිසාම ඊජිප්තුව ගාසා තීරයේ පලස්තීනුවන්ට තම රටට සරණාගතයන් ලෙස ඇතුළු වීමට ඉඩ නොදෙන බවයි.

කෙසේ නමුත් ගාසා තීරයේ තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත් එවැනි තත්ත්වයක් ද අපේක්ෂා කළ හැකි බව සඳහන්ය.

මේ අතර, පසුගිය කාලය තුළ සරණාගතයන් ලෙස යුරෝපයට ගිය දස දහස් සංඛ්‍යාත මුස්ලිම්වරුන් මැදපෙරදිග වර්තමාන ගැටුම්කාරී වාතාවරණයට ඍජුවම ප්‍රතිචාර දක්වමින් සිටින බව වාර්තා වේ.

විශේෂයෙන් මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවලින් යුරෝපයට ගිය සංක්‍රමණිකයන් ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය පළකරමින් විරෝධතා රැළි කිහිපයක්ම සංවිධාන කරනු ලැබීය.

නූතන ඉතිහාසයේ මැදපෙරදිග යුදෙව් රාජ්‍යයක් බිහි කළ යුතු බවට මුලින්ම යෝජනා කළේ, ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයා විසිනි.

එසේම ප්‍රංශය ද අද අමෙරිකානු - ඊශ්‍රායල සන්ධානයේ ප්‍රබල සහායකයෙකි.

මේ නිසා ප්‍රංශය තුළ පලස්තීන සහයෝගීතා රැළි තහනම් කිරීමට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පියවර ගෙන ඇත.

ඊශ්‍රායල - හමාස් අරගලය ප්‍රංශයට රැගෙන නොආ යුතු බව ඔහු අවධාරණය කර තිබේ.

එහෙත් ප්‍රංශයේ වෙසෙන මැදපෙරදිග ඉස්ලාමීය සම්භවයක් සහිත ජනයා එම තහනම නොතකා පැරිස් නුවර විරෝධතා රැළි සංවිධාන කර තිබූ බව වාර්තා වේ.

එම කුඩා රැළි මහා පරිමාණ විරෝධතාවක් ලෙස එක්වීම වැළැක්වීම සඳහා ප්‍රංශ පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

මේ අතර, යුද තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින සිය වැසියන් ඉවත් කර ගැනීම සඳහා රටවල් රැසක් විශේෂ ගුවන් සේවා ක්‍රියාත්මක කරනු ලැබීය.

අමෙරිකා එක්සත් ජනපදය සහ ජපානය ද අද මෙවැනි විශේෂ ගුවන් ගමන් සංවිධාන කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාව විසින් ඊශ්‍රායලයේ සිටින තම පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා 'ඔපරේෂන් අජේ' ක්‍රියාත්මක කරන බව ද විදෙස් මාධ්‍යය වාර්තා කර තිබිණි.

මේ අතර, ඊශ්‍රායල - හමාස් ගැටුම් තවදුරටත් වර්ධනය වීමේ අවදානම හේතුවෙන් දකුණු ලෙබනනයේ සිටින පලස්තීන සරණාගතයන් ඇතුළු ජනතාව බේරූට් අගනුවර දෙසට සංක්‍රමණය වන බව වාර්තා වේ.

ඊශ්‍රායල හමාස් ගැටුම්වලට සමගාමී ව ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර, රොකට් වෙඩි හුවමාරුවක් සිදුවීම ඊට හේතුවයි.

විශේෂයෙන් දකුණු බෙලනනයේ ඊශ්‍රායල දේශසීමාව ආසන්න ගම්මානයේ ජනතාව මෙලෙස ඉවත් වන බව වාර්තා වේ.

ලෙබනනයේ සිටින තම වැසියන්ට ආරක්ෂිත ප්‍රදේශ කරා යන ලෙස තුර්කිය විසින් ද දැනුම්දීමක් කර තිබේ.

මේ අතර, පලස්තීන ජනතාවට සහාය පළකරමින් ඉරානය, ඉරාකය ඇතුළු රටවල් රැසක විරෝධතා පැන නැඟී තිබෙන බව වාර්තා වේ.

හමාස් සංවිධානය ප්‍රකාශ කළේ, පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් තමන් රඳවාගෙන සිටි විදේශිකයන් ඇතුළු ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

එමෙන්ම ගාසා තීරයේ පලස්තීනුවන් 400,000ක් දැන් අවතැන් වී සිටින අතර, ඔවුන්ට සහාය සැලසීමට ඩොලර් මිලියන 300ක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"