
මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කර හිස හා අත් පා නොමැති සිරුර සියඹලාපේ ප්‍රදේශයේ වැවක දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය වෙත භාරවී තිබේ.
ව්‍යාපාරිකයෙකු වන එම සැකකරු සිය නීතිඥයින් මාර්ගයෙන් සපුගස්කන්ද පොලීසියට භාරවී ඇත.
මෙහිදී ඝාතනයේ ප්‍රධාන සැකකරුට සහාය වූ බවට පැවසෙන අයෙකුද අද (02) පොලීසියට භාරවී තිබුණි.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු සියඔලාපෙ දකුණ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකි.
කපුමහතෙකු වන සිද්ධියේ දෙවන සැකකරු 48 හැවිරිදි වියේ පසුවන අතර ඔහුද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ ඝාතනය කරන ලද කාන්තාවගේ සිරුරේ කොටස් කපාදැමීම සඳහා එම සැකකරු ප්‍රධාන සැකකරු වෙත සහාය වී ඇති බවටය.
මේ අතර සැකකරුවන් පොලීසිය වෙත භාරවන අවස්ථාවේ කාන්තා මළ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් රථයද පොලීසිය වෙත රැගෙනවිත් ඇත.
සැකකරුවන්ගෙන් සපුගස්කන්ද පොලීසිය මේ වනවිට වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටී.

















































