header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
ආසියානු කුසලානයේ ඉතිහාසය
Sep 17, 202309:42 AM
ආසියානු කුසලානයේ ඉතිහාසය
Mobitel 1278

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිත ව තිබේ.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා රටවල් 06ක් සහභාගී වූ අතර, ඉන් ඇෆ්ගනිස්තානයට හා නේපාලයට මූලික වටයෙන්ම ඉවත් වන්නට සිදු විය.

ඒ අනුව ප්‍රබල සිවු දෙනාගේ වටය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය සුදුසුකම් ලැබීය.

සිවු දෙනාගේ වටයේ දී එක් කණ්ඩායමකට තරග 03ක් ක්‍රීඩා කිරීමට සිදු වූ අතර, ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවට ද අපරාජිත ව අවසාන මහා තරගයට පැමිණීමට නොහැකි විය.

සිවු දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හා පාකිස්තානය පරාජය කළ අතර, ඉන්දියාව හමුවේ තියුණු තරගයකින් පසු පරාජයට පත් විය.

එසේම සිවු දෙනාගේ වටයේ දී ඉන්දියාව තරග 02ක් සහ බංග්ලාදේශය එක් තරග‍යක් ජය ගැනීමට සමත් විය.

ඉන්දියාව බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වූයේ, අපරාජිත ව අවසාන මහා තරගයට පිවිසීමේ ගෞරවය නොලබමිනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩ ව දෙවැනි වතාවටත් ආසියානු කුසලාන අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

ආසියානු කුසලාන ඉතිහාසය පිරික්සීමේ දී එහි වැඩි ගෞරව හිමි ව ඇත්තේ, ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට වීම විශේෂත්වයකි.

1984 දී පළමු වතාවට පැවැත්වූ ආසියානු කුසලානය සමඟ මේ දක්වා ආසියානු කුසලාන තරගාවලි 16ක් පවත්වා තිබේ.

ඉන් ඉන්දියාව හත් වතාවක් ශූරයන් බවට පත් ව ඇති අතර, ශ්‍රී ලංකාව සය වතාවක් ආසියානු ශූරයන් බවට පත් ව ඇත.

පාකිස්තානයට ආසියානු කුසලානයක පහස විඳ ගැනීමට හැකි ව ඇත්තේ, අවස්ථා ද්විත්වයක දී පමණි.

ඒ හැරුණු කොට වෙනත් කිසිදු ආසියානු රටකට ආසියානු කුසලානය සිය මව්බිමට රැගෙන යාමේ භාග්‍යය උදා වී නැත.

බංග්ලාදේශය පමණක් අවසාන මහා තරගාවලිය සඳහා අවස්ථා තුනක දී සුදුසුකම් ලැබුව ද ඔවුහූ ඒ සෑම තරගයක් ම පරාජයට පත් වූහ.

සමස්ත ආසියානු කුසලාන තරගාවලිවල වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාව තවමත් නොබිඳී පවතින්නේ, මාස්ටර් බ්ලාස්ටර් හෙවත් සනත් ජයසූරියගේ නම ඉදිරියෙනි.

ඒ, ලකුණු 1,220ක් සමඟිනි.

වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව ද ශ්‍රී ලංකාව ඉදිරියේ ලියා තබමින් කිං ඔෆ් ද ස්පින් හෙවත් මුත්තයියා මුරලිදරන් කඩුලු 30ක් දවාගෙන ඇත.

ආසියානු කුසලාන අවසාන මහා තරග ඉතිහාසය

1984 පැවති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ, ඉන්දියාව විසිනි. අනුශූරතාව දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. තරගාවලිය පැවැත්වුණේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය. මෙහි අවසාන මහා තරගයක් නොපැවැත්වී ඇති අතර, රවුන්ඩ් රොබින් ආකෘතිය යටතේ ඉන්දියාව ශූරතාව දිනාගෙන තිබේ. ඒ සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවා ඇත්තේ, සුනිල් ගවස්කාර් විසින් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේ, දුලිප් මෙන්ඩිස්ය.

1986 පැවති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ, ශ්‍රී ලංකාව විසිනි. අනුශූරතාව පාකිස්තානය විසින් දිනා ගත් අතර, තරගාවලිය පැවැත්වුණේ, ශ්‍රී ලංකාවේය. අවසාන මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ දුලිප් මෙන්ඩිස් වන අතර, පාකිස්තාන කණ්ඩායම මෙහෙයවූයේ, ඉම්රාන් ඛාන් විසිනි. කොළඹ එස්.එස්.සී පිටියේ පැවති අවසාන මහා තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 05කින් ජයග්‍රහණය කළේය.

1988 දී ආසියානු කුසලානය දිලිප් වෙන්සර්කාර් විසින් ඉන්දියාවට රැගෙන යන ලදි. බංග්ලාදේශයේ පැවති තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේ, ශ්‍රී ලංකාවයි. නායකයා වූයේ, අර්ජුන රණතුංගයි. ඩකාහි බන්ගබන්දු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගය කඩුලු 06කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

1990-91 ආසියානු කුසලානය පැවැත්වුණේ ඉන්දියාවේ දී ය. එහි ද ශූරතාව දිනා ගනු ලැබුවේ ඉන්දීය කණ්ඩායම වන අතර, නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරයන් බවට පත් විය. ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවූයේ, මොහොමඩ් අසාරුදීන් විසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ, කැප්ටන් කූල් හෙවත් අර්ජුන රණතුංග විසිනි. කොල්කටාහී ඊඩ්න් ගාඩ්න් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගය ඉන්දියාව දිනා ගනු ලැබුවේ, ශ්‍රී ලංකාව කඩුලු 07කින් පරාජයට පත් කරමිනි.

පිට පිට තෙවැනි වතාවටත් ආසියානු ක්‍රිකට් ශූරයන් බවට පත් වූ ඉන්දියාව, 1995 ද කුසලානය සිය මව් රටට රැගෙන ගියේය. තරගාවලිය පැවැත්වුණේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේය. ඉන්දීය කණ්ඩායම නැවතත් මොහොමඩ් අසාරුදීන් හා ශ්‍රී ලංකා කණ්ඩායම ද නැවතත් අර්ජුන රණතුංග විසින් මෙහයවනු ලැබීය. සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගය, ඉන්දියාව කඩුලු 08කින් ජයග්‍රහණය කරන ලදි.

1997 දී ශ්‍රී ලංකාවේ පැවති ආසියානු කුසලානය ශ්‍රී ලංකාව විසින් දිනා ගත්තේ, ඉන්දියාවට පිට පිට සිවු වැනි වතාවටත් ආසියානු කුසලානයක පහස ලබා ගැනීමේ වරම අහිමි කරමිනි. ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ අර්ජුන රණතුංග විසිනි. ඉන්දීය කණ්ඩායමේ නායකයා වූයේ, ලිට්ල් මාස්ටර් හෙවත් සචින් ටෙන්ඩුල්කාර්ය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 08කින් ජය ගන්නා ලදි.

2000 වසරේ දී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණේ, බංග්ලාදේශයේ දී ය. එහි ශූරතාව පාකිස්තානය විසින් දිනා ගත්තේ, මොයින් ඛාන්ගේ නායකත්වයෙනි. ඒ, පාකිස්තානය දිනා ගත් පළමු ආසියානු කුසලානයයි. ශ්‍රී ලංකා කණ්ඩායම සනත් ජයසූරිය විසින් මෙහෙයවීය. පාකිස්තානය ලකුණු 39කින් අවසාන මහා තරගය ජය ගත් අතර, තරග පැවැත්වුණේ, බන්ගබන්දු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ය.

2004 ආසියානු කුසලාන තරගාලිය ශ්‍රී ලංකාව විසින් දිනා ගත් අතර, අනුශූරතාව දිනා ගත්තේ, ඉන්දියාවයි. ශ්‍රී ලංකාවේ පැවැත්වුණු තරගාවලියේ ජයග්‍රාහී නායකයා වූයේ, මාවන් අතපත්තුය. ඉන්දීය කණ්ඩායමේ වගකීම පැවරුණේ, සවුරව් ගංගුලිටය. ශ්‍රී ලංකාව විසින් ලකුණු 25කින් ඉන්දියාව අනුශූරයන් බවට පත් කළ එම තරගය පැවැත්වුණේ, කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ය.

2008 දී පාකිස්තානයේ පැවැත්වුණු ආසියානු කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයට යළිත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සුදුසුකම් ලැබීය. මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර, අනුශූර ඉන්දීය කණ්ඩායම මෙහයවූයේ, මහේන්ද්‍ර සිං දෝනි විසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරාජය කළේ ලකුණු 100කිනි. කරච්චි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසාන මහා තරගය පැවැත්විණි.

2010 පැවති ආසියානු කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ තරගාවලියේ ශූරයන් බවට පත් වූයේ ඉන්දියාවයි. නායකත්වයේ වගකීම් පැවරුණේ, මහේන්ද්‍ර සිං දෝනිට සහ කුමාර් සංගක්කාරටයි. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගයෙන් ඉන්දියාව ලකුණු 81ක ජයක් ලැබීය.

2012 ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තේ, මිෂ්බා උල් හක්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායමයි. ප්‍රථම වරට ආසියානු කුසලානයක අවසාන මහා තරගයක් සඳහා ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව හැර වෙනත් රටක් සුදුකම් ලැබුවේ එවර වීම විශේෂත්වයකි. පාකිස්තානයට ප්‍රබල තරගයක් දුන් අනුශූර බංග්ලාදේශය අවසන් පන්දුවාරය තෙක් ඇදී ගිය තියුණු තරගයෙන් ලකුණු 02ක පරාජයක් ලැබීය. සත්කාරකත්වය දැරුවේ ද බංග්ලාදේශයයි. බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වූයේ, මුෂ්ෆිකූර් රහීම්ය.

2014 වසරේ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය දිනා ගත්හ. බංග්ලාදේශයේ ෂරේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගයෙන් පාකිස්තානය පරදවා කඩුලු 05ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය. අනුශූරතාව සඳහා පාකිස්තාන කණ්ඩායමේ වගකීම සියතට ගත්තේ, මිෂ්බා උල් හක්ය.

2016 ආසියානු කුසලානය වසර හයකට පසු නැවත භාරතයට රැගෙන යාමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට හැකි විය. එම අවසාන මහා තරගය ද පැවැත්වුණේ බංග්ලාදේශයේ ශරේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය. ඉන්දීය කණ්ඩායම සමඟ අවසාන මහා තරගයට ක්‍රීඩා කරමින් අනුශූරතාව දිනා ගත්තේ, මෂ්රාෆි මොර්තාසාගේ නායකත්වයෙන් යුතු බංග්ලාදේශ කණ්ඩායමයි. බංග්ලාදේශ කණ්ඩායම අවසාන මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ කඩුලු 08කින් පරාජයට පත් විය. මෙම තරගාවලිය පැවැත්වුණේ 20-20 තරගාවලියක් ලෙසය.

2018 පැවති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව නැවතත් ඉන්දීය කණ්ඩායම දිනා ගත්තේ, අවසාන මහා තරගයේ දී පසුගිය වසරේ ද අනුශූරයන් වූ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත් කරමිනි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තරගාවලිය පැවැත්විණි. ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවද්දී බංග්ලාදේශය මෙහයවූයේ මෂ්රාෆි මොර්තාසා විසිනි. අවසාන මහා තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

අවසන් වරට 2022 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ ශූරයන් බවට පත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ප්‍රබල පසුබෑමක පසු වූ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව ප්‍රාණයක් එක් කරමින් කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින්ගේ මුවඟට සිනාවක් එක් කළේ, 2022 ආසියානු කුසලාන ශුරතාවයි. පසුබෑමට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම කරට ගනිමින් කුසලානය දක්වා ශ්‍රී ලංකාව රැගෙන ගියේ නායක දසුන් ශානක විසිනි. ශ්‍රී ලංකාව සමඟ අවසාන මහා තරගයට ක්‍රීඩා කළේ බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායමයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යය සත්කාරකත්වය දැරූ තරගාවලියේ අවසාන මහා තරගය පැවැත්වුණේ, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය. අනුශූරයන් බවට පත් වූ පාකිස්තානය ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලකුණු 23කින් පරාජයට පත් විය. මෙම තරගාවලිය ද පැවැත්වුණේ, 20-20 තරගාවලියක් ලෙසය.

අද කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙන අවසාන මහා තරගයෙන් දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරයන් වනු ඇතැයි දෙකෝටි විසි ලක්ෂයක් වූ ශ්‍රී ලාකිකයෝ බලාපොරොත්තු දෑසෙහි දල්වාගෙන මහත් ආයාසයකින් බලා සිටිති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට