header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
වැග්නර් නායකයාගේ මරණය, පුටින්ගේ පිළිතුර සහ අමෙරිකාවේ චෝදනා
Aug 25, 202302:17 PM
වැග්නර් නායකයාගේ මරණය, පුටින්ගේ පිළිතුර සහ අමෙරිකාවේ චෝදනා
Mobitel 1278

දශක තුනකට වැඩි කාලයක් තමාගේ සමීපතම සගයකු වූ වැග්නර් සන්නද්ධ බළකායේ ප්‍රධානී යෙව්ගනි ප්‍රිගෝෂින්ගේ අනපේක්ෂිත හදිසි මරණය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඊයේ (24) අදහස් දක්වා තිබිණි.

ඒ, ගුවන් අනතුරකින් ප්‍රිගෝෂින් මියයාම රැසියානු රජයේ අනුදැනුමෙන් සිදුවූ කුමන්ත්‍රණයක් බවට බටහිරින් චෝදනා එල්ල වන මොහොතකදීය.

පසුගිය ජුනි මාසයේ දී වැග්නර් බළකාය ක්‍රියාත්මක කළ අසම්පූර්ණ කැරැල්ල ඊට හේතු ලෙස ඔවුහූ දක්වති.

කෙසේ නමුත් ඒ සියල්ල සාක්ෂියකින් තොර ප්‍රකාශ බව විචාරකයන්ගේ මතය වී ඇත.

ප්‍රිගෝෂින්ගේ පෞද්ගලික ජෙට්යානය තවත් පුද්ගලයන් 09 දෙනෙකු සමඟ විනාශයට පත් කළ ගුවන් අනතුරට හේතුව ගොඩබිම සිට එල්ල කළ මිසයිලයක් බවට ඊයේ මතයක් පළ විය.

එහෙත් අමෙරිකානු බුද්ධි අංශ විසින් මූලික දත්ත විශ්ලේෂණයකින් අනතුරුව ප්‍රකාශ කර ඇත්තේ, එය ගොඩබිම සිට ගුවනට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් සිදුවූ බවට තොරතුරු නොමැති බවයි.

කෙසේ නමුත් අමෙරිකාව සිද්ධිය සම්බන්ධයෙන් ජනපති පුටින්ට ඍජුවම චෝදනා කරයි.

ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කරන්නේ, සිදුවූයේ කුමක් ද යන්න පැහැදිලි නැතත් රුසියාව තුළ පුටින්ගේ අනුදැනුමකින් තොරව මෙවැන්නක් සිදුවිය නොහැකි බවයි.

මොස්කව් නුවර සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා ගමන් ගනිද්දී හදිසියේම පහළට ඇදවැටී අනතුරට ලක් වූ බ්‍රසීලයේ නිෂ්පාදිත එම්බ්‍රෙයර් වර්ගයේ මෙම ජෙට්යානා මාදිලිය, පසුගිය විසි වසර තුළ මුහුණ දී ඇත්තේ, එක් අනතුරකට වන අතර, එය ද කාර්මික දෝෂයක් නිසා ඇතිවූ අනතුරක් නොවන බව වාර්තා වී තිබේ.

රුසියානු බලධාරීන් ප්‍රිගෝෂින්ගේ යානයේ අනතුර පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා පළපුරුදු ගුවන් පරීක්ෂකයකු වන ඉවාන් සිබුල් පත්කර ඇත.

ප්‍රංශයේ ටෝටල් එනර්ජීස් බලශක්ති සමාගමේ ප්‍රධානියාට මරු කැඳවූ 2014 ගුවන් අනතුර ඇතුළු ප්‍රකට ගුවන් අනතුරු සම්බන්ධයෙන් ඔහු පරීක්ෂණ පවත්වා තිබේ.

යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි සඳහන් කළේ, ප්‍රිගෝෂින්ගේ මරණය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

ප්‍රිගෝෂින්ගේ මරණය සම්බන්ධයෙන් රුසියානු ජනපති පුටින් අදහස් පළ කළේ, සිද්ධියෙන් පැය 24කටත් පසුවය.

එහි දී ඔහු ප්‍රිගෝෂින් දැවැන්ත කුසලතාවකින් යුක්ත වූ පුද්ගලයකු ලෙස හැඳින්වූ අතර, ජීවිතයේ බරපතළ අත්වැරදීම් සිදුකර ඇති බව ද කියා සිටියේය.

කෙසේ නමුත් යුක්‍රේනයේ නාසිවාදීන්ට එරෙහි අරගලයේ දී ප්‍රිගෝෂින් විශාල දායකත්වයක් ලබා දී ඇති බව ද පුටින් සඳහන් කළේය.

මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේ දී මාධ්‍යවේදීන් ඇමතූ ජනපති පුටින් ප්‍රකාශ කළේ, තමා 1990 දශකය මුල භාගයේ සිට ප්‍රිගෝෂින් හඳුනාගෙන සිටි බවයි.

රුසියාවේ සහ අප්‍රිකාවේ තෙල්, ගෑස්, වටිනා ලෝහ සහ මැණික් වෙළෙඳාම සම්බන්ධ සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස ද ජනපති පුටින් ඔහු ව හඳුන්වා ඇත.

එමෙන්ම ඔහු අප්‍රිකාවේ සිට ඉතා මෑතක දී නැවත රුසියාවට පැමිණි බවත් ඇතැම් රුසියානු බලධාරීන් හමු වී සාකච්ඡා කළ බවත් ජනපති පුටින් හෙළිදරව් කරයි.

ප්‍රිගෝෂින් ඇතුළු ජෙට්යානා අනතුරකින් මියගිය පුද්ගලයන්ගේ පවුල් වෙත ශෝකය පළ කළ රුසියානු ජනාධිපති පුටින්, ජෙට් අනතුර පිළිබඳ පුළුල් සහ පරිපූර්ණ පරීක්ෂණයක් පවත්වන බවට ද ප්‍රතිඥාවක් ලබාදෙන ලදි.

වැග්නර් කැරැල්ලට පසු මාස 02ක් පමණ නිහඬ ව සිටි ප්‍රිගෝෂින් මේ සතිය මුල දී ප්‍රථම වරට අප්‍රිකාවේ සිට රූගත කළ වීඩියෝ පටයක් නිකුත් කර තිබිණි.

ඉන් දින දෙකකට පසුව ඔහුට මරු කැඳවූ ගුවන් අනතුර වාර්තා විය.

ප්‍රිගෝෂින් සහ වැග්නර් බළකාය අප්‍රිකාවේ සහ මැදපෙරදිග සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිඵලය කුමක් වුවත් ඔහුගේ මරණයෙන් ශෝකයට පත් අප්‍රිකානුවන් වැග්නර් නායකයා සැමරීමට එක්වූ බව වාර්තා වෙයි.

මේ අතර, රොයිටර් පුවත් සේවය සඳහන් කළේ, ප්‍රිගෝෂින්ට මරු කැඳවූ ගුවන් අනතුරට දිනකට පෙර රුසියානු රජයේ නියෝජිතයකු ලිබියාවට ගොස් වැග්නර් සටන්කාමීන්ගේ සේවය තවදුරටත් ලබාදෙන බවට සහතික වී ඇති බවයි.

එහෙත් එය රුසියානු රජයේ මඟ පෙන්වීම මත සිදුවනු ඇති බව එම නිලධාරියා දන්වා ඇත.

රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මෙලෙස ලිබියාවේ බෙන්ගාසි නුවරට ගොස් ඇති බවත් වැග්නර් බළකාය නව අණ දෙන නිලධාරියකු යටතේ ක්‍රියාත්මක විය හැකි බවත් ප්‍රකාශ කර ඇතැයි රොයිටර්ස් වැඩිදුරටත් සඳහන් කරයි.

ලිබියාවේ බටහිර හිතවාදී රජය සමඟ සටන් වැද සිටින නැඟෙනහිර කණ්ඩායම්වලට මෙලෙස රුසියාවේ සහ වැග්නර් බළකායේ සහාය හිමිවන බව සඳහන්ය.

රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ ලිබියානු සංචාරය හා ප්‍රිගෝෂින්ගේ මරණය අතර සම්බන්ධතාවක් ගොඩනැගිය නොහැකි වුවත් ඒ පිළිබඳ විවිධ අංශ සැක පළ කරති.

එමෙන්ම ප්‍රිගෝෂින්ගේ මරණයත් සමඟ ඔහුගේ වැග්නර් බළකාය යුරෝපයේ, මැදපෙරදිග සහ අප්‍රිකාවේ ගොඩනැඟූ දැවැන්ත හමුදාමය සහ වාණිජමය ජාලය තම පාලනය යටතේ පවත්වාගැනීමට රුසියාව කටයුතු කරනු ඇති බව ඇතැමුන්ගේ විශ්වාසයයි.

යුක්‍රේනයේ දරුණුතම ගැටුම්වලට එක්වූ ප්‍රිගෝෂින්ගේ වැග්නර් බළකාය සිරියාවේ, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සිවිල් යුද්ධ සහ සන්නද්ධ ගැටුම්වලට ද මැදිහත් වූයේ, ඒවායේ රන් ආකර සහ තෙල් බිම් කිහිපයක් ද තම පාලනයට ගනිමිනි.

පුටින්ට එදිරි වීම හා අභිරහස් මරණවල ඉතිහාසය

රුසියානු වැග්නර් කුලී හමුදා ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් පෙරේදා (23) පෞද්ගලික ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තාවිය.

62 හැවිරිදි යෙව්ගනි ප්‍රිගොෂින්, ඉකුත් ජූනි 23-24 දිනවල රුසියාව තුළ පැය 24ක කැරැල්ලක් දියත් කිරීමට සමත් විය.

ඉන් මාස 02කට පසු පෙරේදා යෙව්ගනි ප්‍රිගොෂින් අපැහැදිලි තත්ත්වයක් යටතේ ජීවිතක්ෂයට පත්විය.

කෙසේ වෙතත් වැග්නර් නායකයාගේ මරණය පිළිබඳ සෙවීම සඳහා රුසියාව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

රුසියානු නායක ව්ලැද්මීර් පුටින්ට එදිරි ව කටයුතු කළ විවිධ පුද්ගලයන්ට ඉතිහාසය තුළ උරුම වී ඇත්තේ, මෙවැනිම අපැහැදිලි ඉරණම් වීම විශේෂත්වයකි.

ඇලෙක්සි නවාල්නි

රුසියාවේ ප්‍රමුඛතම විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නි 2020 අගෝස්තු මාසයේ දී විෂ ශරීරගත වීමක් නිසා රෝහල්ගත කරන ලදි.

සයිබීරියාවේ දී ඔහුට 'නොවිචොක්' නමැති විෂ වර්ගය ශරීරගත වී තිබුණු අතර, ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජර්මනියට බලා ගමන් කළේය.

ඇලෙක්සි නවාල්නි 2021 දී නැවත රුසියාවට පැමිණි නමුත් පැමිණි වහාම ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

විවිධ වංචා සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් ඔහු පවසන දෑ ව්‍යාජ බවට චෝදනා කරමින් ඇලෙක්සි නවාල්නි අත්අඩංගුවට ගත් අතර, ඒ යටතේ ඔහුට වසර එකොළහක් සහ මාස දහයක සිර දඬුවමක් නියම විය.

ඔහුගේ දේශපාලන ව්‍යාපාරය ද මේ වනවිට තහනම් කොට අන්තවාදී ව්‍යාපාරයක් ලෙස ප්‍රකාශ කර ඇත.

මේ අතර, නවාල්නිට පසුගිය දිනක නැවත සිරදඬුවමක් පැනවුණු අතර, උපරිම ආරක්ෂක තත්ත්වයන් යටතේ විශේෂ ස්ථානයක වසර 19ක් රඳවා තැබීමේ සිරදඬුවමකට ඔහු යටත් විය.

සර්ජි ස්ක්‍රිපාල්

බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවන් වෙත රහස් ඔත්තු ලබා දුන් හිටපු රුසියානු ද්විත්ව නියෝජිතයකු වන සර්ජි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යුලියා, 2018 මාර්තු මාසයේ දී එංගලන්තයේ සැලිස්බරි නගරයේ සාප්පු මධ්‍යස්ථානයකින් පිටත බංකුවක සිහිසුන් ව සිටිය දී සොයා ගන්නා ලදී.

ඔවුන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ අතර, ඔවුන්ගේ ශරීරවල ද නොවිචොක් නම් විෂ වර්ගය අන්තර්ගත වී තිබිණි.

මෙම නොවිචොක් නමැති විෂ රසායනය, 1970 සහ 1980 ගණන්වල දී සෝවියට් හමුදාව විසින් වර්ධනය කරන ලද ස්නායු කාරක විෂ වර්ගයකි.

කෙසේ වෙතත් සර්ජි ස්ක්‍රිපාල් හා ඔහුගේ දියණිය විෂ ශරීරගත වීමෙන් මියගියේ නැත.

ව්ලැඩිමීර් කරා - මුර්සා

රුසියානු විපක්ෂ ක්‍රියාකාරිකයෙකු වන ව්ලැඩිමීර් කරා - මුර්සා විසින් වරක පවසා තිබුණේ, 2015 සහ 2017 වසරවල දී තමාට වස දීමට කිසියම් පාර්ශ්වයක් උත්සාහ කළ බවයි.

පසුව ජර්මානු රසායනාගාරයක කළ පර්‍යේෂණයකින් රසදිය, තඹ, මැන්ගනීස් සහ සින්ක් ඔහුගේ ශරීරයේ ඉහළ මට්ටමක පවතින බව සොයාගෙන ඇත.

ඇලෙක්සැන්ඩර් ලිටිවිනෙන්කෝ

හිටපු රුසියානු ඔත්තු (KGB) නියෝජිතයකු සහ පුටින්ගේ සෘජු විවේචකයෙකු වන ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ මියගියේ, ලන්ඩනයේ මිලේනියම් හෝටලයේ දී දුර්ලභ හා ප්‍රබල විකිරණශීලී සමස්ථානිකයක් වන පොලෝනියම් -210 මිශ්‍ර තේ පානය කිරීමෙනි.

ඒ 2006 වර්ෂයේ දී වන අතර, ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 43කි.

ජ්‍යේෂ්ඨ බ්‍රිතාන්‍ය විනිසුරුවරයකු විසින් මෙහෙයවන ලද පරීක්ෂණයකින් හෙළිවූයේ, හිටපු KGB ආරක්ෂකයෙකු වන Andrei Lugovoy සහ තවත් රුසියානු ජාතිකයෙකු වන Dmitry Kovtun විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

එය, මෙහෙයුමක කොටසක් ලෙස රුසියාවේ ප්‍රධාන උරුමක්කාරයා වන Federal Security Service (FSB) විසින් මෙහෙයවනු ලැබූවක් විය හැකි බවත් අදාළ විනිසුරුවරයා කළ පරීක්ෂණයෙන් හෙළි වී ඇත.

ඇලෙක්සැන්ඩර් පෙරෙපිලිච්නි

44 හැවිරිදි රුසියානු ජාතිකයකු වන ඇලෙක්සැන්ඩර් පෙරෙපිලිච්නි 2012 වසරේ නොවැම්බර් මාසයේ අභිරහස් ලෙස මියගියේය.

ඇලෙක්සැන්ඩර් පෙරෙපිලිච්නි ව්‍යායාම කිරීම සඳහා ගොස් තිබුණු අතර, ඔහු ලන්ඩනයට පිටතින් පිහිටි සුවිශේෂී ගේට්ටු සහිත වතුයායක පිහිටි ඔහුගේ සුඛෝපභෝගී නිවස අසල මියගොස් සිටිය දී සොයා ගන්නා ලදී.

ඇලෙක්සැන්ඩර් පෙරෙපිලිච්නි, 2009 දී රුසියානු මුදල් විශුද්ධිකරණය පිළිබඳ ස්විට්සර්ලන්ත පරීක්ෂණයකට උදව් කළ අයෙකි.

එසේ කිරීමෙන් පසු ඔහු බ්‍රිතාන්‍යයේ රැකවරණය ද පතා ඇති අතර, ඔහුගේ හදිසි මරණය ඝාතනයක් බවට අදහස් පැතිරෙන්නට විය.

ජෙල්සිමියම් ශාකයේ දුර්ලභ හා මාරාන්තික විෂ වර්ගයක් ඔහුගේ බඩේ තිබී ඇති බව පූර්ව මරණ පරීක්ෂණයක දී සොයාගෙන තිබිණි.

ඇලෙක්සැන්ඩර් පෙරෙපිලිච්නි මරණයට පෙර ජනප්‍රිය රුසියානු ආහාරයක් වන sorrel අඩංගු සුප් විශාල භාජනයක් පානය කර ඇති අතර, බ්‍රිතාන්‍ය පොලිසිය විසින් ඔහුව දුර්ලභ වස වර්ගයක් යොදා ඝාතනය කරන්නට ඇති බවට සැක කළේය.

වික්ටර් යුෂ්චෙන්කෝ

යුක්‍රේන විපක්ෂ නායකයෙකු වූ වික්ටර් යුෂ්චෙන්කෝගේ ශරීරයට 2004 ජනාධිපතිවරණය සඳහා වූ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර විෂ ශරීරගත විය.

ජනාධිපතිවරණය සඳහා ඔහු රුසියානු - මොස්කව් හිතවාදී අගමැති වික්ටර් යනුකොවිච්ට එරෙහි ව බටහිර ගැති ප්‍රවේශයකින් තරග කර ඇත.

යුක්‍රේන ආරක්ෂක අංශ නිලධාරීන් සමඟ කියෙව් නගරයෙන් පිටත රාත්‍රී ආහාරය ගනිමින් සිටිය දී තමාට විෂ ශරීරගත වූ බව ඔහු පැවසීය.

ඔහුගේ සිරුර තුළ සාමාන්‍යයෙන් පවතින ප්‍රමාණයට වඩා 1,000 ගුණයකින් වැඩි ඩයොක්සින් අඩංගු බව සොයා ගත් අතර, ඔහුට සිය මුහුණ සහ ශරීරය විකෘති වී ශල්‍යකර්ම දුසිම් ගණනකට මුහුණ දීමට සිදුවිය.

ඇනා පොලිට්කොව්ස්කායා

මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ වාර්තා කළ මාධ්‍යවේදිනියක වන ඇනා පොලිට්කොව්ස්කායා, 2006 ඔක්තෝම්බර් 07 වන දින සුපිරි වෙළෙඳසලක සිට නිවසට පැමිණීමෙන් පසු මොස්කව් හී ඇගේ මහල් නිවාසයෙන් පිටත දී වෙඩි තබා ඝාතනය කරන ලදී.

48 හැවිරිදි දෙදරු මවක් වන ඇනා පොලිට්කොව්ස්කායාගේ ඝාතනය බටහිර රටවල උණුසුම් තත්ත්වයක් ඇති කළ අතර, මෙම සිදුවීම රුසියාවේ සේවය කරන වාර්තාකරුවන්ට ඇති විය හැකි අන්තරායන් පිළිබඳ කතාබහකට ද හේතු විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ