බෝගල මිනිරන් පතලේ භෝජනාගාරයක්

බෝගල මිනිරන් පතලේ භෝජනාගාරයක්

August 12, 2023   04:54 pm

පොළොව මට්ටමේ සිට මීටර් 124ක් පහළින් පිහිටි භෝජනාගාරයක් බෝගල මිනිරන් පතලේ ඉදිකර තිබේ.

එම භෝජනාගාරයේදී එකවර 15 දෙනෙකුට ආහාර ලබාගැනීමේ පහසුකම් පවතී.

මෙම භෝජනාගාරය ඉදිකර ඇත්තේ බෝගල මිනිරන් පතල ලෙස හැඳින්වෙන "විජයපාල මලලසේකර, පතල තුළය.

මෙම මිනිරන් පතල නැරඹීමට විශේෂ අවසර ලබාගත යුතු වන අතර වයස අවුරුදු 14න් පහළ දරුවන්ට පිවිසීමට අවසර නොමැත.

වසර 150කට වඩා පැරණි බෝගල මිනිරන් පතලේ මිනිරන් අපනයනයෙන් මේ වනවිට මෙරටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයා තිබේ.