header logo
SLIC
උණුසුම් පුවත්
ටයිටන් සුන්බුන් අතර තිබී හමුවූ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දේ
Jun 29, 202310:30 AM
ටයිටන් සුන්බුන් අතර තිබී හමුවූ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දේ
EDEX

1912 දී මුහුදුබත්වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය 5 දෙනෙකු රැගත් ටයිටන් සබ්මර්සිබලය පසුගියදා විනාශයට පත්වුණි.

යාත්‍රාවේ සිටි එම චාරිකාව සංවිධානය කළ ඕෂන්ගේට් සමාගමේ ප්‍රධානී 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ්, බ්‍රිතාන්‍ය ගවේෂකයෙක් වන 58 හැවිරිදි හමීෂ් හාඩින්, බ්‍රිතාන්‍ය ජාතික බිලියනපතියෙක් වන ශාෂදා ඩාවුඩ් (48), ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා (19), සහ පළපුරුදු මුහුදු ගවේෂකයෙක් වන 77 හැවිරිදි පෝල් හෙන්රි ඉන් මියගියහ.

ටයිටන් යාත්‍රාවේ සුන්බුන් කොටස් කිහිපයක් ඊයේ ගොඩගත් බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය තහවුරු කළේය. එම කොටස් කැනඩාවේ ශාන්ත ජෝන් වරාය ට ගොඩබා තිබුණි.

එම සුන්බුන් පරීක්ෂා කිරීමේදී මිනිස් සිරුරු කොටස් යැයි අනුමාන කළ හැකි දේ තිබූ බව අද (29) වාර්තා වුණි.

අමෙරිකානු වෛද්‍ය විශේෂඥයින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකා ප්‍රධානීයා පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight