header logo
SLIC
උණුසුම් පුවත්
ටයිටන් සමග මුහුදේ සැඟවුණු ධනපති පුතා ගැන හෙළිදරව්වක්
Jun 26, 202305:02 PM
ටයිටන් සමග මුහුදේ සැඟවුණු ධනපති පුතා ගැන හෙළිදරව්වක්
EDEX

ගිනස් වාර්තාවක් තැබීමට ටයිටන් යාත්‍රාවේ ගමනට එක්වූ ධනපති පුතා ගැන මව කළ හෙළිදරව්ව

ගිලී ඇති ටයිටැනික් නැවේ කොටස් නැරඹීමට ගොස් අනතුරට පත් ටයිටන් සබ්මසිබල් යාත්‍රාවේ ගමන්ගත් ළාබාලම පුද්ගලයා වූයේ 19 හැවිරිදි සුලේමාන් ඩාවුඩ් ය.

ඔහු මෙම ගමනට එකතු වී ඇත්තේ විශේෂ වාර්තාවක් තැබීමටය.

ඔහු රූබික් කියුබය අඩු වේලාවකින් සැකසීමට සමත් පුද්ගලයෙකි. ඔහුට ඒ සඳහා සාමාන්‍යයෙන් තත්පර 20ක් පමණ ගතවෙයි.

19 හැවිරිදි සුලේමාන් ගේ අරමුණ වූයේ එය තත්පර 12කින් සකසා ගීනස් ලෝක වාර්තාවක් තැබීමය.

එම අවස්ථාව වීඩියෝ කිරීම සඳහා ඔහුගේ පියා වන බිලියනපතියෙක් වන ශාෂාඩා, කැමරාවක් ද ටයිටන් ගමනට ගෙනවීත් තිබුණි.

ඒ බව හෙළිකළේ සුලේමාන් ගේ මව වන ක්‍රිස්ටීන් ය.

ඇය සහ දියණිය එම අනතුර සිදුවන විට ටයිටන් යාත්‍රාවේ උපකාරක නෞකාව වූ Polar Prince නෞකාවේ සිටි බව සඳහන් ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight