header logo
SLIC
සයුරෙන් එතෙර
ටයිටන් ගැන විශේෂ විමර්ශනයක්
Jun 26, 202301:34 PM
ටයිටන් ගැන විශේෂ විමර්ශනයක්
EDEX

අනතුරට ලක්වු ටයිටන් සබ්මැරීනය යම් පිපිරීමකට ලක්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පියවර ගෙන තිබේ.

උතුරු අත්ලන්තික් සාගරයේ මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් සිටියදී ටයිටන් සබ්මැරීනය අනතුරුට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබුණි.

අනතුර සම්බන්ධයෙන් සමුද්‍ර විමර්ශන මණ්ඩලයක සහාය ලබාගනිමින් එම විමර්ශනය සිදුකිරීමට සැලසුම් කර ඇති අතර අදාළ විමර්ශනය සඳහා සබ්මැරීනය අනතුරට ලක්වු ස්ථානය සිතියම් ගත කිරීමට ද ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ සඳහා ප්‍රංශය, කැනඩාව, බ්‍රිතාන්‍ය යන රටවල්වල සහයෝගය හිමිවීමට නියමිතය.

මෙම පරික්ෂණයෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර අනාගතයේ දී මෙවැනි අනතුරක් සිදුනොවීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට ද පියවර ගන්නා බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight