header logo
SLIC
උණුසුම් පුවත්
ලොවම කලඹමින් අතුරුදන් වූ ටයිටන්ගේ සම්පූර්ණ කතාව
Jun 22, 202304:58 PM
ලොවම කලඹමින් අතුරුදන් වූ ටයිටන්ගේ සම්පූර්ණ කතාව
EDEX

අත්ලාන්තික් සාගරයේ සැඟව ගිය ටයිටන් නම් කුඩා සබ්මැරීනය (සබ්මර්සිබලය) සෙවීමේ මෙහෙයුම් මේ වනවිට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කුඩා සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම්වලින් මේ දක්වා සුබවාදී තොරතුරක් වාර්තා වී නොමැති බවය.

මේ අතර මෙලෙස අතුරුදන්ව ඇති ඕෂන්ගේට් - ටයිටන් යාත්‍රාවේ හිමිකරු ස්ටොක්ටන් රෂ් පිළිබඳ විවිධ පුවත් රැසක් මේ වනවිට හෙළිවෙමින් පවතී.

ඔහු පිළිබඳව අනාවරණය වී ඇති නවතම පුවත පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

හිතුවක්කාරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් ටයිටන් යාත්‍රාවේ හිමිකරු ස්ටොක්ටන් රෂ් එම යාත්‍රාව දියත් කරන්නේ මෙම ගමන පිළිබඳව අනතුරු ඇඟවීම් රැසක් නිකුත්ව තිබියදීය.

ඔහු පිළිබඳව අනාවරණය වෙමින් පවතින පුවත් අතරට ඔහුගේ බිරිඳගේ නමද මේ වනවිට ඈඳී අවසන්ය.

විදෙස් මාධ්‍ය සිදුකරන නවතම අනාවරණයන්හි සඳහන් වන්නේ ඔහුගේ බිරිඳගේ මී මිත්තණියක්ද ටයිටැනික් නැව අනතුරට ලක්වූ මොහොතේ එහි සිට ඇත බවය.

නිව්යෝක් නුවර පදිංචිව සිටි යුවළක් ඉසිදෝර් ස්ට්‍රවුස් නමැති පුද්ගලයාගේ බිරිඳ වූ එම කාන්තාව සුපිරි වෙළෙඳසැල් ජාලයක හිමිකාරියකි.

ටයිටන් යාත්‍රාවේ හිමිකරු ස්ටොක්ටන් රෂ්ගේ බිරිඳ වන වෙන්ඩි රෂ් ද පසුගිය වසර දෙකතුළ කිහිප වතාවක්ම එම යාත්‍රාව හරහා ටයිටැනික් සුන්බුන් ගවේෂණයට එක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYWd5pLTNMrub31D_GhVMryfeYDOjNL7a-LPZdOPK8-4l3zA8GQ9wTExJpvU2lqoGkqlPM9_aQMC8RsnHLA2ls8_eVu_b3TOKl0Xee5hDCsHFD_UNFmTXSWgpjpsT53wujrzkNNkyVL77FOcWu1c4XI8R6IImL0iLz4eZLrydXBeglQDAp8wCTX3o59r2r/w605-h340/09.jpg

මේ අතර මේ වනවිට හෙළිදරව් වී ඇත්තේ අදාළ ටයිටන් යාත්‍රාව සඳහා පළමු අත්හදාබැලීම සිදුකිරීමේ පටන් අනතුරු ඇඟවීම් සිදුකර තිබුණු බවය.

ඉන් බරපතළම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ අමෙරිකානු සමුද්‍ර තාක්ෂණ සංගමයයි.

ඔවුන් අදාළ අනතුරු ඇඟවීමේ ලිපිය මගින් ස්ටොක්ටන් රෂ් වෙත දැනුම් දී තිබුණේ ඉදිරියේදී මෙම යාත්‍රාව හරහා සිදුකිරීමට නියමිත ගවේෂණාත්මක චාරිකා හරහා බරපතළ විනාශකාරී තත්ත්වයක් නිර්මාණය විය හැකි බවය.

කෙසේ වෙතත් 2018 වසරේදී බහමාස් දූපත් ආසන්නයේ සිදුකර ඇති පළමු අත්හදා බැලීමේදී සාර්ථක ලෙස ටයිටන් යාත්‍රාව අඩි 4000ක් පමණ ගැඹුරු මුහුදට ගමන්කිරීමට සමත්ව ඇත.

එහි සාර්ථකත්වය සමඟ ස්ටොක්ටන් රෂ් තීරණය කරනු ලබන්නේ මෙම යාත්‍රාව ටයිටැනික් ගවේෂණය සඳහා යොදාගැනීමටයි.

ඇතැම් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ එම තීරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචන ඉදිරිපත් කළ ඕෂන්ගේට් සමාගමේ සමුද්‍ර මෙහෙයුම් අධ්‍යක්ෂවරයකු සේවයෙන් ඉවත්කිරීමක් ද සිදුකර ඇති බවය.

එසේම පසුකාලීනව ටයිටන් යාත්‍රාවේ ගවේෂණයකට එක්වූ මාධ්‍යවේදියෙකු සඳහන් කර ඇත්තේ එය ඉතා අවදානම් චාරිකාවක් බවය.

මේ අතර අදාළ චාරිකාවට පෙර ඊට එක්වන මගීන්ගෙන් ලියවිල්ලකට අත්සන් ලබා ගන්නා බවද අදාළ මාධ්‍යවේදියා සඳහන් කර තිබේ.

මේ අතර සෑම චාරිකාවකටම අදාළ යාත්‍රාවේ නිර්මාතෘ ස්ටොක්ටන් රෂ් එක්වන බවද අදාළ මාධ්‍යවේදියා සඳහන් කර ඇත.

අතුරුදන් වූ සබ්මැරීනය සොයා සිදුකරන දැවැන්ත මෙහෙයුම 05 වැනි දිනට පිවිසෙද්දී එහි ගමන්ගත් ප්‍රකෝටිපතියන් සිව්දෙනෙකු සහ නියමුවාට ජීවය පවත්වාගැනීමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් වන්නේ තවත් පැය කිහිපයකට පමණක් බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcgesBl6VDLmRJUv632I-ptwh8M3gbj694pV9yKgfQe82y1g91M4ZS8EC-yAy-HqSAkTDTZe-KpyRzHKmL5mbSMgX9WlAXOB7inwy62G2jfKEWyE3UV2EYAEb90KYrTljTC91B83zsMm5DgEx1nSHlaJvdXx1j9Cs81YW9NlpDG9p29iQu0iR_ei1196jM/w585-h418/08.jpg

උතුරු අත්ලාන්තික් සාගරයේ කෙලවරක ටයිටැනික් නෞකාව මුහුදුබත් වූ ප්‍රදේශයේදී පසුගිය ඉරිදා පෙරවරුවේ - ටයිටන් - නම් වූ මෙම කුඩා සබ්මැරීනය සිය මවු නෞකාව සමග පැවති සංන්වේදන සබඳතාව බිඳීගියේය.

දිගින් මීටර 6.5ක් වන කුඩා ප්‍රමාණයේ වෑන් රථයක ඉඩකඩ ඇති ටයිටන් සබ්මැරීන යාත්‍රාවේ එහි හිමිකාරීත්වය දරණ ඕෂන්ගේට් සාමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ස්ටෝක්ටන් රෂ් ද වෙයි.

ඔහු සමග බ්‍රිතාන්‍ය ගවේෂක සහ ධනකුවේර හමිෂ් හාඩින් මෙන්ම පාකිස්තානයේ ප්‍රකට ව්‍යාපාරික පවුලක සාමාජිකයන් වන බ්‍රිතාන්‍ය පුරවැසි ෂස්ඩා ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුත් සුලෙයිමාන් ද වෙයි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxai9RKV87TgytmcBSkMKeSWmAOVCWc7PfAsJg0ivolAHoC-Y6eGIWZrlw_K-JwMWWs3x0xKiEolIAGl4X3itzYbSPF9AjdyAj0UIJkLhKK5A0ZOIbcVEGJHO07DzfwFLLFUcp0TGF6kwBeCDuUuONFYcFqnhsbNEs1W9JY8Dk3gdWWcRBl4O0EM87HvX7/w586-h418/05.jpg

ඔවුන් මෙම සංචාරයට එක් වී ඇත්තේ ඩොලර් 250,000 බැගින් වැයකරමිනි.

සබ්මැරිනයේ නියමුවා ලෙස කටයුතු කරන්නේ ප්‍රංශ නාවික හමුදාවේ කිමිදුම්කරුවෙකු වූ පළපුරුදු සමුද්‍ර ගවේෂකයෙකු වන පෝල් හෙන්රි නර්ජෝලේය.

පසුගිය ඉරිදා - සංනිවේදනය අහිමි වනවිට ටයිටන් සබ්මැරීනයේ පැය 96කට ප්‍රමාණවත් ඔක්සිජන් පැවතුන ද අද දිනය තුළ එම ඔක්සිජන් සංචිත සියල්ල අවසන් වනු ඇතැයි විශ්වාස කෙරෙයි.

කෙසේ නමුත් මෙලෙස ඔක්සිජන් සංචිත මත ජීවිතාරක්ෂක මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ එය තවදුරටත් දියයට සැරිසරණ බව උපකල්පනය කරමිනි.

එහෙත් එය මීටර 3800කට වඩා ගැඹුරු මුහුදු පත්ලේදී අනතුරකට ලක්වී ද නැත්නම් කිසිවක සිර වී ඇති ද යන්න මෙතෙක් කිසිවකු නොදන්නා කරුණකි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoRd4OXaJEaa5iZy7u-5Qn2ekdqV67Az_sDUpR1pvWVuQOzD79ft2BJn33KW9dELFjibZy_LNHe1qgKAJVZUN4T63H-cykuqm-m8QiyPoxQPsywobJXRYVNewO-_kPBdFjUZx8OPdqeOl1yJHrHzTpctFaWyfD4bdMWXI29dfNVYj5faUlugQZLtU6aKmm/w578-h413/04.jpg

අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය ඇතළු රටවල් රැසක් සිය නවීනතම රේඩාර් නිරීක්ෂණ ගුවන්යානා සහ නෞකා උපයෝගී කරගනිමින් ජීවිතාරක්ෂක මෙහෙයුමට එක් වී සිටින අතර අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය මුහුදු පත්ල නිරීක්ෂණය කළ හැකි, දුරස්ථ පාලනයකින් ක්‍රියාත්මක විශේෂ යාත්‍රාවකින් ද අත්ලාන්තික් සයුරු පත්ලට යවා තිබේ.

ටයිටන් සෝදිසි මෙහෙයුම නව දිශාවකට යොමුවුනේ එය අතුරුදන් වූ මුහුදු ප්‍රදේශයේ අසන්නට ලැබුණු ශබ්ද පෙළක් හේතුවෙනි.

දිය යටට යැවූ නිරීක්ෂණ යාත්‍රා ද ශබ්දය මතු වූ දෙසට යොමුකර ඇති අතර ඇතැමුන් එම පියවර අනුමත නොකිරීම ද විශේෂත්වයකි.

ඒ එම ශබ්ද නික්මෙන්නේ ටයිටන් සබ්මැරීන යාත්‍රාවෙන්ද යන්න මෙතෙක් තහවුරු වී නොතිබීම හේතුවෙනි.

මේ අතර ප්‍රංශ පර්යේෂක නෞකාවක් මගින් ටයිටන්ස් ගිලුණු මුහුදු පත්ලට වඩා වැඩි ගැඹුරකට වුවද යා හැකි රොබෝ කිමිදුම් යාත්‍රාවක් අද එහි යැවීමට නියමිත බව අමෙරිකානු වෙරළාරක්ෂකයින් ප්‍රකාශ කළේය.

වික්ටර් 6000ක නම් වූ මෙම ප්‍රංශ රොබෝ කිමිදුම් යාත්‍රාවට මුහුදු පත්ලේ ඇති විශාල බරක් වුවද ඉහළට එසවීමේ හැකියාවක් පවතින බවයි වාර්තා වෙයි.

එය මුහුදේ ගිලුණු ගුවන්යානා සහ යාත්‍රා කොටස් දිය මතුපිටට ගෙනඒම සඳහා මීට පෙර යොදාගෙන තිබේ.

කෙසේ නමුත් ගවේෂණය කළ යුතු මුහුදු ප්‍රදේශය අසීමිත වීම ටයිටන් ජීවිතාරක්ෂක මෙහෙයුමට පවතින ප්‍රධාන අභියෝගයයි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYYrSZvsVjcUWX707TyMcnvkfavvCvwS5ASO4p1YLQ3_kCdtgU5FpN4VZhW3MIqkjVFdBSZiS-SSH9fAYsLFxzPU6WEUsgmCj_vbR7z0yRcpnq1Dw47LkDvoUOm3LBYa5sdM1d35xohattB2VpjkZrTb1_iQ7kmUIU8urZYgZVKmUZjmSyZ_8fsTfvRwEK/w532-h380/01.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzyjYJlg1qlB-nN95e1vAzftbR1GeUHF1d3jQAEkHLaGQ8Zp4wr9ZjVWYXGCdt3moNtYiwfYTb7WwHRQPe3raUXXwsQ5C-flaqkMPOXPH4fdZicRWVgcO5R8OEsUssPTxieqyu02iLB6OcE5ERgT6_nCxnTSJ4jd9vfxZD_jwGJooj9YFJg4FPT2CWb3h0/w476-h340/02.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivV5Iyx9lUMw3Un1bQ8ymfkd8VRUeRV3wkF6QkN8CB6pYBngFDoPxfeXrrep20eLLk5El4aSmHgpLtvJb3Y1aIHHIL3jEos1WsEFINKgNDoTTYuZh4QailJ5oEQrqjnPpCYUa9xl0RslHOwPn7LBtIQ7DJ2dd9b3JmfHY8j_0pbOgLK91kXUVxeM1kZJCp/w533-h382/03.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQOZchB7-piO1dGUKhE2l1AfpbUiJJuoD5o_ILobxd3DCXbcHOtziCktBTndhmgIJZM4G5oPsO-JT-X9Qepg570Qx8BptrxAKULRdCC8ebBkauVpCS7J2fpwyd0uiNM2VJg00DY4roz9dIxs2V6evDnDPCwGWPp-SKrzNkXyHHJTM5BrvQEjA1m4pOrIns/w530-h378/07.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight