සංචාරකයින්ගෙන් පිරී යන ලංකාව

සංචාරකයින්ගෙන් පිරී යන ලංකාව

February 2, 2023   07:16 am

මේ වසරේ පළමු මාසය තුළ ලක්ෂයකට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජනවාරි මාසය තුළ පමණක් සංචාරකයින් 102,545 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවය.

පසුගිය වසරේ ජනවාරි මාසයට අනුව මේ වසරේ ජනවාරි මාසයේ සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන අතර 2022 වසරේ ජනවාරි මාසය තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 82,327 දෙනෙකු පමණය.

පසුගිය මාසයේ (2023 ජනවාරි) දිවයිනට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 25,254ක් වේ.

ඊට අමතරව ඉන්දියාවෙන් සංචාරකයින් 13,759 දෙනෙක් බ්‍රිතාන්‍යයෙන් 8,483ක්, ජර්මනියෙන් 8,216 දෙනෙක් 2023 ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ඊට අමතරව ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, මාලදිවයින සහ ඊශ්‍රායලය යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් දිවයිනට පැමිණ තිබේ.