header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි
Feb 28, 202210:05 AM
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි
Mobitel 1278

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 5ක් ගතව තිබේ.

යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ ඉදිරි පැය 24 අතිශය තීරණාත්මක බවය.

රුසියාව යුක්‍රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු අසීරුතම දිනයට ඊයේ (27) මුහුණ දුන් බව යුක්‍රේන හමුදාව ප්‍රකාශ කළේය.

ඔවුන් සඳහන් කළේ, රුසියානු හමුදා සෑම දිශාවකින්ම දිගින් දිගටම යුක්‍රේනය වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බවය.

දරුණු ගැටුම්වලින් පසුව රුසියානු හමුදා යුක්‍රේනයේ දකුණුදිග වරායක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ.

රුසියාවේ දෙවැනි විශාලතම නගරය වන කාර්කිව් හි නගරයේත් ඊයේ දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලී ගියේය.

රුසියානු හමුදා නගරයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන දර්ශන ද මාධ්‍යයට නිකුත් වී තිබුණි.

මේ අතර යුක්‍රේනයේ කියුව් අගනුවරට ඇතුළු වූ රුසියානු සෙබළුන් හා යුක්‍රේන හමුදාව අතර තවදුරටත් ගැටුම් ක්‍රියාත්මකය.

කෙසේවෙතත් ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ කියුව් අගනුවර අත්පත් කර ගැනීම රුසියාවට පහසු නොවන බවය.

රුසියානු හුමුදාව කියුව් අගනුවරට ඇතුළු වී මේවනවිට දින 03ක් ගතවී ඇති නමුත් ඔවුන්ට තවමත් නගරයේ බලය අල්ලා ගැනීමට හැකිවී නොමැත.

යුක්‍රේන රජය පවසන්නේ සතුරු පාර්ශවයෙන් දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙමින් ඇති නමුත් අගනුවර සම්පූර්ණ පාලනය රජය සතු වන බවය.

මේ අතර රුසියානු හමුදාව විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කළ බව ද යුක්‍රේන රජය ප්‍රකාශ කළේය.

එම මිසයිලය රුසියාවට සහය දක්වන බෙලරුසියාවේ සිට යොමු කර ඇති බවට යුක්‍රේනය චෝදනා කර තිබේ.

කෙසේවෙතත් රුසියාව අපේක්ෂා කළ පමනට වඩා යුක්‍රේන හමුදාව මනාව සංවිධාන වී ඇති බැවින් කියුව් අගනුවර අත්පත් කර ගැනීමට රුසියාවට නොහැකිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්‍රේන හමුදාවෙන් එල්ල වන ප්‍රහාර හමුවේ පහසුවෙන් අගනුවර අල්ලා ගැනීමට නොහැකි බැවින් රුසියානු හමුදාවන් යුක්‍රේනයේ වෙනත් නගර වෙත ඇතුළු වෙමින් ඇති බව ද විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත් යුක්‍රේනයේ අගනුවර අල්ලා ගැනීමට නොහැකිවීම හා එල්ල කෙරෙන ප්‍රහාර හමුවේ සිවිල් වැසියන්ට සිදුව ඇති හිරිහැර හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩි පීඩනයකට මෙන්ම විවේචනයන්ට ද ලක්වෙමින් ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් පැවසුවේය.

ඔවුන් පවසන්නේ යුක්‍රේනය ඉලක්ක කර ආරම්භ කළ හමුදා මෙහෙයුම අසාර්ථක වුවහොත් රුසියානු ජනාධිපතිවරයාට බලය අහිමි වනු ඇති බව හා ඔහුට සිය අනුප්‍රාප්තිකයා හෝ තෝරාගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවය.

කෙසේවෙතත් ගැටුම් නතර කිරීම සඳහා සාම ක්‍රියාවලියකට එක්වීමට රුසියාව යුක්‍රේනය වෙත තවත් එක් අවස්ථාවක් ලබාදී තිබේ.

ඒ අනුව බෙලරුස් දේශසීමාවේදී අද සාකච්ඡා පැවැත්වෙනු ඇත.

යුක්‍රේනය මේ තීරණයට එළඹ ඇත්තේ රුසියා ජනපති ව්ලැද්මීර් පුටින් ස්වකීය න්‍යෂ්ටික බළ ඇණියට ප්‍රහාර සඳහා ස්ථානගත වීමේ නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකය.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්,

"බටහිර රටවල් අපේ රටට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගන්නේ ආර්ථික ක්ෂේත්‍රය තුළ පමණක් නොවේ. මම කතා කරන්නේ හැමෝම හොඳින් දන්නා නීතිවිරෝධී සම්බාධක ගැන. නමුත් ප්‍රමුඛ පෙළේ නේටෝ රටවල ඉහළ නිලධාරීන් අපේ රටටත් එරෙහිව ආක්‍රමණශීලී ප්‍රකාශ කරනවා."

රුසියාව වළක්වන බලවේගවලට න්‍යෂ්ටික සහ සාම්ප්‍රදායික යන දෙඅංශයෙන්ම විවිධ උපාය මාර්ගික ආයුධ ඇතුළත් වන අතර ඒවා ආරක්‍ෂාව සහ අපරාධ සඳහා එකසේ භාවිතා කිරීමේ හැකියාව පවතී.

රුසියාවේ පවසන්නේ සතුරු පාර්ශවයන් සැලසුම් කර ඇත්තේ රුසියාවට සහ හිතවාදී්න්ට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතය සමග යුද්ධයක් කිරීම බවය.

ප්‍රහාර හේතුවෙන් යුක්‍රේන සිවිල් වැසියන් රැසක් ඝාතනයට පත්ව ඇති බවත්, ලක්ෂ තුනකට අධික පිරිසක් රටින් පළා ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද හදිසි රැස්වීමක් කැඳවා ඇත්තේ රුසියා යුක්‍රේන යුද තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා මහා මණ්ඩලයේ සුවිශේෂ සැසි වාරයක් කැඳවීමේ යෝජනාවක් සම්මත කර ගැනීම සඳහාය.

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ