
යුක්රේන - රුසියා අර්බුදය ලෝක ගුවන් ගමන් සඳහා ද දැඩි බලපෑමක් එල්ල කරමින් තිබේ.
ඒ පිළිබඳව ආසන්නතම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය අද (25) වාර්තා කළේය.
එහි සඳහන් වන්නේ රුසියාව විසින් බ්‍රිතාන්‍ය ගුවන්සේවා සඳහා තහනමක් පනවා ඇති බවය.
ඒ අනුව රුසියාවේ ගුවන්තොටුපොළවල බ්‍රිතාන්‍ය ගුවන් සමාගම්වල යානා බෑම හා රුසියානු ගුවන් සීමාවට ඇතුළුවීම තහනම් කර තිබේ.
රුසියාව පැවසුවේ එක්සත් රාජධානියේ ගුවන්සේවා බලධාරීන් ගත් මිත්‍රශීලී නොවන තීරණයක් හේතුවෙන් තමන් එම තීරණය ගත් බවය.
රුසියාවේ ජාතික ගුවන්සේවය වන එරෝෆ්ලොට් සමාගමේ ගුවන්යානා බ්‍රිතාන්‍ය යේ ගොඩබෑම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් ඊයේ (24) කටයුතු කළේය.
රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක වලට එම තීරණයද අයත්ය.
ලන්ඩනය සහ මොස්කව් අතර British Airways සමාගම සාමාන්‍යයෙන් සතියකට ගුවන්ගමන් 6ක් පමණ ක්‍රියාත්මක කළේය.
Virgin Atlantic සමාගම නිවේදනය කළේ එක්සත් රාජධානියේ සිට පාකිස්තානය සහ ඉන්දියාව වෙත සිය ගුවන් මාර්ගවල යාම යම් වෙනස්කම් සිදුකළ බවය.
ඒ හේතුවෙන් ගුවන් ගමන් කාලය වැඩිවිය හැකි බව ඔවුන් පැවසීය.
මේ අතර යුක්රේනය සිය ගුවන් සීමාව ඊයේ වසා දැමු අතර මෝල්ඩෝවා රාජ්‍ය ද එවැනිම තීරණයක් ගෙන තිබේ.
මේ අතර යුක්රේන අගනගරය වන කියුව් සිට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපය, ඊයේ සවස් කාලයේදී බෙලරුස් හි සිට පැමිණි රුසියානු යුද සේනාංක ආක්‍රමණය කිරීමට උත්සාහ කිරීමත් සමග දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් හටගනු ලැබීය.
ප්‍රදේශයේ පැවති දරුණු ගැටුම් මැද යුක්රේන පාලනයේ පැවති චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ඇතුළු ප්‍රදේශයේ බලය අවසානයේ රුසියානු හමුදාව අත්පත් කරගනු ලැබීය.
සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමට ද හේතුවක් වූ චර්නොබාල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යන්නේ 1986 වසරේදීය.
ලොව විශාලතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකුණු, එහි විකිරණ ධාරා යුක්රේනය, බෙලරුස් සහ යුරෝපයේ රටවල් රැසකට බලපෑම් එල්ල කළේය.
වසර ගණනාවක් තිස්සේ අත්හැර දමා ඇති මේ නගරයේ බලාගාර තුළ න්‍යෂ්ටික විකිරණ අපද්‍රව්‍ය ගබඩා කර ඇති අතර ගැටුම් හේතුවෙන් යළි න්‍යෂ්ටික අනතුරු සිදුවේදැයි මේ වන විටත් සැක පළවී තිබේ.
යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ උපදේශක ඇන්ටන් ජෙරෂ්චෙන්කෝ අනතුරු අඟවන්නේ යම් හෙයකින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කර ඇති පහසුකම් විනාශ වුවහොත් ඉන් පිටවන විකිරණශීලීත්වය යුක්රේනය, බෙලරුස් සහ යුරෝපා කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවය.
















































