
දූෂණයට එරෙහිව වඩාත් හොඳින් සටන් වැදීමට රටකට හැකිවන්නේ ඊට එරෙහිවීමට රටවැසියන්ට වුවමනාවක් සහ නැඹුරුවක් ඇති විටෙක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අදට (09) යෙදී ඇති "අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය" වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
දූෂණය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය රටවැසියා එය ඉවසා නොසිටීම බවද එම පණිවුඩයේ සඳහන් වේ.
දූෂණයට එරෙහි සටනේදී රටවැසියා බලගැන්වීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉහළ අවධානයක් යොමු කළේ එම හේතුව නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙයි.
එමෙන්ම නාස්තිය හා දූෂණය පිටුදැකීම සිය ආණ්ඩුවේ ප්‍රධාන වගකිමක් ලෙස සලකන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පණිවුඩයෙන් අවධාරණය කරයි.



















































