
අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට ශ්‍රි ලංකාවෙන් පිට වී ඇතැයි දැනගන්නට ලැබී තිබෙන බව රජයේ ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
කෙසේවෙතත් පොලිසිය පවසන්නේ අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඔවුන් දෙදෙනාට විදේශගතවීමට ඉඩක් නොමැති බවයි.
2013 වසරේදී ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර්බස් සමාගම අතර වූ ගනුදෙනුවකදී සිදු වූ බව පැවසෙන අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක මහත්මියට එරෙහිව චෝදනා එල්ල විය.
ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සදුදා වරෙන්තු නිකුත් කළේය.
ඒ එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර දෙනු ලැබු විමර්ශන වාර්තා සලකා බලා නීතිපතිවරයා දුන් උපදෙස් අනුවයි.
කෙසේ වෙතත් අදාළ වරෙන්තුව නිකුත් කර අදට දින දෙකක් ගතවුවද ඔවුන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදීද රජයේ ප්‍රකාශක විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙවන් අනාවරණයක් කළේය.
ඒ අනුව අද දෙරණ මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාගේන විමසූ විට ඔහු පැවසුවේ වරෙන්තු ලබා සිටින කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ සිය නිවසේ මේ වන විටත් නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති බවයි.
කෙසේ වෙතත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඔවුන් දෙදෙනාට විදේසගතවීමට ඉඩක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.





















































