header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ අත්අඩංගුවට ගන්න නියෝගයක්
Feb 03, 202004:53 PM
ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ අත්අඩංගුවට ගන්න නියෝගයක්
Mobitel 1278

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍ර‍සේන මහතා සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර් බස් සමාගම අතර ගුවන් යානා මිලට ගැනීමකදී සිදු වූ බව පැවසෙන අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වන චෝදනා මත නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් අනුවයි.

2013 වසරේදී ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර්බස් සමාගම අතර ඇතිවූ ගනුදෙනුවකදී සිදු වූ බව පැවසෙන අල්ලස් ලබා දීමක් සම්බන්ධයෙන් පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ බරපතළ මූල්‍ය වංචා සහ අල්ලස් සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන බ්‍රිතාන්‍ය කාර්යාලයක් සිදුකළ විමර්ශනයක් උපුටා දක්වමින්.

එහි පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර් බස් සමාගම අතර ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේ අතරමැදි පාර්ශ්වයක් ලෙස යම් සමාගමක් ක්‍රියා කර ඇති බවයි.

එම සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියෙකුගේ බිරිඳට අයත් බවත් එය බෘනායිහි ලියාපදිංචි කර ඇති සමාගමක් බවටත් විදෙස් වාර්තා පෙන්වා දී තිබුණි.

එම සමාගම මෙම ගුවන් යානා එයාර් බස් සමාගමෙන් මිලදී ගන්නා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බලපෑම් කර ඇති බවත් ඒ සඳහා එයාර් බස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 17ක් අදාළ සමාගමට ගෙවීමට එකඟ වී ඇති බවත් එම වාර්තාවල දැක්වුණි.

ඉන් ඩොලර් මිලියන දෙකක් එයා බස් සමාගම මගින් අතරමැදි සමාගමට ගෙවා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

ඒ අනුව අදාළ ගනුදෙනුවේදී සිදු විනැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ බලධාරීන්ට නියෝගයක්ද නිකුත් කළේය.

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මුදල් විශුද්ධිකරණ චෝදනාවට සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර දෙනු ලැබු විමර්ශන වාර්තා සළකා බැලීමෙන් පසු නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි.

නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ උපදෙස් මාලාවේ වරෙන්තු ලබා ගැනීම සඳහා හේතු වන කරුණු රැසක් සඳහන් කර ඇත.
‍
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස රාජකාරි කළ කපිල චන්ද්‍රසේන වෙත EADS HQ/SSC FRANCE යන එයාර් බස් සමාගමේ මව් සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට අයත් සිංගප්පූරු බැංකු ගිණුමකට අල්ලස් හෝ තුටු පඬුරු වශයෙන් ගෙවා ඇති බව අනාවරණ වන බව නීතිපතිවරයා එහි දන්වා ඇත.

නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මුදල් විශුද්ධිකරණ වරද කපිල චන්ද්‍රසේන විසින් සිදුකර ඇති බවත් ඔහුගේ බිරිඳ එයට අනුබල දී ඇතැයිද පෙනීයන බවයි.

ඒ අනුව කපිල චන්ද්‍රසේන සහ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අය මුදල් විශුද්ධිකරණය කිරීමේ වරදට සැකකරුවන් ලෙස නම් කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට සාධාරණ සැකයක් මතු වී ඇති බවයි නීතිපතිවරයා පවසා ඇත්තේ.

තවද කපිල චන්ද්‍රසේන යන අය අල්ලස් පනතේ ප්‍රතිපාදන යටතේද වැරදි සිදුකර ඇතැයි ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් ඊට අදාළ විමර්ශන උධෘත සහ ලේඛන අවශ්‍ය කටයුතු සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වාර්තාවක් සහිතව ඉදිරිපත් කිරීමට වහාම කටයුතු කරන ලෙස නීතිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කළේ සැකකාර කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කරන බවයි.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාගෙන් විමසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වූයේ කුමන වර්ෂයේද යන්නයි.

2016 වසරේ 08 මස 05වන දින මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇති බව විමර්ශන නිලධාරියා එහිදී පිළිතුරු ලබා දුන්නේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2011 වසරේදී ගුවන් යානා 14ක් මිලදී ගැනීම සඳහා යෝජනාවක් සම්මත වී ඇති අතර එහිදී එයාර් බස් සමාගම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වෙත කොමිස් මුදලක් ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

සිද්ධියේ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු බවත් ඇය ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයට බෘනායි රාජ්‍යයේ ලියාපදිංචි කළ " බිෂ් සොලූෂන් ඉන් " නමින් සමාගමක් ඇති අතර එම සමාගමට අයත් සිංගප්පූරුවේ ඇති බැංකු ගිණුමකට
එයාර් බස් සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් 2013 දෙසැම්බර් මස 27 වන දා යොමු කර ඇති බවයි.

එම මුදල් එම ගිණුමෙන් අවස්ථා 4කදී කපිල චන්ද්‍රෙස්න නැමැති අයට අයතු ගිණුමකට මුදල් බැර වී ඇති බව ද විමර්ශකයන් කියා සිටියේය.

එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව විමසු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා සඳහන් කළේ සැකකරුවන් අධිකරණය පැහැර හැරීම සඳහා කටයුතු කරන්නේද යන්න පිළීබඳ සාධාරණ සැකයක් මතුවන බැවින් එම ඉල්ලීම සිදුකරන බවයි.

ඒ අනුව කරුණු විමසා බැලු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ නඩු විදාන සංග්‍රහයේ 139.1 (ආ) වගන්තිය ප්‍රකාරව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අද වරෙන්තුවක් නිකුත් කළේය.

ඒ අනුව නඩුව පෙබරවාරි 11වනදා යළි කැඳවීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ