
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.
එයාර් බස් ගණුදෙනුවට අදාලව මුදල් විශුද්ධි කරන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට වරෙන්තුවක් ලබා ගන්නා ලෙසයි නීතිපති දප්පුලද ලිවේරා මහතා උපදෙස් ලබා දී ඇත්තේ.
ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රි ලංකන් ගුවන් සේවය සහඑයාර් බස් සමාගම අතර ඇතිවු ගණුදෙනුවකදී සිදුවු මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් විමර්ශන වාර්තා සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.





















































