header logo
SLIC
උණුසුම් පුවත්
කොටස් වෙළඳපොළ සූදුපොළක් කළේ ආණ්ඩුවයි
May 31, 201202:57 PM
කොටස් වෙළඳපොළ සූදුපොළක් කළේ ආණ්ඩුවයි
EDEX

ලංකාවේ කොටස් වෙළඳපොළ පිරමීඩ ජාවාරමට සමානව සූදු පොළක් බවට පත් කළේ ආණ්ඩුව විසින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඒ නිසා එහි වගකීම ආණ්ඩුව විසින් බාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටියි.

රටේ ආර්ථිකය බිඳවැටී තිබුණත් අණ්ඩු හිතවාදී මූල්‍ය ජාවාරම්කරුවන් සුළු පිරිසක් මේ සූදුවෙන් ලාභ ලබා ඇති බව ඔහු කියා සිටියේ අද කොළඹ ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

මහ බැංකුව, මහා භාණ්ඩාගාරය නිරන්තරයෙන් කීවේ අපේ ආර්ථිකය ශක්තිමත් බවයි. 8% ඉක්මවා ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන ඇති බවත් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කොටස් වෙළඳපොළ අප සතු බවත් කීවා. අද වෙනකොට කොටස් වෙළඳපොළ වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. කොටස් වෙළඳපොළ කියන්නේ දියුණු ආර්ථික මිනුම් දණ්ඩක් නෙවෙයි. සූදු පිටියක්. කිසිවක් නිෂ්පාදනය නොකර මුදල් මවමින් ලාභ ලබන කි‍්‍රයාවලියක්. මේ තුළ කොළඹ කොටස් වෙළඳපොළ වාර්තාගත අන්දමින් දියුණු වන බව පෙන්වීමට ආණ්ඩුව පිම්බීමක් කළා.

ලෝකයේ මුළු නිෂ්පාදන කි‍්‍රයාවලිය ඩොලර් ටි‍්‍රලියන 60ක් නම් එමෙන් විසි ගුණයක හුවමාරු වටිනාකමක් පෙන්වනවා. ධනේශ්වර ආර්ථිකයේ අවසානයට හේතු වී ඇත්තේ මේ වගේ මුදල් මැවීමේ කි‍්‍රයාදාමයන්. මේ තුළ ඇමරිකාව ඇතුළු බටහිර දියුණු ධනවාදී රටවල මූල්‍ය පද්ධති කඩාගෙන වැටුණා. ඇත්ත ආර්ථික වටිනාකම ඉක්මවා ගිය මිත්‍යා තත්වයක් පෙන්නුම් කිරීමේ අවසාන ප‍්‍රතිඵලය අද මුළු ධනේශ්වර ලෝකයම අත්විඳිමින් තිබෙනවා. වෙනත් ආර්ථික අවපාතවලදී සිදුවූයේ නිෂ්පාදන විකුණාගත නොහැකි අර්බුදයක් ඇතිවීමයි. අද සිදුවී තිබෙන්නේ නිෂ්පාදන විකුණාගත නොහැකි අර්බුදයක් නෙවෙයි. මූල්‍ය වෙළඳපොළ පද්ධතිය කඩා වැටීමක්. බැංකු බිඳවැටීමක්.

ආණ්ඩුව අපේ කොටස් වෙළඳපොළ වර්ධනය නිර්මාණය කළේ මහජනයා සතු සේවක අර්ථසාධක අරමුදල් යොදවා බැලූම් බෝලයක් වගේ පිම්බීමෙන්. දැන් එය කඩා වැටෙනවා. සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොළේ යෙදවීම එක පැත්තකින් නීති විරෝධීයි. ඒවා නීත්‍යානුකූලව ආයෝජනය කළ හැක්කේ රජයේ සුරැකුම්පත්වලයි. ඒ තත්ත්වයක් යටතේ කොටස් වෙළඳපොළ සූදු කෙළියට මේවා යොදා ගත්තේ කොහොමද? 2011 පෙබරවාරි මාසයේ ඒකක 7811 ඉක්මවා සමස්ත කොටස් වෙළඳපොළ දර්ශකය ඉහළ ගියා. ආණ්ඩුව කීවේ ඉතා ඉක්මනින්ම එය ඒකක 10,000 ඉක්මවා යනු ඇති බවයි. නමුත් අද වන විට ඒකක 4865 දක්වා බිඳ වැටිලා.

ආණ්ඩුව කොටස් වෙළඳපොළ ගනුදෙනුවලට මැදිහත්වීම නිසා මහජනයා අතර කොටස් වෙළඳපොළ ගනුදෙනු ගැන විශ්වාසයක් ගෙඩනැගුණා. රජයේ ආරක්‍ෂාව තිබෙන බව විශ්වාස කළා. ඒ නිසාම විශ‍්‍රාමිකයන්ගේ අරමුදල්, EPF අරමුදල්, විදේශ රැකියාවලින් ඉපැයූ මුදල් වගේ ආදායම් අඩු පොළියට බැංකුවේ තැන්පත් නොකර කොටස් වෙළඳපොළට යෙදවූවා. බැංකු පොළියට වැඩි ආදායමක් ලැබීම ඔවුන්ගේ අපේක්‍ෂාව වුණා. ඒ අනුව සමස්ත කොටස් වෙළඳපොළ ගනුදෙනුවලින් 80% ක් පමණ සුළු ආයෝජකයක් මත රඳා පවතින තත්වයට පත් වුණා. කොටස් වෙළඳපොළ බිඳ වැටීම නිසා ඒ අය අද අන්ත අසරණ තත්වයට පත් වෙලා. ඒ අතර අණ්ඩු හිතවාදී මූල්‍ය ජාවාරම්කරුවන් සුළු පිරිසක් මේ සූදුවෙන් ලාභ ලබා තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා දැන් පවසන්නේ 8.2%ක වර්ධන වේගයක් තිබුණද බරපතළ ආර්ථික අනතුරක් ඇති බවයි. වෙළඳ ශේෂයේ හිඟය දෙගුණවීම ගැන ඔහු විශ්මය පළකර තිබුණා. නමුත් 1995 පමණ සිට මුදල් අමාත්‍යංශයේ ප‍්‍රධාන ගණන් ගැනීමේ වගකිවයුත්තා වශයෙන් කටයුතු කළේ පී.බී. ජයසුන්දර මහත්මයා. මුදල් අමාත්‍යංශයේ වගකීම තාමත් දරන්නේ ඔහු. මේ තත්ත්වයක් යටතේ සමස්ත ආර්ථිකය පිළිබඳව ඔහුට අවබෝධයක් තිබුණා. දැන් විශ්මය පළකළාට වැඩක් නැහැ. රටේ සමස්ත ආර්ථික ස්ථාවරත්වයක් නැතිනම් මූල්‍ය වෙළඳපොළ රැකෙන්නේ නැහැ. බිඳ වැටෙනවා. ඇමරිකාව ඇතුළු ආර්ථික අර්බුදයට පත්ව ඇති ධනපති රටවල ආණ්ඩු මැදිහත් වී කොටස් වෙළඳපොළ පිම්බුවේ නැහැ. ඒක කළේ ව්‍යාපාරිකයන්මයි. නමුත් ලංකාවේ කොටස් වෙළඳපොළ පිරමීඩ ජාවාරමට සමානව සූදු පොළක් බවට පත් කළේ ආණ්ඩුවයි.

වැඩකරන ජනතාවගේ EPF අරමුදල් ඇතුළු රාජ්‍ය මූල්‍ය ආයතන මහජන මුදල්ද යොදා ගනිමින් ආණඩුව කොටස් වෙළඳපොළ සූදුව කරගෙන ගියා. දැන් එය බරපතළ ලෙස බිඳවැටෙමින් තිබෙනවා. මේකේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතු බව අපි අවධාරණය කරනවා. ඉතිරි කිරීමේ බැංකුවේ මහජන තැන්පත් මුදල් කොටස් වෙළඳපොළ සූදුවට යෙදීම ගැන ආණ්ඩුවේ ඇති වගකීම මොකක්ද? මේ දූෂිත ගනුදෙනුවට සම්බන්ධ වූ අයට විරුද්ධව ගනු ලබන නීත්‍යානුකූල පියවර මොනවාද? අපි මේ ගැන දැඩි විමසිල්ලෙන් පසුවෙනවා. ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඉල්ලා අස්වූ පමණින් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ජනතාව සතු මුදල් නීති විරෝධී ආකාරයෙන් දූෂිත ගනුදෙනුවලට යෙදවීමට ආණ්ඩුවට බලය දුන්නේ කවුද? මේ වගේ තත්ත්වයක් යටතේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට වෙලා තියෙන්නේ මොකක්ද? අපි මේ ඇත්ත,දූෂිත තත්ත්වය මහජනතාව අතරට ගෙනියනවා පමණක් නෙමෙයි, ඊට එරෙහිව නීතිමය වශයෙන් අපට ගතහැකි උපරිම පියවර ගැනීමට කටයුතු කරනවා.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට