header logo
SLIC
උණුසුම් පුවත්
හිටපු මලල ක්‍රීඩා ශූර W.G. ආරියසේන හදිසි අනතුරකින් දිවිසැරිය නිමා කරයි
Jun 13, 202601:29 PM
හිටපු මලල ක්‍රීඩා ශූර W.G. ආරියසේන හදිසි අනතුරකින් දිවිසැරිය නිමා කරයි
Mobitel 1278

1970 සහ 80 දශකයන්හි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට රැගෙන ගිය විශිෂ්ට දුර ධාවකයෙකු වූ විශ්‍රාමික මේජර් ඩබ්ලිව්.ජී. ආරියසේන මහතා අද (13) උදෑසන මාතලේ නගරයේ දී සිදුවූ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 74 වන වියේ පසුවූ ඒ මහතා, මෙරට ක්‍රීඩා ඉතිහාසය වෙනුවෙන් ජීවිතයේ වැඩි කාලයක් කැපකළ ක්‍රීඩකයෙක්ය. ඩබ්ලිව්.ජී. ආරියසේන මහතා ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය හමුවේ බැබළවූ කීර්තිමත් මලල ක්‍රීඩකයෙකු ලෙසද සැලකේ.

1982 වසරේ ඉන්දියාවේ පැවති 9 වන ආසියානු ක්‍රීඩා උළෙල සහ 1987 සිංගප්පූරුවේ පැවති 6 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය නියෝජනය කරමින් ඔහු මව්බිමට අභිමානයක් ළඟා කර දුන්නේය.

1980 වසරේ සිට 1989 දක්වා වසර 9ක් පුරා මීටර් 1500 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ ඔහුය.

1976 වසරේ සිට 1980 දක්වා නොකඩවා පස් වතාවක්ම ජාතික මැරතන් ශූරතාව දිනාගත් ඔහු, 1979 සිට 1984 දක්වා කාලය තුළ මීටර් 5000 සහ 10000 ඉසව්වන්හිද කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.

70 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට (ස්වේච්ඡා බළකාය) එක්වෙමින් රට වෙනුවෙන් සේවය ආරම්භ කළ ඔහු, 1980 වසරේ දී ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා නිලධාරිවරයෙක් වශයෙන් පත්වීම් ලැබීය.

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුවද නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම වෙනුවෙන් සහ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය සුවිශේෂී වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ විනිසුරුවරයෙකු මෙන්ම ජාතික තාක්ෂණික නිලධාරීවරයෙකු ලෙස වසර 35කට අධික කාලයක් ඔහු සිදුකළ අඛණ්ඩ සේවය සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයේම ගෞරවයට පාත්‍ර විය.

මාතලේ නාඋල ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව