බැංකු සේවකයින් හෙට වරුවක වර්ජනයක් අරඹයි
February 10, 2011 11:06 am
රාජ්‍ය බැංකුවලට බඳවාගත් සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සමස්ත ලංකා බැංකු සේවක සංගමය කටයුතු යොදා තිබේ.
1996 වසරෙන් පසු රාජ්‍ය බැංකුවලට බඳවාගත් සේවකයින්ගේ විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ගාමිණි රත්නසිරි මහතා සඳහන් කළේය.
මේ වන විට විශ්‍රාම වැටුප් හිමිකම නොමැති සේවකයින් 15,000 ක් පමණ සිටින බව ද ඔහු පැවසුවේය.
මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණ, සත්‍යග්‍රහ සිදුකළ ද මේ වන තෙක් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ගාමිණි රත්නසිරි මහතා ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් හෙට(11) දහවල් 12. 30 සිට ක්‍රියාත්මක වන පරිදි වරුවක වර්ජනයක් සඳහා අවතීර්ණ වීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කර සිටියේය.