Back to Top

ලිංගික ඇසුරට සමාන ලිංගිකයින්ම අවශ්‍යද?

May 2, 2017  

ලිංගික ඇසුරට සමාන ලිංගිකයින්ම අවශ්‍යද?

එක හා සමාන චර්යා රටාවකට නැඹුරු වූ සමාන සිතුම් පැතුම් සහිත එකම ලිංගයේ සමාන වයස් කාණ්ඩ වල පසුවන්නන් එදිනෙදා ජීවිතයේදී එකට එකතු වී සිටිනු අපට දැක ගත හැකිය. එහෙත් ලිංගික ජීවිතයේදී මේ ස්වභාවය වෙනස් මගක් ගනී. කායික හෝ මානසික විකෘති භාවයෙන් නොපෙලේනම්, ඔවුන් ලිංගික ජීවිතයේදී ප්‍රතිවිරුද්ධ ලිංගික ඇසුරකට ආකර්ෂණයක් දැක්වීම ස්වභාවික තත්ත්වයකි.

එහෙත් සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම ලිංගික ඇසුර සඳහාද සමාන ලිංගිකයන් වෙත යොමු වන පිරිසක් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. එසේ වීමට විවිධ පුද්ගලයන්ගේ  ලිංගික ජීවන චර්යා පසුබිම, අභ්‍යන්තරයේ විෂමතාවයන් හේතු පාදක වන බව ලිංගික මනෝ විද්‍යාඥයන්ගේ මතයයි.  වෛද්‍ය වර්තාවලට අනුව කාම උමතුවෙන් (nympho mania) පෙළෙන්නෝ කුමන ලිංගික චර්යාවකින් වත් තෘප්තියට පත් නොවෙති. ඔවුන් වැඩිදෙනා සමලිංගික සේවනයටද යොමු වී සිය කැකෑරෙන ආවේගයන් තුනී කරගනීමට මාන බලති.

සමලිංගික සේවනයට හුරු වූ එහෙත් ආන්තික කාම උම්මන්තක භාවයට පත් නොවුණු වෙනත් විකෘති චර්යාවන් අනුගමනය නොකරති. ඔවුන්ගේ තෘප්තිය සමලිංගත්වය තුළ ගිලී ඇත. සමලිංගික විවාහ තහනම් රටවල ඇතැම් ධනවත් පුද්ගලයන් නාමික වශයෙන් තම විවාහයන් පවත්වාගෙන යති. එවැනි අවස්ථාවල බිරිදි සම ලිංගික කාන්තාවක් නම් පුරුෂයා ඇයට ඒ සඳහා වෙනත් කාන්තාවක් ලාබාදේ. බිරිදගේ අනුදැනුම ඇතිව එම කාන්තාව හා පුරුෂයා අතර සාමාන්‍ය ලිංගික චර්යා පවත්වා ගනිමින් දිගටම විවාහයද පවත්වාගෙන යනු ලබයි. මේ සඳහා ඔවුන් බොහෝ විට තෝරාගනු ලබන්නේ නිවසේ මෙහෙකරුවකු හෝ මෙහෙකාරියකි.

විවිධ සමාජ ආර්ථික බලවේග හමුවේ විවාහ දිවයට පිවිසීමට පමා වන අය විශාල අසහනයකින් පෙළෙති. එවන් පුද්ගලයන් සිය සිතැඟි සපුරා ගැන්මට විකෘති ලිංගික කෘත්‍යන් වෙත හෝ සමලිංගික ඇසුර වෙත යොමුවිය හැක. එහෙත් මුදලක් ගෙවා සමලිංගික ඇසුර සොයන්නොද සිටිති. එවැන්නන් තුළ ඇත්තේ මානසික හෝ කායික අසාමාන්‍යතාවයකි.

ලිංගික බෙලහීනතාවයෙන් කලකිරී සිටින්න් හා ලිංගික බෙලහීනතාවයක් ඇතැයි මනසින් මවාගෙන සිටින පුද්ගලයින්ද හඹා යන්නේ සමලිංගක ලෝකයයි. ඇතැම් ගැහැණු පුරුෂයන්ගේද ඇතැම් පිරිමි ගැහැණුන්ගේද හැසිරීම් රටාවන් අනුකරණය කරති. මෙවැනි අය විවාහ දිවියට පිවිසුනහොත් ලිංගික ජීවිතය සර්ප විමානයක් බවට පත්වේ. එහෙත් මෙවැනි පුද්ගලයන්ගේ විවාහ දිවිය සාර්ථක ලෙස ගලාගෙන යන එක් සාධකයක් ඇත. ඒ කාන්තා හැසිරීම් රටාවකට කැමැත්තක් දක්වන පුරුෂයෙක් හා පුරුෂ හැරසිරීම් රටාවකට කැමැත්තක් දක්වන කාන්තාවක් සමග විවාහ වන අවස්ථාවයි. මෙවැනි අවස්ථාවල එම විවාහ දිවිය සාර්ථකව බාධාවකින් තොරව ඉදිරියට ගලායයි. බොහෝ විට ඔවුන් ලිංගිකව එක් වීමට පෙර පුරුෂයා කාන්තා ඇඳුම්ද, කාන්තාව පුරුශයාගේ ඇඳුම්ද ඇද ලිංගිකව එක් වන මනෝ විද්‍යාඥයන් සොයාගෙන ඇත.

MOST VIEWED VIDEO STORIES

MORE >>