Back to Top

පොහොසත් මව්පියන්ගේ අවධානය පිණිසය..

January 18, 2016  


සමාජ තුළ ජීවත් වන විවිධ ස්ථරයන්ගේ විවිධ ජන කොටස් වලට එක හා සමාන අයිතිවාසිකම් හෝ හැකියාවන් හිමි වන්නේ නැත. දුප්පත් පොහොසත් ලෙස බෙදී යන ජන කොටස් අතර දුප්පත් දරුවන් හෝ පොහොසත් ලෙස දරුවන් වර්ග වුවහොත් එය සාධාරණ වන්නේද  නැත. දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවේ. නමුත් දුප්පතෙකු ලෙස මිය යාම ඔබේ වරදක් බව බිල් ගේට්ස්  පවා පවසා ඇත. මේ කරුණු සම්බන්ධයෙන් නව අධ්‍යනයකට අනුව වැලරි එඩ්වර්ඩ්ස් පෙන්වා දෙන්නේ ධනවත් දෙමාපියන් නොමැති දරුවන් පසු කාලීනව ඔවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට පත් වන බවයි. එමෙන්ම එය ඔවුන්ගේ ඉදිරි අනාගතයේ ආදායම් තත්ත්වය මෙන්ම දියුණුවට  බලපෑ හැකි බවත්, ඔවුන් නිරන්තරව සමාජශීලී මෙන්ම, යහපත් ජීවිතයක් ගත කළ හැකි  පුද්ගලයන් වීමට වැඩි ඉඩක් ඇති බවත්ය. අපගේ පෞරුෂත්වය හා අභිලාෂයන් දැඩි වීමට අපගේ සමාජ පසුබිම විශාල වශයෙන්  සම්බන්ධකමක් ඇති බව මෙම පර්යේෂණ මගින් පෙන්වා දෙයි.


අද වන විට සියලුම දෙමාපියන් රැකියා වල නිරත වන අතර එහි ඇති කාර්යය බහුලත්වය නිසාවෙන්ම වාසි සහගත වූ නිවාස වල සිට තම කටයුතු පවත්වාගෙන යාමට ඔවුන් කටයුතු කරයි. ඒ නිසාවෙන් වැඩි ජන කොටසක් සමඟ කටයුතු කිරීමට දරුවන්ට හැකියාවක් ලැබෙත්ම ඔවුන් දැඩි කටකාර හා උද්යෝගිමත් සමාජශිලී ගති ලක්ෂණ පෙන්නුම් කරන බව කේම්බ්‍රිජ් හා කෙන්ට් විශ්වවිද්‍යාල විද්වතුන් අවධාරණය කරයි.

විවිධ හේතු නිසාවෙන් වඩා වාසි සහගත වූ පසුබිමක සිට මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර දරුවන් පිළිබඳව කතා කිරීම මෙන්ම පසු කාලීනව ශ්‍රම වෙළඳපොළ තුළ ඔවුන්ට හිමි ප්‍රතිලාභ හිමි කර දීමට, පෞරුෂත්ව ලක්ෂණ හා
අභිලාෂයන් සංවර්ධනය කිරීමට ද වැඩි වශයෙන් මෙම අධ්‍යයනයන් මගින් පෙනී සිට ඇත.
එවිට එම දරුවන්ගේ පරිකල්පනය හා බුද්ධිමය කුතුහලය ඇතුළු විවෘත භාවය ඉහළ මට්ටමකට ගෙන ඒමට ඇති 
ඉඩකඩ වැඩිය.එවැනි විශ්වාසයක් හා උද්යෝගයක් තුළ පර්යේෂණ කළ එම සටන් භාරයේ සභාපති, සර් පීටර් ලාම්ප් ප්‍රතිඵල වරප්‍රසාද නොලත් පසුබිමක සිට ශිෂ්‍ය අපේක්ෂාවන් ගොඩනඟා ඇති අතර, ඔවුන්ට කුසලතා හා ගුණාංග ලබා දීමේ වැදගත්කම මෙන්ම ඔවුන්ට රැකියා ස්ථානයක අවශ්‍යතාවයද පෙන්වා දී ඇත.


"අපේ පර්යේෂණ සමාජ හා වෙනත් හැකියාවන් හා ආදායම අතර පැහැදිලි සහ සම්බන්ධයක් ඇති බව පෙන්නුම්
කරයි. ඒ නිසා අපි එවැනි විශ්වාසයක්, අපේක්ෂාව, ඔරොත්තු දිමේ හැකියාව හා නිර්මාණශීලිත්වය ලෙස විෂය
මාලාවක් උගන්වා නොමැති වට පිටාවක වරප්‍රසාද නොලත් පසුබිමක සිටින තරුණ ජනතාවගේ වෘත්තීය අභිලාෂයන් ගොඩනැගීම හා ඒවා සාර්ථක කර ගැනීමට අවශ්‍ය  ගුණාංග පෝෂණය කළ යුතුයි"  පීටර් ලාම්ප් වැඩිදුරටත් කියා සිටියි.

බීබීසී සොයා ගැනීම් වලට අනුව එක්සත් රාජධානියේ පදිංචි 150,000ක පිරිසකින් සිදු කරන ලද පර්යේෂණයක් හරහා රැස්  කළ දත්ත විශ්ලේෂණය කිරීම මත පදනම් වූයේ  වැඩිපුර සමාජශීලී වැඩිහිටියන්ට ඉහළ වැටුප් උපයා ගැනීමට ඉඩ තිබෙන බවයි. හෘදය සාක්ෂියට එකඟව සිටින අයට ඉහළ වැටුපක් සහිත රැකියාවක් ලබා ගැනීමට 20% ක පමණ අවස්ථාවක් ඇති අතර සමස්තයක් ලෙස, සමාජශීලී වැඩිහිටි කාන්තාවන්ට පිරිමින්ට වඩා  වසරකට 40,000 කට වැඩි ඉහළ රැකියාවක් උපයා ගැනීමට 25% ක හැකියාවක් තිබේ.

´´විවිධ හේතු සඳහා වැඩි වාසි සහගත වූ පසුබිමක සිටන දරුවන් පසුව ශ්‍රම වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ ප්‍රතිලාභ,
පෞරුෂත්වය ලක්ෂණ හා අභිලාෂයන් සංවර්ධනය කිරීමට වැඩි බවක් පෙනී යයි. අඩු ආදායම් පසුබිමක සිටින
දරුවනගේ මානසික ආතතිය හා අස්ථාවරත්වය අත්දැකීමට වැඩි ඉඩක් තිබෙන බවත් ඒ සඳහා බොහෝ දෑ හේතු වනු ඇත ´´ හෙතෙම පෙන්වාදෙයි.


මෙම අධ්‍යයනය තුළින් පාසල් කුසලතා, සමාජ කුසලතා, රැකියා කුසලතා හා සම්මුඛ සාකච්ඡාවන් යන ක්‍රමවේදයන් තුළ තරුණ ප්‍රජාවට පුහුණුව ලබා දීමත්, පාසල් ශිෂ්‍ය කටයුතු වැඩි දියුණු කිරීම සඳහා හොඳ ප්‍රතිචාර භාවිතා කළ යුතු බවත්, වෘත්තීය ජීවිතය පිළිබඳ දැනුම හා දුප්පත් තරුණයන් වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කළ යුතු බවත් යෝජනා කරයි.

කෙන්ට් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කතෘ ආචාර්ය රොබට් ද වැරිස් මෙහිදී කියා සිටියේ ´අපි එක්සත් රාජධානියේත්,
බොහෝ වෙනත් රටවල වරප්‍රසාද සහිතව පාසල් වඩා හොඳ ශ්‍රේණියකට ගෙන ඒම සඳහා නායකත්වය දීමට කටයුතු
කරන බවත්, එය වඩා හොඳ සාර්ථක අවස්ථාවක් බවත්ය.

´එහෙත්, අප සමාලෝචනයේ පෙර පර්යේෂණ තුළ පෞර්ෂත්වය සහ වෘත්තීය අභිලාෂයන් වැනි අනධ්‍යයන සාධක
පැමිණෙන විට වඩා යහපත් පසුබිමක සිට එම තත්ත්වයේ වාසියක් ඇති බව බීබීසී පුවත් සේවය බිග් පෞරුෂ ටෙස්ට්
දත්ත විශ්ලේෂණය  මගින් පෙන්වා දෙයි.´‍
අධ්‍යාපන ලේකම් නිකී මෝගන් මීට පෙර එවැනි අධිෂ්ඨානයක් හා විශ්වාසයක් ලෙස ඉගෙනීමේ ගති ලක්ෂණ හොඳ ප්‍රතිඵල ලබා ගැනීමක් මෙන්ම විභාගය නව යොවුන් වියේදී කිරීම එක හා සමානව වැදගත් බව ද යෝජනා කර ඇත.

ඩේවිඩ් කැමරන් පෙන්වා දෙන්නේ ´ වැඩි බලාපොරොත්තු ඉහළින්ම තිබීම හා කුතුහලය, අවංකකම, වීර්යය සහ
සේවා වැනි චරිත ගුණාංග ඉගැන්වීම සම්බන්ධයෙන් නව පාසල් වලට ප්‍රශංසා කළ යුතු බවයි.



Mailonline වෙත වැලරි එඩ්වර්ඩ්ස් ලියූ ලිපියක් ඇසුරිණි.



MOST VIEWED VIDEO STORIES

MORE >>