
අමෙරිකාව සමග 2024දී අත්සන් කරන ලද නව ආයුධ ගිවිසුම් තුනෙන් එකක් 2025 අවසානය වනවිට අමෙරිකාව සිය රටට ලබාදෙන බව තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
චීනය විසින් තායිවාන් සමුද්‍ර සන්ධියේ නිතර සිදුකරන හමුදා ක්‍රියාකාරකම් සැලකිල්ලට ගෙන මේ හරහා තායිවානයේ ගුවන් ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීමට හැකි වෙතැයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.



















































