
ලෙබනයේ අගනුවර වන බීරූට්හී දකුණු තදාසන්න ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාරයකින් හිස්බුල්ලා ප්‍රධානී අණදෙන නිලධාරියෙකු ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ බලකොටුවක් වන ඩාහියෙහි වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇති බවය.
හිස්බුල්ලා ප්‍රධානී ෆුවාඩ් ෂුකර් ඉලක්ක කර ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් මෙම ප්‍රහාරය සිදුකළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.
සිය පාලනය යටතේ පවතින ගෝලාන් කඳුකරයට රොකට් ප්‍රහාරයක් එල්ල කර ළමුන් ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකු ඝාතනය කිරීමේ වගකීම හිස්බුල්ලා සංවිධානය භාරගත යුතු බව ඊශ්‍රායලය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් හිස්බුල්ලා සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.





















































