ගාසා තීරයේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 16ක් මරුට
සයුරෙන් එතෙර

ගාසා තීරයේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 16ක් මරුට

July 7, 2024   08:54 am

ගාසා තීරයේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.

එම ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සරණාගත කඳවුරක් පිහිටි පාසලක් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

එම පාසල තුළ පුද්ගලයින් 7,000ක් පමණ රැඳී සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැඩි වශයෙන් පවතින ප්‍රදේශයක් වෙත එම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවය.