
තමා අග්‍රාමාත්‍ය ධුරයට පත්විමෙන් අනතුරුව හිරු රූපවාහිනි ආයතනයට සම්මුඛ සාකච්ජාවක් ලබාදීම සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ආයතනය විසින් සිදුකරන චෝදනාත්මක මතවාදයන් සඳහා පරික්ෂණයක් සිදු කරනමෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමෙන්තුවේදි කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව තමන්ට මෙවැනි චෝදනා එල්ල කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු මෙන්ම අගමැතිවරයා ලෙස තමාගේ රාජකාරි හා වගකීම්වලට බාධා පමුණුවන්නට උත්සාහ කිරීම සිය අයිතීන් හා වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් ලෙස ද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ(04) ප්‍රකාශ කළේය.
එවැන්නක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඒ මහතා කියා සිටියේය.
එසේම දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහිව එල්ලවි ඇති චෝදනා වලින් ඔහුව ආරක්ෂා කිරිම සඳහා තමන් ඩීල් එකක් දමා ඇති බවට හැඟෙවෙන ආකාරයෙන් කටයුතු කිරීමට පසුගියදා සිරස රූපවාහිනිය මගින් විකාශනයවු සටන වැඩසටහනේදි එක් ප්‍රශ්න විචාරකයෙක් කටයුතු කළ බවත්, තමා කිසි දිනක අපරාධකරුවන් ආරක්ෂා නොකරන බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදි තමන්ගෙන් රූපවාහිනි ආයතන සම්මුඛ සාකච්ඡා ඉල්ලා තිබු බවත්, හිරු ටී.වී. ආයතනය ,ස්වර්ණවාහිනී ආයතනය සහ ටී.එන්.එල් ආයතන එම අනුපිළිවෙළ වන බවත්, සිරස රූපවාහිනිය තමන්ගෙන් මේ දක්වා සම්මුඛ සාකචිජාවක් නොඉල්ලා ඇති බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.
තවද තත්ත්වය එසේ තිබියදී හිරු ටී.වී වෙත සම්මුඛ සාකච්ඡාව ලබාදීම ඩීල් එකක ප්‍රතිඵලයක් ලෙස පෙන්වාදීම සාධාරණ නොමැති බවත්, විද්‍යුත් මාධ්‍ය අතර තරඟකාරිත්වයක් පවතින බැවින් එක් නාලිකාවකට වඩා ඉදිරියෙන් සිටීමට අනෙක් නාලිකා උත්සාහ දරන බවත් එවැනි උත්සාහයකට රටේ අගමැතිවරයා ඈදා ගැනීම , අගමැතිවරයා වෙත අසාධාරණ හා පදනම් විරහිත චෝදනා නැගීම පිළිගැනීමට නොහැකි බවද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
සිරස රූපවාහීනිය අයිති වන්නේ මහරාජා ආයතනයට බවත්, මීට පෙර මහරාජා ආයතන වලට චෝදනා තියෙද්දිද පවා තමා සිරස රූපවාහිනියේ වැඩසටහන් වලට ගොස් ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.
එසේම නීතිය ඉදිරියේ තිබෙන කටයුතුවලට තමන් බලපෑමක් එල්ල නොකරන බව එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළ අතර නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් හැමවිටම පෙනී සිටින බවද අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.


















































