
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනාධිපති උපදේශකවරයෙකු වූ භාරත ලක්ෂන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතා ඇතුළු 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
අයුතු ජන රාශිය,මිනී මැරීම,මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම,මිනී මැරීමට අනුබල දීම ඇතුළු කරුණු 18 ක් යටතේ මෙලෙස අධි චෝදනා ගොනුකළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
2010 ඔක්තෝම්බර් 08 වන දින ඒවන විට පැවති පළාත්පාලන මැතිවරණය අතරතුරදී කොළොන්නාව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකදී භාරත ලක්ෂ්මන් මහතා ජීවිතක්ෂයට පත්විය.
ඒ සම්බන්ධයෙන් පැවති නඩුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සාක්ෂි ලබාගැනීම අද (03) දිනයේද සිදුවූ අතර එහිදී දීර්ඝ ලෙස සාක්ෂි ලබාගැනීමෙන් ඉක්බිතිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කරනු ලදුව නීතිපතිවරයාට දැනුම්දී ඇත.
ඒ අනුව නීතිපතිවරයා විසින් දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර තිබේ.


















































