header logo
SLIC
උණුසුම් පුවත්
බුද්ධගයා බෝම්බ ප්‍රහාරයට සැක පුද්ගලයෙක් අල්ලයි
Jul 08, 201308:33 AM
බුද්ධගයා බෝම්බ ප්‍රහාරයට සැක පුද්ගලයෙක් අල්ලයි
EDEX

බුද්ධගයාවේ මහාබෝධි විහාර පරිශ්‍රයේ සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ත්‍රස්ත සාමාජිකයෙකු පිළිබඳ සැක පළ වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ පස්වරුවේ කොල්කටා හිදී අත්අඩංගුවට ගත් ඉන්දියානු මුජහිදීන් නැමැති ත්‍රස්ත සංවිධානයේ අන්වර් හුසේන් මුල්ලික් නැමැත්තා අදාළ ප්‍රහාරයට සම්බන්ධයක් ඇත්ද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වාදෙයි.

කොල්කටා හි බස්නැවතුම්පළක දී පුපුරණ ද්‍රව්‍ය සහ ව්‍යාජ ඉන්දීය මුදල් නෝට්ටු සමඟ මොහු ඉන්දීය විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වන දින දක්වා පොලිස් රැඳවුම් භාරයේ තැබීමට නියෝග කර ඇත.

ඉන්දීය පොලීසිය පවසන්නේ මහාබෝධි විහාර පරිශ්‍රයට ඊයේ පෙරවරුවේ එල්ලවූ බෝම්බ ප්‍රහාරයට මෙම සැකකරුගේ සම්බන්ධයක් ඇත්ද යන්න පිළිබඳ සොයා බැලීම සදහා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවයි.

බිහාර් ප්‍රාන්තයේ මහාබෝධි විහාර පරිශ්‍රයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවෙන් විදේශ ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු තවත් පුද්ගලයෙකු තුවාල ලැබීය.

එරට පොලීසිය සදහන් කළේ මහාබෝධි විහාර පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ පිපිරීම් 09ක් සිදුව ඇති බවයි.

අනතුරුව සිදුකළ සෝදිසි කිරීම්වල දී පුපුරා නොගිය තවත් බෝම්බ 03ක් පොලීසිය විසින් සොයාගනු ලැබීය.

මේ අතර බුද්ධගයා මහාබෝධි විහාර පරිශ්‍රයට මහජනතාවට ඇතුළුවීම තාවකාලිකව නතර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අදාළ පිපිරීම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව බිහාර් ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියා පවසයි.

කෙසේ වෙතත් මහාබෝධි විහාරයට පහරදීමේ තැතක් පිළිබඳව බුද්ධි අංශ අනතුරු අඟවා තිබියදීත් එය වැළැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට සහ බිහාර් ප්‍රාන්ත රජයට භාරතීය ජනතා පක්ෂය චෝදනා එල්ල කරයි.

එම පක්ෂය පෙන්වා දෙන්නේ අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් පූජණීය ස්ථානයකට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට නොහැකි වීම ගැන බිහාර් ප්‍රාන්ත රජයත්, මධ්‍යම රජයත් වඟකිව යුතු බවයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ මහාබෝධි පරිශ්‍රයේ පිහිටි සී.සී.ටී. කැමරාවල දත්ත පරීක්ෂා කිරීමේ කටයුතු අනතුරුව ආරම්භ කර ඇත.

අදාළ පරීක්ෂණ සඳහා විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් 02ක් යොදවා ඇති බව ඉන්දීය පොලීසිය කියයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට