
අද ඉන්දියාවේ බුද්ධගයාවේ සිදුවු ඛේදවාචකය හා සමාන විපතක වේදනාව අති පූජනීය දළදා මාළිගය සහ ශ්‍රී මහා බෝධින් වහන්සේ එදා ත‍්‍රස්තවාදීන්ගේ කූරිරු ප‍්‍රහාරයට ලක් වු විට ශ්‍රී ලංකාව වින්ද බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ බුද්ධගයා සිද්ධාස්ථානයේ අද (07) සිදු වු බෝම්බ පිපුරුම හෙළාදකිමින් ජනපති විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන්ය.
එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පිහිටි අති පුජනීය හා වන්දනීය බුද්ධගයා සිද්ධස්ථාන පරිශ‍්‍රයේ සිදුවු පිපිරිම් මා හෙළාදකිනුයේ සාතිශය සංවේගයෙනි. බුද්ධගයාව ලොවතුරා බෞද්ධයන්ගේ පමණක් නොව සාමයට ලැදි සියලූ මනුෂ්‍යයන්ගේ ඉමහත් ගෞරවයට පාත‍්‍රවු සිද්ධස්ථානයක් බව නිසැකය.
වසර ගණනාවකට පෙර අති පුජනීය හා වන්දනීය දළදා මාලිගය සහ ශ්‍රී මහා බෝධින් වහන්සේ ත‍්‍රස්තවාදීන්ගේ කූරිරු ප‍්‍රහාරයට ලක් වු විට ශ්‍රී ලංකාවද සමාන විපතක වේදනාව අත් වින්දේය. ශ්‍රී ලංකා රජය සහ ජනතාව මේ බරපතළ ඛේදවාචකයේ දී ඉන්දීය රජයට සහ ජනතාවට පුර්ණ සහය පළ කර සිටිති.
පිපුරුම් නිසා තුවාල ලැබුවනට ඉක්මන් සුවය ලැබේවායි ද බෞද්ධයන්ට සහ සෙසු වන්දනාකරුවන්ට පෙර මෙන් සිය ආගමික වතාවත් ඉටුකළ හැකි වන පරිදි මේ අති පුජ්‍ය සිද්ධස්ථානය ඉක්මනින් යථාතත්ත්වයට පත් කිරීමට හැකිවේවායි ද අපි ප‍්‍රාර්ථනා කරමු.
සාමය හා සමගිය අගයන සමාජයක් ගොඩනැගීමට අපට අවශ්‍ය නම් සියලූ ආගම්වලට සහ ආගමික සිද්ධස්ථාන වලට ගරු කළ යුතුය. කුමන හෝ ආගමික සිද්ධස්ථානයක් කෙළෙසන හා විනාශ කරන කඩාකප්පල්කාරී කි‍්‍රයා මුළුමනින් හෙළා දැකිය යුතුය.
ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරගත් සියලූ විනාශකාරි කි‍්‍රයා මුලිනුපුටා ගැනීමට සෑම ආගමකටම අයත් සාමලැදි සියලූ මනුෂ්‍යයන් එකට අත්වැල් බැඳ ගත යුතුය.
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ජනාධිපති.



















































