
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම ප්රකාශයට පත් කර තිබේ.
ක්රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, විරාන් චමුදිත විසිනි.
සෙනුජ වැකුණගොඩ ශ්රී ලංකා යොවුන් කණ්ඩායමේ උප නායකත්වය හිමිව ඇත.
රෙහාන් පිරීස්, කිත්ම විදානපතිරණ, ගිම්හාන රසාංජන, සනුල් වීරරත්න, චනිරු සෙනරත්, ලිත්ම පෙරේරා, විග්නේෂ්වරන් ආකාශ්, සෙත්මික සෙනෙවිරත්න, ලතේන්ද්ර ආකාශ්, හිමිරු දේශාන්, ස්ටෙවෝන් පිරීස් සහ කෞෂික කුමාරසිංහ මෙම සංචිතයට ඇතුළත් සෙසු ක්රීඩකයින් වේ.
මෙම එක්දින ක්රිකට් තරගාවලිය නොවැම්බර් මස 05 වැනිදා සිට 11 වැනිදා දක්වා ඕමානයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ආසියානු තරගාවලියට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම ලබන දෙවැනිදා ඕමානය බලා පිටත්වයාමට නියමිතය.



















































