
පිලිපීනයේ ගුවන් හමුදා පුහුණුවක් අතරතුර සිදු වූ අනතුරකින් ගුවන් හමුදා නියමුවන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පුහුණුවට සහභාගී වූ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදේශ මාධ්ය වාර්තා කළේය.
පිලිපීන ගුවන් හමුදා කඳවුරක් ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද එරට බලධාරීන් සඳහන් කර සිටී.
කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමඟ එම ගුවන් හමුදා පුහුණු වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.



















































