
සෞදි අරාබියේ පිහිටි සෞදි අරාම්කෝ (Saudi Aramco) සමාගමට අයත් ෂෙයිබා (Shaybah) තෙල් නිධිය ඉලක්ක කර ගනිමින් යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම එල්ල කළ ඩ්රෝන ප්රහාරයක් ව්යර්ථ කිරීමට සෞදි ගුවන් ආරක්ෂක පද්ධති සමත්වී තිබේ.
කෙසේ වෙතත්, ගුවන් ආරක්ෂක පද්ධති මගින් ඩ්රෝන යානය විනාශ කිරීමත් සමග ඒ මතින් ඇද වැටුණු සුන්බුන් හේතුවෙන් විදේශීය ශ්රමිකයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි බලශක්ති අමාත්යාංශය නිල වශයෙන් තහවුරු කළේය.
මියගිය අය පිලිපීන සහ නේපාල ජාතිකයින් දෙදෙනෙකු බව විදෙස් වාර්තා පවසයි.


















































