
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම්වලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අද (21) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අවසන් කෙරුණි.
මෙම නඩුකරවලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන සිකුරාදාට පෙර ගොනු කරන ලෙස අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කර තිබේ.
ඉන් පසුව මෙම පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමුකිරීමට නියමිතය.


















































