
බෙලීස් රාජ්යයේ විදේශ අමාත්යවරයාට එරෙහිව චීනය විසින් පනවන ලද සම්බාධක සිදු නොකළ යුතුව තිබූ, සාධාරණීකරණය කළ නොහැකි, වැරදි සහ නීතිවිරෝධී පියවරක් බව බෙලීස් අග්රාමාත්ය John Briceño ප්රකාශ කරයි.
එමෙන්ම මෙම පියවර හේතුවෙන් තායිවානයට සහාය දැක්වීම සඳහා බෙලීස් රාජ්යය තුළ ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් වන බවද අග්රාමාත්යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
ජාත්යන්තර මූල්ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා බැංකොක් හි රැඳීසිටින අතරතුර මාධ්ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් එරට අගමැතිවරයා මෙම අදහස් පළ කර ඇත.
බෙලීස් විදේශ අමාත්ය Francis Fonseca ට එරෙහිව සම්බාධක පැනවීමට බීජිං පාලනය ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් එරට අගමැතිවරයා කියා සිටියේ, චීනය මෙවැනි ස්ථාවරයක් ගැනීම පිළිබඳව දැඩි ලෙස කණගාටුවට සහ කලකිරීමට පත්වන බවය.
චීන විදේශ කටයුතු අමාත්යාංශය විසින් ඉකුත් සඳුදා නිවේදනය කළේ, බෙලීස් විදේශ අමාත්යවරයාට සහ පැරගුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්යවරයාට එරෙහිව මෙලෙස සම්බාධක පනවා ඇති බවය.


















































